Skip to main content

ගොසිප් නිව්ස් වලින් යටි සිත සන්තර්පනය කිරීම


 අත්‍යාවශ්‍ය දේට වඩා අනවශ්‍යදේ පිළිබද  ඕනෑවට වඩා ජනතා අවධානය යොමු කිරීම, කතා කිරීම, සංවාද කිරීම රටක ජාතියක අනාගතය සහ ඵලදායීතාව නැති කරන ප‍්‍රධාන කරුණකි. මෑත කාලයේ සියඵම ජනමාධ්‍ය එකිනෙකා පරයා යෑමට මේ වාචාල ප‍්‍රවෘත්ති දඩයමේ යාම සුලභව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ සිටි කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත‍්‍රීපාල, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැන්නවුන් මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් භාවිතා කල භාෂා කෞෂල්‍යය සහ ඔවුන්ගේ හ`ඩ පාලනය ප‍්‍රවෘත්තියක ඇති වටිනාකම හා සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය මැනවින් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන ලෙස ප‍්‍රකාශ කලහ. මොවුන් කිසි විටක වෙනත් භාෂාවක වචන කථනය සදහා යොදා ගත්තේද නැත.  වැරදීමකින් හෝ වෙනත් භාෂාවක් හෝ දෝෂයක් සිදු වුවහොත් එකල සිටි නිවේදකයින් හට නිදහසට කරුණු විමසීමක් හා නිතර වැරදීම් සිදු කරන්නේ නම් ඔවුන් එම කටයුත්තෙන් ඉවත් කිරීමටද බලධාරීහු කටයුතු කලහ. 
පසු කාලීනව එෆ්.එම්. නාලිකා ආරම්භයත් සමග ප‍්‍රවෘත්තියෙන් රටට ඇති වටිනා කමට වඩා එම ප‍්‍රවෘත්තිය පල කිරීමෙන් මෙම නාලිකාවන්ට ලැබෙන ආර්ථික ලාභය හෝ තම දේශපාලන හෝ වෙනත් පටු අභිමථාර්තයන් ඉටු කර ගැනීමෙන් ඇති වන වාසිය ගැනම පමණක් සිතීමට පෙලඹී තිබේ. වසර 30කට පෙර ඉරිදා පුවත් පතක පිටු 24ක් පමණ විය. එහි ඇති හරවවත් ලිපි කියවීමට දින දෙක තුනක් පමණ ගත විය. අද ඉරිදා පුවත් පතක බර කිලෝ ග්?ම් ගණනකි. එහි වෙළද දැන්වීම් හැරුන කොට කියවීමට ඇත්තේ විනාඩි ගණනක තොරතුරුය.
අද මාධ්‍යයේ සාකච්ඡුා වන්නේ එල්ලූම් ගස අවශ්‍යද යන්නය. නමුත් සිදු විය යූත්තේ නීතිය හරි හැටි කි‍්‍රයාත්මක වීමය. නීතිය ක‍්‍රියාත්මක නොවන රටක එල්ලූම් ගස ක‍්‍රියාත්මක වුවහොත් අසරනයින් කොපමනක් එල්ලා මරාවිද? මේ මාධ්‍ය රැුල්ල අද ජීවිත බිලි ගන්නා මාෆියාවක් වී ඇතත් එයට එරෙහි වීමට දේශපාලන බලඅධිකාරියටද නොහැකි වී තිබේ.  ඒ දේශපාලකයාගේ අනාගතයද තීරණය කිරීම ඡුන්දදායකයා වෙනුවට මාධ්‍යකරුවා පැහැර ගැනීම නිසාය. 
අද පුවත් පතක් යනු ලේ ගංගාවකි. විෂමාචාර, අපචාර, මිත්‍යා විශ්වාස වපුරන සශ‍්‍රීක හේනකි. උදෑසන ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ පුවත් පතකින් උදෑසන අප අසන්නේ කියවන්නේ කුමක්ද? 
සිත සැනසෙන ගත පුබුදන වදනක්...... නැත.
ඔබේ සිතට අවශ්‍ය වන්නේ ප‍්‍රචන්ඩත්වයද, සෞභ්‍යාග්‍යයද? ඔබ වපුරන දේ ඔබට අස්වැන්නක් ලෙස ලැබේවි. ඔබ ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් හෝ පුවත් පතකින් හිමිදිරියේ ඔබේ නිවුන මනසට ඇතුලත් කරගන්නේ අසහනකාරී වැඩකට නැති තොරතුරු නම් ඒවා ඔබේ මනස ප‍්‍රතික්ෂේප කරනු ඇත. නමුත් ඔබ අකමැති යයි කීවද ඔබේ මනස කොටස් තුනකින් සමන්විත වන නිසා Id,ego,super ego ඉන් ප‍්‍රචන්ඩත්වයට ආසා කරන ඔබේ id දල සිත මෙය රස විදීමට රුචියක් ඇති කරනු ඇත. මේ නිසා සමහර අය මේ කටයුතු වලට විරුද්ධ ලෙස තව කෙනෙකු හා කතා කරමින් යටි සිත සන්තර්පනය කරුනු ඇත. කාර්යාල විවේකාගාර වල කාන්තාවන් සිටින ස්ථාන වල ලිංගික අපරාධ ගැන වැඩියෙන් කතා බහ කරන්නේ මෙවැනි පුද්ගලයින්ය. මෙය මුලදී රෝගී තත්වයක් නොවුනත් පසු කාලීනව රෝගී තත්වයක් බවටද පත්විීමට  පුඵවන. මෙසේ තම සිත විකෘති කර ගන්නා පුද්ගලයා තව කිහිප දෙදෙකුගේ මනසද ව්‍යාකූල කරයි.


මෙවැනි අශුභවාදී සිතුවිලි යටි සිතේ දරාගෙන තම දෛනික කටයුතු ආරම්භ කරන පුද්ගලයෝ තමාට නොදැදුනත් යම් මානසික ව්‍යාකූල තත්වයකින් පීඩනයකින් තමන් ලද තොරතුරු පිළිබ`ද ආවර්ජනය කරමින් තම කටයුතු කිරීම නිසා තමන්ගේ දෛනික කටයුතුද වෛරී ස්වභාවයකින් හා නොරිස්සුම් ස්වභාවයකින්  සිදුකිරීම නිසා අන් අය අතරද අප‍්‍රසාදයට පත් වේ. මෙසේ කාලයක් ගත වෙත්ම මෙවැනි තොරතුරු නිතර ඇසීමටත්, එවැනි අදහස් ඇත්තවුන් සම`ග ඇසුරටත් ඇති වන කැමැත්ත නිසා පසු කාලීනව මෙම පුද්ගලයෝ විවිධ මානසික ගැට`ඵ ඇත්තන් බවටද පත් විය හැක. මේ තත්වයට පත්වන අයටද නැවතත් මාධ්‍යයේ වෙළ`ද පලක් නිර්මානය කර ඇත. ඒ විවිධ වර්ණ රෙදි පොරවාගත් පූජකයින් ලෙස පෙනී සිටිමින් විවිධ ශාන්ති කර්ම, හක්ගෙඩි, යන්ත‍්‍ර මන්ත‍්‍ර, පුද පූජා කරනා කූට වෙළදුන්ය. මේ අයට මුදල් ගෙවා කරන වෙළ`ද වැඩ සටහනක් නොවන ආකාරයට මෙම කටයුත්ත ප‍්‍රචාරය කිරීමට ඉඩ සලසා දීමට පුවත්පත් සහ විද්්‍යුත් මාධ්‍ය ඉතා සූක්ෂම ලෙස කටයුතු යොදා ඇත. හෙට දිනයේ ඔබේ පුතා, දුව යහ`ඵවා, යෙහෙලිය එසේත් නැතහොත් ඔබේම අනාගතය මේ මාධ්‍ය දඩයම් කරුවන් විසින් විනාශ කරනු ඇත. එතෙක් නොසිට ඔබ කල යුත්තේ කුමක්ද? හැකිතාක් මෙවැනි මාධ්‍ය ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කරන්න. අර්ථාන්විත පොත් ස`ගරා කියවීමට තම දරුවන් සගයින් හුරු කරන්න. තමන්ගේ කාර්යාලයේ නිවසේ කුඩා පුස්තකාලයක් සකසා ගන්න. මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා වූ පත පොතින් රාක්ක පුරවා ගන්න. එම පුස්තකාලයේ මාටින් වික‍්‍රමසිංහ, ජී.බී. සේනානායක, ආචාර්ය ගුනපාල මලලසේකර, මුනිදාස කුමාරතුංග, ඬේවිඞ් කරුණාරත්න, බඹරැුන්දේ සිරිසීවලී හිමි වැනි ප‍්‍රාඥයින් පදිංචි කරවා ගන්න. මොවුන්ගේ පත පොත පරිශීලන කරන විට මා මුලින් ස`දහන් කල ඔබේ මනසේ ඇති id නම් වූ දල සිතෙහි ඇති තරමක් පාලනයෙන් තොරව ඇතිවන සිතුවිලි අවම වී ego අහම්භාවය යථාර්ථවාදීවද super ego  සුපිරි අහම්භාවය නම් සදාචාරාත්මක විවේචනාත්මකව ඇති වන සිතුුවිලි වලින් id අවමව ක‍්‍රියාත්මක වී super ego නිතැතින්ම තම අනසක පතුුරුවනු ඇත. ඉන් ප‍්‍රදර්ශනය වන්නේ තම සිතේ තැන්පත් ප‍්‍රවේගකාරී සිතුවිලි යටපත් කර පුද්ගලයාගේ අධ්‍යාපන, සමාජීය තත්වය පවුල් පරිසරයට මුල් තැන දීමයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් හැගීමට වඩා බුද්ධියෙන් කටයුතු කිරීමට පෙළඹේ.




සමාජයක මූලාරම්භය පවුල් කුටුම්භයෙන් ආරම්භ වන නිසා යහපත් ශිෂ්ඨ සමාජයක් රටක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයක් ඇති යුගයක ඔබටත් ඒ සදහා ප‍්‍රායෝගිකව දායකවීම ඇති පහසුම ක‍්‍රියාමාර්ගය නම් සමාජයට දොස් නොපවරා තමන්ගේ නිවසින්, කාර්යාලයෙන් මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමයි. එවිට සමාජයේ ඇති විෂමකාරී ක‍්‍රියාවන් අපට සෘජුව වෙනස් කල නොහැකි වුවත් ඒවාට ප‍්‍රඥාවෙන් මුහුණ දී කටයුතු කිරීමෙන් අපට ඇති වන ගැට`ඵ අවම කොට අන් අයටද ආදර්ශයක් විය හැක. ඊට අමතරව සුන්දර නිවසක දිවි ගෙවීමේ භාග්‍යයද ඔබට හිමි වනු ඇත. (20/10/2015)

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...