මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව ස`දහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් නෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබ`ද ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබු‚. ඒ ස`දහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ ස`දහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබ`ද මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්¨මට සාපේක්ෂකව උපදේශන විෂයය හැ...