Search This Blog

Saturday, September 23, 2023

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව ස`දහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් නෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබ`ද ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබු‚. ඒ ස`දහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ ස`දහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබ`ද මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්¨මට සාපේක්ෂකව උපදේශන විෂයය හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපනික ආයතන ලංකාව තුල නොතිබූුනි. තවද විෂය පිළිබ`ද පළපුරුදු කතිකාචාර්යවරුන්ගේ හිඟය දැඩි ලෙස බලපෑ නිසා පෞද්ගලික ආයතන එදා ලහිලහියේ ආරම්භ කළ මෙම පාඨමාලාවන්ට ක්‍රමවත් විෂයය නිර්දේශයක් හෝ රාජ්‍ය නියාමනයක් නොතිබිනි. 

කෙසේ වෙතත් එදා ආරම්භ කල උපදේශන පාඨමාලා අද වන විට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි දක්වා විකාශනය වී ඇත. මෙම වකවානුව සමඟ බොහෝ ආයතන වල මානව සම්පත් කළමණාකරන අංශ වල උපදේශන සේවාව ස`දහා නව රැකියා වෙළ`දපලක් බිහිවීම නිසා තරුණ ප්‍රජාවේද තරඟකාරිත්වය වැඩි විය. 

මෙම අධ්‍යාපනික පිපාසයට සමගාමීව එදා තිබුණ සීමිත අධ්‍යාපනික ආයතන වෙනුවට විශාල දෙස් විදෙස් ආයතන ගණනාවක තරඟකාරිත්වය මත අධික මිළ අයකර ගුණාත්මකබව, ප්‍රමිතිය ගැන සැකයක් ඇති කරන සහතික නිකුත් කරන තරගයක් ඇති විය. අද වන විට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවී ගියද පශ්චාත් යුද සමය, කෝවිඩ්19 වසංගතය, ආර්ථීක අර්බූදය ජනතා අරගලයක් දක්වා වර්ධනය වී ඇති අවස්ථාවක මේ ස`දහා මුහුණ දීමට උපදේශන වෘත්තිකයන්ගේ දැනුම, ආකල්ප, කුසලතා, ආචාර දර්ම නියාමනය කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවයට කාලය එළඹ ඇත. 

අතීතයේ තිබුණ සමාජ පරිසරය ක්ෂනිකව බොහෝ විපර්යාස වලට භාජනය වීම නිසා ජනතාව මිනිසත්කම දෙවනුකොට මුදල ප්‍රධාන කර ආදායම් ඉපයීමේ ක්‍රියාවලියක නිරත වීමට පටන් ගෙන ඇත. දශක හතරක පමණ සිට සිදුවුන ආර්ථීක පෙරලියත්, සීඝ්‍ර භෞතික සංවර්ධනයත් ඒ සමඟම ඇරඹුන තරඟකාරී ජීවන රටාවත් නිසා හානිවන මානසික සංවර්ධනය ප්‍රවර්ධනයට සෙවීමක් බැලීමක් මනෝ විද්‍යාත්මක ඇසින් රාජ්‍ය අංශ වලින් සිදුවීම මන්දගාමී බවක් පෙන්වයි. 

මේ මන්දගාමී ස්වභාවය ගැන විද්‍යාත්මක විග්‍රහයක් කලහොත්  මානසික රෝගයකට හේතුවන ප්‍රධාන හේතූන් අතර ජානමය හැරුණු විට ආර්ථීක, සමාජීය, දේශපාලනික, ආගමික හේතු ඇති බවට සොයාගෙන ඇත. මේ අනුව බලන විට ලංකාවේ දේශපාලනික අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසා රටේ වෙළ`දපල ආර්ථීකය කඩා වැටීම තුල වෙළ`ද ප්‍රජාව ජනතාව තලාපෙලා හැසිරුන ආකාරයත්, එය දරා ගැනීමට නොහැකිවූ ජනතාව වීදිබැස කෝලාහල කිරීමත් එයට දේශපාලන ප්‍රචන්ඩත්වය එකතු වීමත් දකින්නට ලැබු‚ි. එයට අවිහිංසාවෙන් සාමය, මෛත්‍රිය පතුරුවන ආගම් වල පූජකයින් ප්‍රචන්ඩත්වයට නායකත්වය දෙමින් පෙරමුන ගති. එසේ කරන්නන් සාන්තුවරයන් මු‚වරයන් ලෙස පිලිගැනීම ආගමික දර්ශනය අමතක කොට තම දේශපාලන මතයට ප්‍රමුඛත්වය දීමට ජනතාවද පෙළඹී ඇත. පූජකයින් ආගමික සාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් බැහැරව රෝග සුව කිරීම්, විවිධ ඇදහිලි පූජාවන් මඟින් ජනතාව ආගමික විකෘතියකට ගෙනයාම ජනතා චින්තනය තවත් උග්‍ර පසු බෑමකට ලක්වූන බව පෙන්වා දිය හැක. 

ජනතාවට ඇතිවන පරිසරයේ සහ වත්මන් සමාජීය වටපිටාවේ බලපෑම ඇල්බට් බන්දූරාගේ සමාජ ඉගෙනුම්වාදී මනෝ විද්‍යාවට අනුව පරිසරයේ තිඛෙන ආකෘති අනුකරණය කිරීම චර්යාවක් බවට පත්වන බව පෙන්වා දී ඇත. එසේම එම චර්යාවන්ට ලැඛෙන ධනාත්මක ප්‍රතිචාර අනුව එය නැවත නැවත කිරීමටත් පුද්ගලයා පෙළඹෙන බවත් පෙන්වා දී ඇත. මේවන විට එදා වැඩිහිටියන් ආරම්භකල අරගලයට මාධ්‍ය වල දුන් ප්‍රසිද්ධිය, ධනාත්මක ප්‍රතිචාර නිසා අද වැඩිහිටියන් කුඩා ලදරුවන් රැගෙන පෙළපාලි වලට සහභාගිවීම දක්නට ඇත. වැඩිහිටියන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම දරුවන් බියෙන් සැලී අ`ඩා වැටෙන දර්ශන මාධ්‍ය තුලින් ලොවට පෙන්වද්දී ලමා හිමිකම් සංවිධාන, ලමා අපයෝජනය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන මුනිවත රැකීමත් එම සේවාවන්ගේ අඩුපාඩු සොයා බැලීමට ඇති වගකිවයුත්තන් කිසිවකුගේ ප්‍රශ්ණ කිරීමකට ඇස නොගැටීම රටේ සමස්ත යාන්ත්‍රනයම පිරිහී ඇති බව සිතීමට ප්‍රමාණවත් සාධකයකි. එසේම දරුවන් රැගෙන කලහකාරී ස්ථාන වලට දරුවන් රැගෙනයාම සාධාරŒය කරන අවස්ථා සමාජ මාධ්‍ය ජාලා වල වැඩියෙන් දකින්නට ඇත. එවැනි සාධාරŒ කරණයක් සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් හෝ විශAව විද්‍යාල මට්ටමින් පර්යේෂනය කර ඇත්නම් එම ප්‍රකාශයන් ගැන විශ්වාසයක් තැබීමට පු`ඵවන.

ඊට සාපේක්ෂව ලංකාවේ දැනට ජනතාවට ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය වන වැඩසටහන් වලින් දෙන නිශේධනාත්මක  පූර්වාදර්ශ ජනතාවගේ මානසිකත්වයට කෙරෙන බලපෑම ගැන වෙනමම සාකච්ඡා කල යුතුය. නිරතුරුව ඇතිවන සමාජ ගැට`ඵද ප්‍රචාරණය සිදු කරන ආකාරය අනුවද සමාජයේ වර්ධනය වන දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවයන් නිසා ඇති වන කාංසාමය :Aබංසැඑහ- තත්වය දිගු කාලීනව පැවතීමෙන් විවිධ මානසික රෝග දක්වාම පැතිරයාම සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වූවන් මනාව දන්නා කරුණකි. නමුත් ඒ ස`දහා වසර ගණනාවක සිට මේ දක්වාත් රටේ සැලසුම් සකස් කරමින් මිස ක්‍රියාත්මක වී ඇති වැඩසටහනක් මානසික උපදේශනයට අදාල ආයතන වලින් පෙනෙන්නට නැත. මෙම ලිපිය සකසන අවස්ථාවේදීද විශේෂඥ මානසික වෛද්‍යවරුන්ගේ හිඟයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති බවටත් මානසික රෝගීන්ගේ වැඩි වීමක් පිළිබ`දවද වාර්තා වේ.

රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සහ රටේ මානසික රෝග වර්ධනයට එරෙහිව තීන්දු තීරණ ගතයුතු වෘත්තිකයන්ගේ මන්දගාමී බව අද සමාජයේ පවතින විනාශකාරී හැසිරීමට මූලික හේතුවකි. ඒවාට සොයා බලා මනෝ විද්‍යාත්මක ඇගයීමක් ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම අත්‍යව්‍යය. 

එසේම තවත් මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකට අනුව අනුන්ගේ අත්දැකීම් නිරතුරුව සංවේදී වීමෙන් තමන්ද එවැනි තත්වයකට පත්ව ඇතැයි යන සිදුවීම මනසේ ප්‍රථීනිර්මාණය වන බව පෙන්වා දී ඇත. එසේ නම් පුවත්පත් වලින් එක මනුෂ්‍ය ඝාතනයක්, ප්‍රචන්ඩ සිදුවීමක් එක එක ආකාරයෙන් නැවත නැවතත් ප්‍රකාශනය වීමද, රූපවාහිනිය මඟින් කුරිරු ඝාතන, සමාජ විෂම ක්‍රියා පරිගනක ආශ්‍රයෙන් පන ගන්වා :Aබසප්එසදබ- රසවත්ව ප්‍රචාරය කිරීම රටේ ප්‍රචන්ඩත්වයට දිරිදීමක් ධනාත්මක වර්ධනයක් සාමාන්‍යකරණයක් සිදුවන බවද පෙන්වා දිය හැක. 

රටේ අනාගතය වන දරු පරපුරට යහපත් මානසික සෞඛ්‍යයකින් යුතුව අද රටේ අධ්‍යාපනය තබා කායික සෞඛ්‍ය පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාරපාන හිඟ වීම නිසා ජීවත්වීමේ අවධානමක් ඇතිබව පෙනී යයි. මෑත කාලයේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සියදිවි නසාගෙන අනෙක් තරුණයා මේවන විටත් මානසික පීඩනය නිසා ලිපියක් තබා අතුරුදහන්ව ඇත. මනෝ විද්‍යාව හදාරන්නන්ටද තම මනෝභාවයන් පාලනය කර ගැනීමට නොහැකි නම් එA උගත්කමින් රටට ඵලදායී සේවාවක් බලාපොරොත්තු විය හැකිද? එසේ වීමට හේතූන් ලෙස මා දකින්නේ ඒබ්‍රහම් මාස්ලෝගේ මානව අභිප්‍රේරණ පිළිබ`ද න්‍යායට :ඵ්රිකද.ි ්‍යස්ර්ජයහ- අනුව මිනිස් වර්ධනයේදී මූලික අවශ්‍යතාවයන් අතර පිළිවෙලිින් ආහාර, ඇ`දුම් පැල`දුම්, හිසට වහලක්, ප්‍රමාණවත් නින්දක්ද දෙවනුව ආරක්ෂාව, ආදරය වැනි අවශ්‍යතාවයන් පූර්ණ කොට ධූරාවලියේ යට සිට ඉහළට ගමන් කරමින් සම්මානනීය අවශ්‍යතා සපුරා ගත යුතය. එහෙත් වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව නිසා තරුණ පරපුර ධූරාවලියේ මූලික අවශ්‍යතාවන්් පූර්ණ නොකොට ඉහල ජීවන රටාවක් අපේක්ෂාවෙන් ධුරාවලියේ දෙවන පියවරෙන් ආරම්භයක් ගෙන ඉන්පසුව මූලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට යාමදැයි අනුමාන කල හැක. එය වත්මන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ වරදකට වඩා කාලීනව වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයේ සහ රටේ ආර්ථීක ක්‍රමයේ වැරැද්දක් විය හැකිය. තවද විශ්ව විද්‍යාල වල සිදුවෙන නවක වදය වැනි දරුණු හිංසනයන්ද තරුණයන්ගේ අසහනය, පීඩාව වැඩි කරන පෞරුෂය බි`ද දමන සංධිස්ථාන වේ. ඊටත් අමතරව පාරේ සිදුවන බිහිසුන මිනී මැරුම්, සු`ඵ සිද්ධියකට පවා කපා කොටා ගැනීම්, මිනී මැරුම්ද අසන්නට දකින්නට ඇත. මෙවැනි වාර්තා අද නොව හෙටද අපට වැඩි වැඩියෙන් දැකීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. පුවත් වාර්තාකරණයේදීද අවසාන ප්‍රතිඵලයට ප්‍රසිද්ධියක් දීම හැර එම සිද්ධියට බලපෑ හේතූන් සොයා බලා ජනතාව දැනුවත් කිරීමක් සිදු නොකරයි. විස`දුම් නොසොයයි. එසේම මනෝ විද්‍යාඥයින් මෙම සිදුවීම් විමර්ශනය කොට රජයට කරුණු යෝජනා විස`දුම් නිර්දේශ ඉදිරිපත් කිරීමක්ද දක්නට නැත.

ඉහත කරුණු ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මාතෘකාවේ හරයට අත්වැලක් ලෙසය. දැන් අප පෙන්වා දුන් විද්‍යාත්මක පසුබිම සහ රටේ සාමාජ අපගමනයට වත්මන් ආගමික, ආර්ථීක, සමාජීය, දේශපාලනික ක්‍රියාවන්ගෙන් ඇති වන බලපෑම විග්‍රහ කරමු. 

2003 වසරේ සිට මේ දක්වා ඇතිවූ ස්වභාවික හා මිනිසා විසින් ඇති කල ව්‍යවසන වලින් ඇතිවන මානසික තත්වයන්ට සාපේක්ෂව ජනතාවට මනෝ සමාජීය සහනය සපයන්නට බලයේ සිටි රජයයන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද යන්න සොයා බලමු. අප මුලින් සාකච්ඡා කල කඩිමුඩියේ රජයේ නියාමනයෙන් තොර විෂයය නිර්දේශය වසර විස්සක පටන් අදටත් පවතී නම් මනෝ විද්‍යා උපදේශන වෘත්තිකයන්ගේ ගුණාත්මක බවට, උගත්කමට වගකීමක් දියහැකි ආයතනයකුත් නැතිනම් සේවාදායකයාගේ ඉරණම කෙබ`දු විය හැකිද? තවද මානසික උපදේශනය වෘත්තියක් ලෙස තවමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නැත. ඒ නිසා මෙම මානසික උපදේශනයට සෘජුව වගකියන රාජ්‍ය ආයතනයක් මේ වන විටත් නොමැත. සෞඛ්‍ය සහ සමාජ සේවාවට අදාලව රටේ කිසිදු ආයතනයක අදවන විටත් ලංකාවේ උපදේශනය ස`දහා උපදේශනවරුන් සිටින සංඛ්‍යාව, උපදේශන ස`දහා ඇති නිරවද්‍ය ලියාපදිංචි අධ්‍යාපනික ආයතන සංඛ්‍යාව, උපදේශන සංගම් පිළිබ`ද සංඛ්‍යා ලේඛනයක් :ෘ්ඒ ඊ්ිැ- සොයා ගැනීමට හෝ එම දත්ත රැස් කිරීමට උත්සාහයක්වත් ගෙන නැත. මේ ගැන විමසීමට අදාල විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට එක් ආයතනයකින් තවත් ආයතනයක හෝ වෙනත් අංශයක දුරකතන අංකයක් ලබාදීම හැර අවසානයේ ක්‍රියා විරහිත දුරකතන අංකයකින් උත්සාහය අවසන් වේ. එහෙයින් මානසික සෞඛ්‍ය සහ උපදේශනය වෙනුවෙන් රාජ්‍ය, ජනමාධ්‍ය, උපදේශන සේවාවට අදාල සෑම කේෂAත්‍රයකම මීට වඩා උනන්දුවක් නොදක්වයි නම් රට අපගාමී තත්වයකට පත්වීමත් ඉදිරි අනාගත පරපුර ප්‍රචන්ඩත්වයෙන් ගැට`ඵ වලට පිළිතුරු සෙවීමට සන්නද්ධවීම නොවැලැක් විය හැක.     (10.10.2022)



No comments:

Post a Comment