Search This Blog

Wednesday, November 20, 2013

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් පරිපූර්ණ නොවනතාක් කොපමණ මුදල් ආයෝජනය කලද රටක් සංවර්ධනය කල නොහැක. ජනතාවට සුවපහසු යාන වාහන, මාග_ පද්ධති, සෞඛ්‍ය සේවා සැපයුවද ඒවා පවත්වා ගෙන යාම වෙනුවට ඒවා අනිසි අයුරින් භාවිතයට වැරදි ආකල්ප නිසා පොලඹවයි. රජයක් ජනතාවගේ සුභ සාධනය ස`දහා යොදවන රුපියල් බිලියන් ගණන ජනතාව වෙත පැමිනෙන විට සත ගණනට පත් වන්නේ මේ නිසාය. රජයක් තම ජනතාවගේ යහපැවැත්ම ස`දහා වෙන් කරනු ලබන යාන වාහන, මිළ මුදලින් තම පරිභෝජනය ස`දහා විශාල කොටසක් නිල බලය යොදවා වෙන් කර ගන්නේද මේ නිසාය.
එක්තරා දැනුවත් කිරීමේ දේශනයක් ස`දහා මා හට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට දින ගණනාවක් එක්තරා  දෙපාර්තමේත්තුවකට විද්්‍යුත් තැපැල්, දුරකතන ඇමතුම්ගණනාවක් දීමට සිදු විය. එහෙත් අවශ්‍ය කාරනය ඉටු නොවිය . එම විෂයබාර නිලධාරිනිය හැම විටම කාර්ය බහුල බවක් පෙන්වීය. භාෂා විලාසයේද නම්‍යශීලී බවක් නොවීය. මෙම වාර්තා රටේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් බවත්, ඒ ස`දහා ඇයට වෘත්තීමය වගකීමක් ඇති බවත් ඇය යැපෙන්නේ ජනතා බදු මුදලින් බවට ඇයට අවබෝධ වී තිබූ බවක් පෙණෙන්නට නොතිබුනි. පසුව සොයා බැලීමේදී පෙනී ගියේ එවැනි වාර්තා එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. නමුත් විවිධ උත්සව, ප‍්‍රදර්ශන ස`දහා  ඕනෑ තරම් කාලය සහ මිල මුදල් යාන වාහන එම දෙපාර්තමේන්තුව සතුව ඇත. මෙයට හේතුව  ඕනෑම රාජ්‍ය ආයතනයක් රටේ දැක්ම හා මෙහෙවරට අනුව තම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ දැක්ම හා මෙහෙවර නිර්මානය කරයි. එම දැක්ම හා මෙහෙවරට අනුව ක‍්‍රියා කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති නොකිරීම හෝ එයට නොපෙලඹීම තුල තම තමන්ගේ පෞද්ගලික දැක්මට අනුව ක‍්‍රියා කිරීමට ඔවුන් පෙලඹේ. එක් පුද්ගලයෙකුගේ වැරදි ආකල්ප නිසා සමහර විට රටකට වුවද ඉන් හානියක් සිදු විය හැක.

මේ තවත් උදාහරණයකි. අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව ජාතික පුවත් පතක පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට පිළිතුරු දෙන වගකිව යුතු ආයතනය පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා වීමේ වැඩි වීමකි. වෙනත් අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරනය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. තමාට හිමිව ඇති රාජකාරිය හරි හැටි ඉටු නොකොට, සංඛ්‍යාලේඛන වලට විවිධ සාවද්‍ය අර්ථකතන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අවශ්‍ය වේ. මෙයට නිදසුනක් ලෙස පරාජය කල නොහැකි ලෝකයේ ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවාධානය ලෙස නම් දරා සිටි දශක තුනක් තිස්සේ රටේ ආර්ථිකය විනාශ කරමින්, සිවිල් ජනතාව ඝාතනය කල එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර තුනක් වැනි කෙටි කලකින් ශ‍්‍රී ලංකා හමුදාව අතින් පරාජය වීමයි. එදා ජාත්‍යන්තරය පැතිරූ ආකල්පය වන පරාජය කල නොහැකි ලෝකයේ අංක එකේ ත‍්‍රස්තවාදී සංවිධානය යන සංකල්පය ශ‍්‍රී ලංකා හමුදාවන්ද පිලි ගත්තේ නම් මේ වන විටද යුද්ධය පැවතෙනු ඇත. එදා ජාත්‍යන්තරය පැවසූ ලොව ප‍්‍රබලතම ත‍්‍රස්තවාදී සංවිධාන එල්.ටී.ටී.ඊ සංවිධානය නම් එය පරාජය කල අප ශ‍්‍රී ලංකා හමුදාව අද ලොව අංක එකේ රාජ්‍ය හමුදාව බවට ජාත්‍යන්තරයද පිළිගත යුතුය. එවැනි ප‍්‍රකාශයන්ගෙන් තම රාජ්‍යයන්ට හිමිවන අවමානය නිසා ජයග‍්‍රහනයට සුභ පැතීම වෙනුවට ජයග‍්‍රහනයේ අභිමානය නැති කිරීමට වෙනත් ප‍්‍රකාශ, ක‍්‍රියා මාග_ ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. මෙය රටක, ජාතියක පැවැත්ම නොපැවැත්ම උදෙසා ඇති කරනු ලබන ආකල්ප වෙනසකි.
වෙනත් රටවල් ආකල්පමය වෙනසක් ඇති කරන්නේ තම රට හෝ ජාතිය ගොඩනගා ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවට රටේ ජාතියේ පැවැත්ම පසෙකලා තමාගේ පැවැත්ම උදෙසා යම් ප‍්‍රකාශ කිරීමෙන් රටේ ආකල්ප වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් අප රටේ දකින්නට ඇත. වගකිව යුතු නිලධාරියෙකු යම් ප‍්‍රකාශයක් කල විට එය විවිධ මාධ්‍යන් තුලින් ප‍්‍රසිද්ධියට පත්වේ. එම`ගින් එම කරුණු සිවිල් ජනතාව අතර සාකච්ඡුාවට හා විශ්වාසයට බ`දුන් වේ. එම වගකිව යුත්තා ප‍්‍රකාශයක් සිදුකල විට එහි සත්‍ය අසත්‍යතාවය මැන බැලීමකින් තොරව මාධ්‍ය ප‍්‍රසිද්ධිය ලබා ම සාමාන්‍ය  ස්වභාවයයි. එයට හේතුව මාධ්‍යය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ගරුත්වය කෙරෙහි තබන විශ්වාසයයි. එම විශ්වාසය බි`ද දැමෙන ප‍්‍රකාශ රටක අනාගතයට තර්ජනයකි. මෙවැන පුද්ගලයින් ස`දහා ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. මක්නිසාදයත් ආකල්ප මැනීම ස`දහා (නිවැරදි*මිණුම් ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නොමැති නිසාත් ආකල්ප නිසා සිදුවන සමාජ අපගමනය එකවර සමාජයට නොපෙණෙන නිසාත්ය.
මෙම ආකල්ප වෙනස ඇති කිරීමට විවිධ ක‍්‍රම ඇත. ලංකාවේද විශාල පිරිවැයක් දරා කෑම බීම සහිතව සීත කල දේශන ශාලාවක ”ධනාත්මක චින්තන” ශැි ෂ ජ්බ ාද ”ආකල්ප වෙනසක් ඇති කිරීම” ”සිතුවිල්ලේ බලය” යන මැයෙන් කන්ඩායමක් රැුස්කොට පවත්වන එක් දින දේශන සම්ප‍්‍රදායක් ඇත. මෙයද මුලාවකි. එක් දිනකින් ආකල්පමය වෙනසක් කිරීමට නොහැක. කල හැක්කේ හ`දුන්වා දීමකි. මෙය නිවැරදිව කිරීම ස`දහා දින ගණනාවක වැඩ සටහනක් පසු විපරම්ද සහිතව යම්කිසි නිෂ්චිත කාල සීමාවක් තුල සිදු විය යුතුය. එසේ නොවන වැඩ සටහන් තුලින් ධනාත්මකව බල ගැන්වෙන්නේ වන්නේත් ආර්ථිකව ශක්තිමත් වන්නේද බොහෝවිට දේශකයාගේ පමණි. මෙවැනි ව්‍යාපාරික කන්ඩායම් ලංකාවේ අසරන ජනතතාව නොමග යවමින්  ජාවාරම් කරති.

තවත් ප‍්‍රවෘත්තියකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන ලිංගික අතවර පැමිණිලි වලින් වාර්තා වන්නේ සියයට දෙකක් බව ස`දහන් වේ. සෞඛ්‍ය සේවයේ එක් ස්ථානයක මළ පවාහන ටැංකියක උපත් පාලන කොපු 5000ක් පමණ මළ නාළිකාවක හිරවී ඉවත් කර ඇති බවට ඒ අතර ප‍්‍රවෘත්තියක් පල විය. දැනට ලිංගික අතවර පැමිණිලි වාර්තා වන්නේ සියයට දෙකක් නම්  ඉහත ස`දහන් ප‍්‍රකාශය වන ”ජනතාව දැනුවත් වීම ප‍්‍රමාණවත් නොමැති යුගයේ” සිදුවූ ලිංගික අතවර කොපනන දැයි අපට සිතා ගත හැක. එය එදා ජනගහනයට වඩා සිදු වී ඇත. මෙවැනි ප‍්‍රකාශ ජාතික අපරාධයකි.

එසේම නීතියේ ඇති යම් යම් දුර්වලතා නැති කිරීමට ඇප පනත සංශෝධනය කිරීමටත් නව යෝජනාද ඉදිරිපත් කොට ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නීතිය බලාත්මක කිරීම කඩිනමින් සකස් වේ යයි එම අධිකාරියේ සභාපතිනිය 2012 වසරේදී පවසා ඇත. එයද ධනාත්මත පිලිතුරකි. නමුත් 2013 වසරේදී හෝ මෙම ධනාත්මක ප‍්‍රකාශ යථාර්තයක් බවට පත්වී නැති නම් ඒ සිය`ඵ ප‍්‍රකාශ නිශේධනාත්මක වී ඇත. එසේම එම ප‍්‍රකාශ තුලින් රටට සිදුවූ යහපතක්ද නැත. මේ උනුසුම මැකී යාමට පෙර ගාල්ල අම්බලන්ගොඩ ජනප‍්‍රිය පාසලක ශිෂ්‍යභට පුහුණු භාර ගුරුවරයා එම පාලසේම පිරිමි දරුවන් 7 දෙනෙකු බරපතල අපයෝජනයකට ගොදුරු වූ බව දැනගැන්මට හැකි විය. එයද ජනතාව දැනුවත් කිරීම නිසා සිදුවූවක් බව මිස මීට පෙරද මෙවැනි තත්ව සිදු වන්නට ඇති මුත් සන්නිවේදන දුර්වලතාව නිසා ජනතාව දැනුවත් නොවී තිබෙන්නට ඇතැයි කෙනෙකුට පැවසිය හැක. තවද අතීතයේ සන්නිවේදන ක‍්‍රමයට සාප කරමින් නූතන සන්නිවේදනයේ ප‍්‍රබලත්වය පිළිබ`දව උදම් ඇනිය හැක. මේවා කොතරම් සාධාරණිය කරමින් සුදු හුනු ගෑවද ජාතියක පිරිහීමට වගකිව යුතු වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවට දෙස් දෙවොල් නගමින් ඔවුනොවුන්ද නිර්දෝශී වී ඇත.
    2013  පෙබරවාරි මස ජා-ඇල ප‍්‍රදේශයේ 7 වන ශ්‍රේණියේ දරුවකු රූපවාහිනිය අ`ඵත්වැඩියා නොකිරීම නිසා ගෙල වැලලා සිය දිවි හානි කර ගත්හ. නාවල විශ්ව විද්‍යාලයේ නීති අංශ ප‍්‍රධානියකට ශිෂ්‍යයෙක් පිහියෙන් අනින්නේ ව්‍යාපෘති වාර්ථාවක බාර නොගැනීම නිසාය. ශිෂ්‍යයා වෛද්‍යවරයෙකි. අධ්‍යාපනයට බයවී විශ්ව විද්‍යාල සිසුවිය පස් මහලින් බිමට පනී. දුව සියදිවි හානි කරගත් විට අම්මා වාහනයකට පැන දිවි නසා ගනී. අතවර පැමිනිල්ලකට පොලීසියට පැමිනි කතකට පොලීසියේ 4 දෙනෙකුගෙන් අතවර. කුරුණෑගල දොස්තරගෙන් හෙදි සිසු වියට අතවර. දිසා විනිසුරු අල්ලස් ගෙන රිමාන්ඞ්.  දොස්තර  ඕනෑ එපා තැන් අතගාලා.  පොලිස් නිලධාරීන් 3දෙනෙක් යතුරු පැදියේ ගොස් මරුට. මේවාට සම්බන්ධ චරිත එදා වේල සොයා ගෙන කන නූගත් ජන කොට්ඨාශ නොවේ. එසේම සු`ඵ සිද්ධියකට උගතුන් පවා ඉච්ඡුාභංගත්වයට පත්වන්නේ නම් එය රටේ පවතින ක‍්‍රමයේ මොනයම් හෝ වරදකි. මේ වරදට පිළියම් සොයන්නේ කවුරුන්ද?

No comments:

Post a Comment