Search This Blog

Wednesday, February 27, 2013

52 වාට්ටුව


   කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කරුණු ලබන රෝගියෙකු පසුව වැඩිදුර ප‍්‍රථිකාර ස`දහා යොමු කරන වාට්ටුවකි 52 වාට්ටුව. එහි සිදුවන ශෙෘ්චනීය සත්‍ය සිදුවීම් පිළිබ`දව සිටි දෙනා හැර වැඩි දෙනා නොදත් කරුණු කිහිපයක් පිළිබ`දව හදිසියකදී කවරෙකුට හෝ එහි යාමට පෙර දැනගත යුතුය. එවිට අසූචි නරකාදියක්වන් සේවාවක සිට පෞද්ගලික රෝහලක සුවය වි`දගැන්මට ඔිනෑම අයෙකුට හැකිවනු ඇත.

    මෙම වාට්ටුව භාර ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වසන්ත පෙරේරා මහතාය. ඊට අමතරව තවත් වෛද්‍ය මඩුල්ලකගේ සහයද ඔහුට හිමි වී තිබේ. මෙම ලිපිය ලිවීමට හේතුපාදක වූ කරුණු මෙසේය. 2012 ඔක්තෝබර් මාසයේ දිනක ජාතික රෝහලේ හදිසි අනතුරකට පත්ව රෝහල් ගත කල වයස අවුරුදු 19ක තරුණයකු දින දෙකක් කෑම හෝ වතුරවත් නොදී නිරාහාරව සැත්කම පමා කරමින් ශල්‍යාගාරයේ එක් දිනක් පැය 12ක්ද අනෙක් දිනයේද සවස 2 සිට අ`ඵයම තුන වන තෙක් ශල්‍යාගාරයේ ට්‍රොලියක් මත තබා සිටිමින් අවසානයේ සැත්කම සිදු නොකොට බෙහෙත් පමණක් දමා සැත්කම කරන තෙක් 52 වාට්ටුව වෙත යොමු කරණු ලැබීය.
    පසුව මෙම 52 වාට්ටුවට පැමිණි පසු එහි සිටින සාත්තු සේවකයන්ගෙන් (උපස්ථායකයන්* බහුතරය තම සේවාව ගැන හීනමානයකින් පෙලෙනු ලබන බව දක්නට විය. රෝගියෙකු වැසිකිලි යාමට උදව් ඉල්ලූ විට එය මගේ කාර්යය නොවේ, එසේත් නොමැතිනම් ටිකක් හවස් වෙනකම් ඉවසා ගෙන ඉන්න, උදේත් එක පාරක් වැසිකිලි ගියා නේද? යනුවෙන් පවසා මග හරිනු ලබයි. විශේෂ වරප‍්‍රසාද අහිමි ආර්ථික අගහි`ගකම් ඇත්තන්ට හෙදකම හැර වෙදකම, උපස්ථාන පහසුකම ඇත්තේම නැත.  මෙහි උපස්ථායකයින් රෝගීන්ට සලකන්නේ තමන් වැටුපක් නොලබා ගරු   සේවයේ පිහිටා කටයුතු කරන්නන් ලෙස හා ප‍්‍රථිකාර ස`දහා පැමිණෙන්නන්ද කිසිවක් කර කියා ගත නොහැකි යාචකයන්ට මෙනි. 
    එහෙත් මේ උපස්ථායකයින් තෝරාගත් සමහර රෝගීන්ට රාජකාරී වේලාවෙන් පසුවද උදව් උපකාර කිරීම අසරන රෝගීන්ට හිත් රිදවන්නකි. මෙම උපස්ථායකයින්ගෙන් දෙදෙනෙකු පමණ තම රාජකාරිය හරි හැටි ඉටු කලද, එම සේවක මහතුන්ට අනෙක් උපස්ථායකයින් විසින් රාජකාරියට බාධා කරුනු දැකිය හැකි විය. මේ උපස්ථායකයන් ලවා රෝගියෙකු රෝද පුටුවෙන් වැසිකිලි ගෙන යාමට බොහෝ විට සංතෝසමක් අතමිට මෙලවිය යුතුය. එමනිසා බොහෝ අවස්ථාවල රෝගීන් විසින් තවත් රෝගියෙකු වැසිකිලි වෙත ගෙන යාමද සිදුවේ. එසේත් නොමැතිනම්  රෝගීන් බලන කාල සීමාවේදී තම කටයුතු පැමිණ සිටින්නන්ගේ මාර්ගයෙන් එම කටයුතු කරවා ගත යුතුය. මෙය තත්වය නිතර රෝහලේ දැකිය හැකි සුලභ දර්ශනයක් නිසා වාට්ටුව බාර හෙදියන්ට සහ වෛද්‍යවරුන්ට මෙම අපවාදයෙන් මිදීමට නොහැක. තවද මු`ඵ වාට්ටුවටම ඇත්තේ වැසිකිලියට යාහැකි එක් රෝද පුටුවක් පමණි. එම රෝද පුටුවද කැඩුනු පසු එය සාදා දීමට රෝහලේ 52 වාට්ටුවේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය තාවයක් නැත. රෝගීන්ගේ පී. ඕ.පී. නිසා නැමිය නොහැකි කකුල් තබා ගැනීමට ලෑලි පටියක අධාරකයක් රෝගියකු විසින්ම සකසා ගෙන තිබුණි. එම රෝගියාට මෙම උපස්ථායකයින් විසින් වෙන අයෙකුට එම ලෑලි කැබැල්ල නොදෙන ලෙස තර්ජනය කර තිබූ අවස්ථාද ඇත. පසුව එම ලෑලි කැබැල්ල දෙකට බි`දදා තිබුණි. මෙසේ මෙම වාට්ටුවේ පරිපාලනය අවුල් සහගත තත්වයට පත්වීමට හේතුව නම් ප‍්‍රධාන පරිපාලනය හිමි වෛද්‍යවරයාගේ නොසැලකිල්ලයි. ඒ ස`දහා  ඕනෑ තරම් උදාහරන සැපයිය හැක.
    වෛද්‍යවරයා ඉතා අඩු කාලයක් වාට්ටුවේ ගත කිරීම, වෛද්‍යවරුන් නොසැලිකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා රෝගීන්ගේ එක්ස්රේ මාරු කර ඖෂධ නියම කිරීම, එක් රෝගියෙකුගේ එක්ස්රේ බලා (පී. ඕ.පී.* එය වැරදී ඇති බැවින් නැවත දැමිය යුතු බවට පවසා දින තුනකට පසු ඔහු පදිංචි ආසන්න ප‍්‍රදේශයේ රෝහලෙන් ප‍්‍රථිකාර ගැනීමට උපදෙස් දී ටිකට් කපා ගෙදර යවා ඇත. තවද හෙදියන්ගේ  නොසැලකිල්ල නිසා එන්නත් මාරු කොට වෙනත් රෝගීන්ට ලබා දුන් අවස්ථාද ඇත.  වාසනාවකට සිය`ඵ රෝගීන් අනතුරු වලට ලක්වූවන් නිසාවෙන් ඔවුන්ගේ ජීවිත වලට සිදු වන හානිය අඩුය.  රාත‍්‍රී කාලයේ රූපවාහිනී ටෙලි නාට්‍ය බැලීම නිසා වෛද්‍ය ප‍්‍රථිකාර අමතකවීම්ද සිදුවන බව රෝගීන්ගේ මතයයි. එක් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුගේ ටිකට් කපා රෝහලෙන් යාමට නිර්දේශ කලපසු අනෙක් වෛද්‍යවරයා රෝගියා පරීක්ෂාවට බදුන් කොට  එම නිර්දේශය අවලංගු කිරීමෙන් පෙනෙන්නේ වෛද්‍යවරුන් අතරද රෝගීන් පිළිබ`දව සාකච්ඡුා කිරීමට වේලාවක් නොමැති බවයි. මේ වෛද්‍යවරුන් වාට්ටුවේ ගත කරන කාල සීමාවේදී ඉතා හදිසි බවක් පෙන්නුම් කරනුයේ ඔවුන්ට මීට වඩා චැනල් සේවාව ස`දහා අවශ්‍යතාවය නිසාද විමට පු`ඵවන. සමහර රෝගීන් ශල්‍යකර්මයක් ස`දහා ශල්‍යාගාරය වෙත රැුගෙන ගොස් කාලය නොමැති බව පවසා ශල්‍යකර්මය තවත් දින ගණනාවකින්  පමා කොට, දෙවන අවස්ථාවේද ශල්‍යකර්මය නොකොට නැවතත් වාට්ටුව වෙත හරවා එවා ඇත.  මේ වාට්ටුවේ මෙවැනි සිදුවීම්  ඕනෑ තරම් දැකිය හැක. එවිට මෙම රෝගීන් කරන්නාවූ සාපයෙන් නම් මෙම කාර්ය මන්ඩලයට කිසිදා මිදීමට නොහැක.
    මෙසේ රෝගියකු වෙනුවෙන් එක් දිනක් ස`දහා ශ‍්‍රී ලංකා රජය යොදන මුදලට සාපේක්ෂව රටට අහිමි වන ධනස්කන්දයට වගකියන්නේ සැමවිට වර්ජනයට සහ රජයට ගර්ජනය කරන, රෝගීන් බිල්ලට තබා තමන්ගේ සුඛෝපභෝගී ජීවිත ස`දහා වැටුප් වැඩි කර ගන්නා වෛද්‍යවරු නොව මේ රටේ පුරවැසියන්ගේ බදු මුදල්ය. එය එසේ වුවද රෝගියෙකු කිසිදු පමාවකින් තොරව පලමු වරටම, උදෑසන පලමු ශල්‍යකර්මය කරවා ගෙන ඇත්තේ රුපියල් හයදහසක අල්ලසක් දීමෙන් බව කටකතා පැතුරුනි. රෝහලේ සැත්කම් ස`දහා අවශ්‍ය ප්ලේට් නොමැති බව පවසා පෞද්ගලික ආයතනයකට රුපියල් 20,000කට ආසන්න මුදලක් ගෙවන ලෙස තවත් රෝගියෙකුට පවසා තිබුණි. මෙහි ශළ්‍යකර්ම ප‍්‍රමුඛතා ලයිස්තුව සකස් කරන්නේ කුමන පදනමක් අනුවද? එම ලේඛනයට අනුව කටයුතු සිදුවන්නේදැයි අධීක්ෂනය වන්නේ නම් මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා ගත හැකි වනු ඇත. මෙම සැකයට හේතුව සමහර රෝගීන්ට වෛද්‍යවරයාගේ පටන් උපස්ථායක දක්වා නයිටින්ගේල්ගේ වත් නැති පුදුමාකාර කරුනාවක් දැක්වීමයි. එමනිසා මෙවැනි කතා වලට සාධාරන හේතුද දැකිය හැක. වාට්ටුවේ ප‍්‍රධාණින් තමනට හිමි වාට්ටුවේ රැුදී සිටින කාලයේදීද තම සේවාව හරි හැටි ඉටු නොකරන විට හෙදියන් සහ උපස්ථායකයන් පාලනය කරගැනීමට නොහැකි වීමට තවත් හේතුවකි.
    තවද උපස්ථායකයන්ගේ සහ වාට්ටුව පිරිසිදු කරන්නන්ගේ සේවය සලකා බැලීමේදී පිරිසිදු කිරීම් කරන සේවකයන් විසින් පෞද්ගලික රෝහලක් මෙන් වාට්ටුව පිරිසිදුව මනාවට පවත්වාගෙන යන්නේ ඔවුන් පෞද්ගලික ආයතනයක කොන්ත‍්‍රාත් පදනමක් මත සේවය කරන නිසාය. මෙම පිරිසිදු කරන්නන් හට සේවය ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යායුතුව ඇත්තේ  ඔවුන්ගේ රැුකියාවේ ඇති අස්ථිර භාවය නිසාය. එහෙත් උපස්ථායකයන්ට විශ‍්‍රාම වැටුප් සහිත හො`ද වැටුපක් හා රජයේ සේවාවක් නිසාවෙන් රාජකාරි නොකර වැටුප් ගෙන පිංපඩි ලබා ගන්නේ බලධාරියෙකු ඔවුන්ට විරුද්ධව නිත්‍යානුකූල පියවරක් ගතහොත් සැමදා රට සැමදා අරාජික කරන දේශපාලන ගැති වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන කරන නිසාය.
    මෙම තත්වය සලකා බැලීමේදී රෝහල් උපස්ථායක සේවාව පෞද්ගලික කරන්නේ නම් හෝ කොන්ත‍්‍රාත් පදනම :ඵ්බ ඡුදඇර* මත පවත්වා ගෙන යන්නේ නම් රෝගීන්ට මෙන්ම රජයටද විශාල හිසරදයක් නැති වෙනු ඇත. මේ පිළිබ`දව දේශපාලන බලධාරින්ගේ අවධානය නොපමාව යොමු විය කාලය එලඹ ඇත.
         මෙම පිරිසිදු කරන්නන් සහ උපස්ථායකයන් සංසන්දනය කිරීමේදී පිරිසිදු කරන්නන් පරාදවන්නේ ආහාර ගැනීමේදී පමණක් බව පෙන්වා දිය යුතුය. උපස්ථායකයින්ට ලබා දෙන ආහාර වේල ලබා ගැනීමට අයිස්ක‍්‍රීම් ලීටර් දෙකේ හිස් බාජනයට ලබා ගන්නා කෑම වේලටවත් සරිලන සේවාවක් සපයන්නේ නම් ඔවුන්ගේ සංසාර ගමන යහපත් වනු ඇත. එම කෑම සපයන ස්ථානයේම අපවිත‍්‍ර ගලන කානුවේ ඉ`දුල් බුදින තඩි මීයන් දකින විට සිහිවන්නේ පෙර ආත්මයේ තම රාජකාරිය, සේවය හරි හැටි සිදු නොකොට පිංබත් පත ගිල දැමූ උපස්ථායකයන්ගේ නැවත උප්පත්තියයි. තවද මේ උපස්ථායකයන්ට දී ඇති වෙනම කාමරයේ රාජකාරී අවස්ථාවේ සිගරට් බොමින් නිකරුනේ කාලය ගත කරයි. ඊට අමතරව සවස් කාලයේ මත්පැන් සාදද පවත්වයි. මෙය රෝගීන්ට ඉමහත් හිරිහැරයකි. දිනක් මේ පිළිබ`දව රෝහල් අධිකාරියට පැමැණිලි කල විට ආරක්ෂක අංශයෙන් පැමිණ මත්පැන් නොබොන ලෙස දැන්වූවා මිස රාජකාරි වේලාවේ මත්පැන් බීමට එරෙහිව විනය ක‍්‍රියා මාර්ග නොගැනීම නිසා තවමත් එම සිදුවීම එලෙසම පැවතීි. කනගාටුව මේ ස`දහා මුදල් අනුග‍්‍රහය ලබා ගන්නේද රෝගීන්ගෙනි. රෝගියා මොවුන්ට මේ ස`දහා දොල පිදේනි නොසැපයුවහොත් ඇතිවන තත්වය බරපතලය. එසේනම් මෙවනි රෝහල් පාලන අධිකාරියක් රටට අවශ්‍ය ද?
        තවත් කරුනක් නම් රෝගීන් බැලීම ස`දහා දහවල් 12 ට ගේට්ටුවෙන් ඇතුලට යාමට අවසර ලැබුනද 52 වාට්ටුවට ඇතු`ඵවීමට ලැබෙන්නේ 12.30ට පමණය. ඒ රෝග්ීන්ගේ තුවාල වලට ප‍්‍රථිකාර කිරීම පමාවීම නිසාය. මෙම පමාවට හේතුව වෛද්‍යවරු පමාවී වාට්ටු වෙත පැමිණීමයි. රැුකියාවක් කරන්නෙකු කෑම පැයේදී නැවත සේවයට යාමට බලාපොරොත්තුවෙන් රෝගියෙකු බැලීමට 52 වාට්ටුවට පැමිණියහොත් මෙහි අකාර්යක්ෂමතාවය නිසා ඔහුට සේවයට නැවත වාර්තා කිරීමට වන්නේ පමාවීය. මෙම 52 සාතන්ගේ වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ සේවාව පිළිබ`ද පැමිණිලි සහ යෝජනා ගැනීමට පෙට්ටියක් තැබීමට හැකි නම් හො`ද හො`ද කරුණු රෝහල් බලධාරීන්ට ලබා ගත හැකි වනු ඇත.
        පසුගිය කාල පරිච්ෙඡ්දය තුලදී මෙම වාට්ටුවේ සිදුකල ශල්‍යකර්ම බොහෝමයක් ගැන රෝගීන්ගේ එතරම් මනාපයක් නොමැත. එමනිසා වෛද්‍යවරුන් විසින් රෝගීන්ට දැන් බොහෝ දුරට සුවවී ඇතැයි පවසා රෝගීයාගේ ආසන්න රෝහලෙන් ප‍්‍රථිකාර ගන්නා ලෙස දන්වා ටිකට් කපා ගෙදර යවනු ඇතැයි ඔවුන් ගේ මතයයි. ඉන්පසු රෝගී තත්වය පිළිබ`දව වගකීමෙන් මොවුන් පහසුවෙන් නිදහස්වීම පිනිස ගන්නා සම්ප‍්‍රදායානුකූල ප‍්‍රයත්නයක් ලෙස ඔවුන් සලකයි.
        මෙහිදී විශේෂයෙන් ස`දහන් කල යුතු තවත් වැදගත් කරුනක් වන්නේ රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍ය තුලින් බොහෝවිට අති විශාල ප‍්‍රසිද්ධියක් ලබා දෙන ඖෂධ හි`ගයක් තිබිය හැකි වුවත් මාධ්‍යයන්ට නොපෙණෙන රෝගීන් සූරා කන, රෝගී ජීවිත අසරණ කරන රෝහල් යාන්ත‍්‍රනයක් තිබීමයි. එසේනම් මාධ්‍යයන්ට පෙනෙන මේ ඖෂධ හි`ගයට සාපේක්ෂව රෝගී ජනතාව පීඩාවට පත් කරන මෙවැනි අපරාධ නොපෙනෙන්නට හේතුව ප්‍රෙහෙලිකාවකි. මෙවැනි ආයතන මර්ධනය නොකොට පාලනය කිරීමට රට පාලනය කරවන බලධාරීන් එල්.ඊ.ඞී. ටී.වී., ලැප්ටෝප් සංස්කෘති ඇති කිරීම පුදුමයට කරුණක් නොවේ.
    මෙවැනි රටේ ජනතාවට වින කරන ජනතා මුදල් කාබාසිනියා කරන මිනිසුන් ආයතන පිළිබ`දව කරුණු ස`ගවා වෙනත් සිද්ධීන් වලට ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබාදීම තුලින් ජනතා අවධානය වෙන අතකට හැරවීමෙන් මෙම මාධ්‍ය ආයතන ජනතාවට දීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?  
    එමනිසා මෙම ලිපියෙන් මා උත්සාහ දරන්නේ අද රටේ නීතිය, සාධාරනය අර්බුදයක තිබෙන නිසාවෙන් අනාගතයේ අනතුරකට 52 වාට්ටුවට ඇතුලත් වන යම් අයෙකුට ක‍්‍රමවත් සේවාවක් ලබා ගන්නේ කෙසේද? සහ එසේ නොමැති නම් වෙනත් විකල්පයක් ස`දහා යොමු වන්නේ දැයි සිතා බැලීමට හා රටේ මීට අදාල බලය භාවිතා කල හැකි බලධාරින්ගේ විශේෂ අවධානය යොමු කිරීම ස`දහාය.           
                                   
                             
                                         08 දෙසැම්බර් 2012

No comments:

Post a Comment