Search This Blog

Saturday, February 16, 2013

ලංකාවේ ප‍්‍රවෘත්ති කලාවේ අපරාධ

අසිරිමත් සිරි ලංකාවේ ප‍්‍රවෘත්ති කලාවට සාපේක්ෂ අපරාධ රැල්ල

සග, වෙද, ගුරු, ගොවි, කම්කරු රටේ පංච මහා බලවේගයක් ලෙස එස්. ඩබ්. ආර්. ඞී. බන්ඩාරණායක මැති`දු විසින් අතීතයේ්දී හ`දුන්වා දුනි.
අද එම බලවේගයන්ගෙන් සමාජයේ ගෞරවයට බ`දුන් වූ උගත් කමින් වැඩි යයි කියන්නාවූ සග, වෙද, ගුරු, යන ත‍්‍රිත්වයේ ක‍්‍රියාකාරකම් අනුව එම උගතුන්ට වඩා බුද්ධිමතුන් ලෙස ගොවි, කම්කරු, ද්විත්වය හැ`දින්විය හැක. ඒ මෙම ගොවි, කම්කරු ද්විත්වයෙන් රටට වන හානිය සාපේක්ෂව අඩු නිසාය. (මේ පංච මහා බලවේගයට නීතීඥයින් ඇතුලත් නොකිරීම එස්. ඩබ්. ආර්. ඞී. බන්ඩාරණායක මැති`දුන්ගේ ¥රදර්ශී ඥාණය පසුගිය දෝෂාභියෝග සමයේ අපට දැකිය හැකි විය.)
මෙසේ උගතුන් යයි කියා ගන්නන්ගෙන් රටේ අපරාධ වැඩි වශයෙන් සිදුවන්නේ ඇයිද යන්න කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීමට හේතුව අද කිසිම දෙයකට වගකිව යුත්තන් රටේ නොසිටීමයි. තවත් ලෙසක විග‍්‍රහ කරතොත්  ඕනෑම අපරාධයක් අවසානයේ මුදල හෝ බලය පදමට යෙදවීමෙන්  ඕනෑම කුජීතයක් උඩුකුරු හෝ යටිකුරු කිරීමේ හැකියාව රටේ වගකිව යුත්තන් ලෙස පෙනී සිටින වන්දිබට්ටයන් හට හැකියාව තිබීමයි. වගකිවයුත්තන් තෝරාපත් කරගන්නේද බලයයි. වරෙක බලය යනු රජයද නොවේ. එය කැළණිය ප‍්‍රාදේශීය සභා සහ අගවිනිසුරු දෝෂාභියෝගයේදී මනාව දිස්විය. සමහර නාලිකාවනට අගවිනිසරුවරිය, ප‍්‍රාදේශිය සභාව සියයට සියයක් නිවැරදිය. අනෙක් නාලිකාවනට එය සියයට සියයක්ම වැරදිය. ඒ අතර සමහර මාධ්‍ය දෙපාර්ශවයට කැලෑ පත්තර ලෙස කටයුතු කිරීය. මධ්‍යස්ථ වාර්තාකරුවන් ඒ දිනවල අනිවාර්ය නිවාඩු ගෙන තිබුණි. මෙය අප‍්‍රබංසයකි. එහෙත් එය යථාර්තයකි.

රටේ අපරාධ රැුල්ල වැඩි වීමට හේතූන් ලෙස මාධ්‍යකරුවන්ගේ භාෂාවෙන් කියතොත් රටේ අපරාධ රැුල්ල වැඩි වී නොමැති අතර මාධ්‍ය සන්නිවේදනයේ වර්ථමාන දියුණුව නිසා අතීතයේ යටපත් වූ සිදුවීම් දැන් කිසිවෙකුට මාධ්‍යයෙන් සැ`ගවීමට නොහැකි නිසා බව ගාම්භීර පූර්වකව පවසයි. අවාසනාවකට මාධ්‍ය හසුරුවන්නන්ගේ වානිජ බල අරගලය මෙම අපරාධ වලට වක‍්‍රව බලපාන බව ප‍්‍රකාශ කිරීමට, විවේචනය කිරීමට මාධ්‍යයක් නොවීම නිසා සිය`ඵ රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය රිසි සේ ජාතියේ අනාගතය ජාඩි දමා අනුභව කරති. නිවුස් යනු ගොසිප්ද, ගොසිප් යනු නිව්ස්ද යන්න පාඨක ජනතාවට දැන් ප්‍රෙහෙලිකාවකි.
මෙවන් මාධ්‍ය සදාචාරයක් ඇති රටක විනයක් ඇති කිරීමට තබා තිබෙන විනය පවත්වා ගෙන යාමටවත් බැරිය. මාධ්‍යකරුවන් රටේ විධායක ජනාධිපතිවරයාගේ පටන් හෙට ඉපදෙන අතදරුවාගේ ඉරනම් විස`දුම්කරු වී අවසානය. මාධ්‍ය විවේචනය ජනාධිපතිවරයාටත් තහනම්ය. මෙය ප‍්‍රසිද්ධ රහසකි. මාධ්‍යකරණය අලෙවිකරනය වී අවසන්ය. එකල සිටි මාධ්‍යවේදියා මිය ගොස් මාධ්‍යකරු පමණක් අද ඉතිරිව ඇත. තම විකාශනයේ ගුණාත්මකභාවය වැඩි කරමින් පේ‍්‍රක්ෂක ආකර්ශනය ඇති නොකර දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට බලහත්කාරයෙන් තම නාලිකාව සවන්දීමට හෝ නැරඹීමට පෙලඹවීමට අල්ලස් දීම ලෝකයේ වෙනත් රටවල සිදු වනවාදැයි මම නොදනිමි. කඩ මංඩියේ, බස් රථයේ, වැඩ පලේ, මම අහන්නේ ...... එෆ්.එම්., බෝඞ් කෑලි එල්ලා ගෙන, දුරකථනයෙන්ද, තවත් වරෙක ගෙවල් ගානේ ගොස් ඔවුන්ගේ නාලිකාව අසන්නේ නම් මුදල් අල්ලස් දෙයි. සල්ලි ලබා ගැනීමේ අරමුනෙන් විකාශනයන් ඇහුම්කන් දීමට සලස්වා තම සේවාදායකයන්ගේ වෙළ`ද නිෂ්පාදන වලට හුරු කර ගැනීමට ඉන් ඉඩ සලස්වයි. ඊට අමතරව අපරාධ, ¥ෂන ටෙලි නාට්‍යසේ ර`ග දක්වයි. එහි රසාස්වාදය ඇති කරවනවා මිස ගුජුප්සාජනකත්වය නොපෙන්වයි. යම් සාකච්ඡුා නොවිය යුතු ප‍්‍රසිද්ධියක් නොදිය යුතු මාතෘකා වලට දින ගණන් වාද විවාද පවත්වයි.  එම`ගින් යම් සංවිධාන බිහි වෙමින් ජාතීන් අතර අසමගිය වපුරයි. මෙය පෙන්වා දිය හැක්කේ කෙසේද? එකල සිටි මාධ්‍ය ඇමතිවරයෙක් මාධ්‍ය මාෆියාවක් ගැන ප‍්‍රකාශ කලාය. එදා ඔහු කියූ දෙයෙහි අද යම් සත්‍යතාවයක් ඇතැයි මට සිතේ.
මෙවැනි පරිසරයක් තුල රටේ අනාගතය විනාශ මුඛයට ගෙන යන්නේ දේශපාලකයාට වඩා සන්නිවේදන මාධය යයි. මාධ්‍යයේ මධ්‍යස්ථ මැදිහත් වීමක් ජනතාවට නොමැති විට පවතින සත්‍යය වසන් කොට ප‍්‍රශස්ථි ගායනා ඇසෙන විට රාජ්‍ය තන්ත‍්‍රයද විනාශය කරා යොමු විය හැක. එසේම තමනට සාධාරණයක් ඉටු නොවන විට සමහර පිරිස් ඒකරාශී වී විවිධ සංවිධාන බිහි කර ගන්නේ මේ නිසාය. ඒවාටද ඉමහත් ප‍්‍රසිද්ධියක් ලබා දෙමින් ප‍්‍රශ්න සමනය කරන මුවාවෙන් ජනතාව භේද බින්න කරන්නේද මේ අපූර්ව මාධ්‍ය කලාවයි. 
පසුගිය කාලයේ සිදුවූ භික්ෂු ඝාතන, දොස්තරවරුන්ගේ වගකීමෙන් තොර ක‍්‍රියාකාරකම්, අධ්‍යාපනයේ, ගුරුවරුන්ගේ ප‍්‍රශ්ණ පත‍්‍ර සොරකම් වැල නොකැඞී ඇති වන විට ඒවාට වේගවත් ප‍්‍රසිද්ධිය ලබා දෙමින් ඒවා ක්ෂනයකින් යටපත් කරන්නේ වානිජ රැුල්ලේ ඉදිරියෙන්ම මෙම මාධ්‍ය ආයතනයන්ට සිටීමට අවැසි නිසාය. එක් සිදුවීමක් පිළිබ`දව සම්පූර්ණයෙන් කතිකාවක් සිදු නොවීම මත පහත ස`දහන් ප‍්‍රකාශයන්ගේ (පුවත්පත් වල පලවූ වාර්ථා වල තද නිල් පාටින් ස`දහන් කොටස් ගැන අවධානයට*  කුරිරු අවධානම ඉදිරියේදී ජනතාවට අත් වි`දීමට සිදු වනු ඇත. ජනතා කුලකයට මාධ්‍යකරුවන්ද ඇතුලත් වන බව තේරුම් නොගැනීම උණු වෙන දිය හැලියේ සිටින කකු`ඵවන් මා හට සිහිපත් කරයි.                     
                                                                                                                             



ප්ලාස්ටරය දැම්මේ අහිතකින් නොවේ
අත කැපීම ගැන කනගාටුයි                   divaina 2013 ජනවාරි 30 බදාදා
පරීක්ෂණ කණ්ඩායම හමුවේ
මාතර වෛද්යවරයා කියයි
එම වෛද්යවරයා තවදුරටත් මෙසේ පවසා ඇත.

"
නීති ශිෂ්යා අචලා ප්රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්ටර් µa පැරිස්බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්සිදුවුණා නම් ඒක ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද් ජීවිතයේ ප්රථම අවස්ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..."
කුරුණෑගල දොස්තරගෙන් හෙද සිසුවියට අතවර
ශිෂ්යාව හලාවත රෝහලේ                   2013 පෙබරවාරි 09 සෙනසුරාදා
කුරුණෑගල රෝහලේ වෛද්යවරයකුගේ ලිංගික අතවරයට ලක්වූ කුරුණෑගල හෙද අභ්යාස විද්යාලයේ ශිෂ්යාවක්බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත රෝහලේ ප්රකාශකයකු සඳහන් කළ අන්දමට මෙම හෙද ශිෂ්යාව කුරුණෑගල රෝහලට ඇතුළත් නොකර හලාවත රෝහල වෙත එවා තිබෙන්නේ සිද්ධිය පිළිබඳ තොරතුරු සඟවාලීමේ අරමුණිනි.
පිළිබඳ ඇයට කිසිවකු වෙත හෝ පැමිණිලි කිරීමට මෙතෙක්හැකියාවක්ලැබී නැතැයි ඉහත ප්රකාශකයා කීය.
රෝහල් බිල ගෙවන තුරු දියණියහිර අඩස්සියේ
2013 පෙබරවාරි මස 14 19:08:21 | . , lankadeepa
අපරික්ෂාකාරීව සහ නොසැළකිලිමත් ලෙස සැත්කමක් සිදුකිරීම නිසා මගේ බිරිය මිය ගියා. දහතුන් හැවිරිදි දියණියට ආදරණීය මවක් නැතිවුණා.
ශල්යකර්මය කරන්නට පෙර මා එංගලන්තයේ සිට දොස්තර මහතාට හැම මොහොතකම කතා කළා. එයා මේවගේ ඔපරේෂන් දහස් ගණනක් කරලා තියෙනවා කීවා. සැත්කම කරන විට එයට බඩවැල් සම්බන්ධ විශේෂඥ වෛද්යවරයකු සම්බන්ධ වෙනවා කිව්වා. නමුත් මේ ඔපරේෂන් එක කරලා තිබුණේ බඩවැල් පිළිබඳ විශේෂඥ වෛද්යවරයකු නොමැතිවයි. බිරිඳ නැවත සැත්කමක් කර හදිසි ප්රතිකාර ඒකකයට යවා තිබුණා. ඊට පස්සේ මගේ නංගි වෛද්යවරයකුගෙන් අසා තිඛෙනවා රෝගියාට කොහොමද කියලා. එයාට ජීවත්වෙන්න වාසනාව තියෙන්න ඕනෑ මට සාත්තර කියන්න බැහැ. පැය 24ක් යනතුරු මොකවත් කියන්න බැහැ. ස්වභාව ධර්මය අනුව යම්කිසි දෙයක් වුණොත් එය බාරගන්න ලැස්තිවෙලා ඉන්න කියා වෛද්යවරයා කියා තිඛෙනවා. පසුව මමත් දොස්තර මහතාට කතා කළා. මොකුත් කියන්න බැහැ කියා දොස්තර මහතා කීවා. මගේ ඥාතීන් රෝහලට යනවිට එහි ලොබියේ ඇඳක දමා ලෙඩාට බටදාලා තියෙනවා දැක තිඛෙනවා. අපි මෙයාව කළුබෝවිලට අරින්න ඕනෑ. ඉතුරු සල්ලි ගෙවන්න කියලා රෝහලෙන් කියා තිඛෙනවා. එතකොට ලක්ෂ 10 බිලත් අතට දීලා තිබුණා. . මගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර තිබුණේ අපෙන් කිසිම අත්සනක්වත් නැතිවයි. සල්ලි ගේන්න වෙලාවක් යන නිසා මගේ මස්සිනා කෑගහල තියෙනවා, ලෙඩාව දැඩි සත්කාර ඒකකයට දාන්න නැත්නම් කළුබෝවිල යවන්න කියා. මගේ බිරිඳ අමාරුවෙන් හුස්ම ගන්නා නිසා ඇය කළුබෝවිල යවලා මගේ දුව වෙනම කාමරයකට අරන් තිබුණා. ඉතුරු සල්ලි ගෙවලා දුව නිදහස් කර ගන්න කියා තිබුණා. පසුව මගේ මස්සිනා ඉතුරු සල්ලි ගෙනත් බිල ගෙවලා නර්ස්ට එය පෙන්නලා. දුව කාමරයෙන් එළියට අරන් තිබුණා.
වෛද්යවරයෙක් කීවා මට කතා කරන්න ඕනෑ කියලා. මහතා මගේ බිරිඳගේ රෝගී තත්ත්වය  සම්පූර්ණයෙන්ම මට පැහැදිලි කලා. එයාගේ බඩවැල් හයපොලකින් හානිවෙලා ආහාර දිරවන නාලය ගොඩක් හානිවෙලා තිඛෙනවා. ඇසිඩ් අම්ලය කාන්දුවෙලා බඩවැල් නරක්වෙලා කීවා.
මගේ බිරිඳගේ තත්ත්වය එන්න එන්නම බරපතල අතට හැරුණා. මගේ බිරිඳ නොවැම්බර් 23 වැනිදා මියගියා. මට මුදල් නොතිබුණානම් බිරිඳ මිය යන්නේ අප්රේල් මාසයේදීමයි. රුපියල් ලක්ෂ 16ක් පමණ මට වියදම් වවුණා. ඛෙහෙත්වලට ඊට අමතරව රුපියල් ලක්ෂ 10 විතර රෝහල් ගාස්තු ලෙස වියදම් වුණා.
පරීක්ෂණ කමිටුව ගැන විශ්වාසයක් නෑ
ඇතැම් වෛද්යවරු කියති                     divaina 2013 ජනවාරි 30 බදාදා
නීති ශිෂ්යා අචලා ප්රියදර්ශනී මෙනෙවියගේ අත කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විමර්ශන කමිටුව කෙරෙහි විශ්වාසයක්නැතැයි ඇතැම් වෛද්යවරු පවසති.
මින් පෙර මේ හා සමාන සිද්ධීන්වලදී කළ පරීක්ෂණවල ප්රතිඵලය වූයේ එකී වරද තාක්ෂණ දෝෂයක්නිසා සිදුවුවක්බවට තීන්දු කිරීම බව කී එම වෛද්යවරු මෙම සිද්ධිය තාක්ෂණ දොaෂයක්යෑයි පවසමින් අත සෝදා ගැනීමේ සැලසුමක් පවතින්නේ යෑයි කීහ.

ප‍්‍රසිද්ධ පුද්ගලික රෝහලේ
එම් ආර් අයි ස්කෑන් යන්ත‍්‍රයේ බට පිපිරී
පස් හැවිරිදි දැරිය මරුට
එම් ආර් අයි ස්කෑන් යන්ත‍්‍රයකට ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඇතුළත් කළ දැරියක එහි දෝෂයක් නිසා එය ඇතුළතදී අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධියක් ඊයේ කොළඹ පුද්ගලික රෝහලකින් වාර්තා වුණා. දිගු කාලයක් තිස්සේ පරිහරණය කළ නිසි නඩත්තුවක් නොවූ යන්ත‍්‍රයක් වූ බැවින් එහි ඇතුළත බට පිපිරී ස්කෑන් කරන අතරතුර පස් හැවිරිදි දැරියට ජීවිත හානි ඇතිවිනැයි කියැවෙනවා.
 
සාමාන්‍යයෙන් හෙදියන් දෙදෙනෙකුගේ සහාය ඇතිව නිර්වින්දන වෛද්‍යවරයෙකු ස්කෑන් පරීක්ෂණය සිදු කරන නමුත් මෙම ස්කෑන් එකට සහභාගීවී ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරියක පමණි. පරීක්ෂණයට දැරිය ඇතුළට ගෙන ටික වේලාවකින් මහා පිපුරුම් හඬක් කාමරය දෙසින් ඇසුණ බව දැරියගේ මව කියා සිටින්නීය. අනතුරුව වෛද්‍යවරිය වහා කාමරයෙන් එළියට ඇවිත් ඔකසිජන් බට පිපිරිලා මට නැද්ද කවුරුවත් උදව් කරන්නෙ යනුවෙන් විමසා ඇත.
දැරියගේ මව පවසන පරිදි දැරියගේ සිරුර එම අවස්ථාවේ නිල්පැහැතිවීගැහෙමින් සිට ඇත.  දැරියව එතැනින් එළියට ගෙන ට්‍රොලියක දමා දැඩි සත්කාර ඒකකයට රැුගෙන යන්නට කටයුතු කර තිබුනේ අනතුරුවයි. ඇගේ සිරුරේ යන්ත‍්‍ර සවිකර හෘද ස්පන්ධනය ඇති කරන්නට වෛද්‍යවරු උත්සාහ ගත් බවත් දැරියගේ මවට තේරුණ ආකාරයට ඇගේ ජීවිතය ඒ අවස්ථාවේත් අහිමිවී තිබුණ බවත් කියැවුණා.
කෙසේ වෙතත් සෙනසුරාදා සිට ඊයේ බදාදා වනතුරුම දැරිය නිසොල්මන්ව යන්ත‍්‍ර සවිකර දැඩි සත්කාර ඒකකයේ රඳවා තිබුණා.
දින පහකට පසු ඊයේ රෝහල් බලධාරීන් ලක්ෂ 9 ක බිලක් සමග දැරියගේ දෙමාපියන්ට දන්වා ඇත්තේ දැරිය මියගොස් තිබෙන බවය.
මෙම මරණය ගැන වගකීම ගන්නට වෛද්‍යවරිය හෝ රෝහල කිසිම අවස්ථාවක එක`ගවී නැත.
ඊයේ (7* සවස මෙම අනතුරින් දැරිය මියගිය පසු ඇගේ ඥාතීන් රෝහලට මාධ්‍ය කැඳවා වෙච්ච සිද්ධිය රටට දැනගන්නට අවස්ථාවක් සලසන්නට උත්සාහ දරා ඇත්තේ තවත් කෙනෙකුට මෙවන් දෙයන් නොවන්නටය.
සිද්ධිය වූ රෝහලේ එම් ආර් අයි ස්කෑන් යන්ත‍්‍ර නිසි නඩත්තුවක් නැතිව කාලයක් තිස්සේ පවත්වාගෙන යන බවත් ඒවායේ ඔක්සිජන් බට මාරු කිරීම පවා හරිහැටි නොකරන බවත් කියැවුණා.

‘  ......ලෝකෙ වරදක් නෑ..’ධර්මදාස කියලා
කොළඹ නවලෝක රෝහලේදී ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමේ දී මිය ගිය බවට සැලකෙන බුද්ධිනී කෞෂල්‍යා දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09* සිදුකෙරෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දැරියගේ දෙමාපියන් මේ වන විට නීතිය හමුවට ගොස් තිබෙනවා. ස්කෑන් යන්ත‍්‍රයේ ඔක්සිජන් බට මාරු නොකිරීම හා ස්කෑන් පරීක්ෂණය විධිමත් ආකාරයට නොපැවැත්වීම ආදී හේතු නිසා ස්කෑන් යන්ත‍්‍රය ඇතුළතදී එහි බට පිපිරීමෙන් මේ අවාසනාවන්ත මරණය සිදුවූ බවට සැක මතු වුණා.
රෝහලේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ජයන්ත ධර්මදාස මහතාගෙන් අද දෙරණ පුවත් අංශය මේ ගැන විමසීමක් කර තිබුණා. එම අවස්ථාවේ ජයන්ත ධර්මදාස මහතා පවසා ඇත්තේ මෙම සිද්ධියේදී රෝහල පාර්ශ්වයෙන් කිසිදු වරදක් සිදුව නොමැති බවත් නීතිඥ උපදෙස් හේතුවෙන් මේ පිළිබඳ වැඩිදුර කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවත්ය.

ළමා අපයෝජකයන් අල්ලන්න සවිමත් දැලක්          osjhsk 15 05 2012
ගාල්ල අම්බලන්ගොඩ ජනප්රිය මිශ් ජාතික පාසලක ශිෂ් භට පුහුණුව භාර ගුරුවරයා විසින් එම පාසලේම පිරිමි දරුවන් 7 දෙනකු කාලයක් තිස්සේ බරපතල අපයෝජනයට ගොදුරු කර ගැනීමේ අනුවේදනීය පුවතක් (15 වැනිදා) වාර්තා විය.

  

2 comments:

  1. ළමා අපයෝජනවලට එරෙහි ඔබේ අදහස් වටිනවා.මේව ස්ත්‍රීවාදීන් ආයුධ ලෙස භාවිතා කර රටේම මිනිස්සු හිරේ දාන්න යාම වැරදියි.ඒ වගේම දෙන්නෙක් එක්ක පාරෙ බැහැල යන්න හම්බවෙන්නෙ නෑ මුන්ගෙ මල ඉලව් නීහි නිසා

    ReplyDelete
    Replies
    1. මගේ ආධුනික ප‍්‍රථම ලිපියට ප‍්‍රථිචාර දැක්වීම පිළිබ`දව ස්ත‍්‍රීවාදයට ස්තුතිවන්ත වෙමි.ඔබට පෙර ස`දහන් කලාක් මෙන් මා තවම අත්හදා බලමින් මේ අවකාශයේ සැරිසරමි. හෙට කාන්තා දිනයට සමගාමීව රූපවාහිනියක උපදේශන වැඩසටහනකට අද මා සවන් දුනිමි.එහිදී එක් උපදේශකවරයෙක් කාන්තා හිංසනයට පිළියමක් ලෙස කාන්තාව ටිකක් තද ගති ඇති කරගත යුතුබව පැවසීය. උපදේශනයේදී මෙවැනි උපදේශන කිරීම මා දන්නා උපදේශනයට පටහැනිය. වරක් ධනාත්මක චින්තනයෙකු ඔහුගේ අනුගාමිකයෙකු යයි පවසා රූපවාහිනී වැඩසටහනකට එක් පුද්ගලයෙක් ඉදිරිපත් කර ඔහුගේ දක්ෂතා ඉස්මතුවූයේ මේ ධනාත්මකගේ පොත් කියවීමෙන් පසු බව පැවසීය. මෙම පුද්ගලයා මා ඉතා හොදින් දන්නා කෙනෙක් වන නිසා පසුව ඔහු කල මෙම ක‍්‍රියාව පිලිබදව ඇසීය. එවිට ඔහු පැවසූයේ තම දක්ෂතා කොතෙකුත් තිබුණද රූපවාහිනියක් ඉදිරියේ මෙපමන කලකට පෙනී සිටීමට ඉඩක් නොලැබුන නිසා තම කුසලතා මෙම ධනාත්මකගේ පොත් කියවීමෙන් ලද බව ප‍්‍රකාශ කිරීමට සිදුවූ බවයි. මෙය පුද්ගලයාගේ වරදද? පවතින සමාජ ක‍්‍රමයේ වරදද? නැතිනම් දෙකමද යන්න අප සිතා බැලිය යුතුය.
      කාන්තා විමුක්තිය පිලිබද බෙරිහන් දෙන එන්.ජී.ඔ් නඩයටත්, ප‍්‍රසිද්ධිය පතා කුලියට කහින පුරුෂ වෙස්ගත් අමනයන්ගෙනුත් ඇසිය යුත්තේ මහියංගනයට හිමිකම් කියන මහානායක හිමිනමක් ලමා අපචාරයකට පොලීසියට අසුවූ විට එම හිමියන් රැකගැනීමට පෙලපාලි ගියේ කාන්තාවන් පිරිසක් වීම ගැන සොයා නොබලන්නේ ඇයිද යන්නයි. මෙම හිමියන්ට ගැහැනු ලමයා පිලිගන්වා තිබෙන්නේ ඇයගේ පියා නොව මව විසිනි. එම මවටද එම ඉරනම ලබාදී ඇත්තේ ඇයගේ මවවීම අනෙක් කරුනයි. රූපවාහානියෙන් කාන්තාවන්ගේ මාසික ක‍්‍රියාවලියේදී අ`දිනා ඇ`ග`ඵම් පිලිබද හැඩදමා වැඩදමා ප‍්‍රදර්ශනය කරන විට මෙම විමුක්තිකාමියෝ නපුංසකයෝ සේ නිහ`ඩය. ගනිකා නිවාස වල හිමිකරුවන් වන්නේද බොහෝ විට කාන්තාවන්මය. ජිනා මැඩම් කදිම උදාහරනයකි. දරුවන් පාලම් වලින් පහලට විසි කරන්නේ මව් වරුන්ය. අන්තර්ජාලයේ ටෙලි නාට්‍යාංගනාවන්ගේ අඩ නිරුවත් ඡුායාරූප එමටය. කාමය රාගය අවුස්සමින් මෙම රතියන්ගේ රැු`ගීම් හමුවේ විපතට පත් වන්නේ රටේ නොදරුවන්ය. කාන්තා හිංසනය නැති කිරීමට යයි කියා පුරුෂත්වය ව`ද භාවයට පත් කරන්න කථා කරන ගමන් ගනිකා වෘත්තිය නීති ගත කිරීමට අවශ්‍ය යයි කියන්නේද මෙවුන්මය. එසේනම් ගනිකා වෘත්තිය නීති ගත කර ලිංගික කටයුත්ත සිදු කරන්නේ කවරෙකු සමගද යන්න ගැට`ඵවකි.

      Delete