මොලය සහ මනස ගැන වර්තමානයේ බහුලව කථාවට බ`දුන් වන මාතෘවක් වන අතර මෙය කිසිදා තර්ක විතර්කයෙන් හ`දුනා ගැනීමට නොහැකි වී ඇත්තේ මනස පරීක්ෂනාගාරයක් තුල හෝ වෙනයම් විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් සියයට සියයක් පෙන්වාදිය නොහැකි නිසාය. මනසක් ඇත යන්නට බටහිරින් ලැබෙන හො`දම නිදර්ශනය නම් මානසික වෛද්‍යවරු ලෙස වෛද්‍යවරු විශේෂයක් සිටීමයි. එසේම මොලය පිළිබ`දව සාකච්ඡුා කිරීමේදී මිනිස් මොලයක් පැහැදිලිව භෞතිකව දැකිය හැකි නිසා ආසන්න වශයෙන් බර ග්?ම් 1300-1400 පමණ බව කිව හැකිය. එසේම බිලියන 100ක පමණ ස්නායු ඇත. මොලයේ වම් පැත්තෙන් තාර්කික, විශ්ලේෂන, ගණිත ඥානය වැනි දේට උපකාර වන අතර දකුණු පැත්තෙන් සෞන්දර්යාත්මක, සහජ ඥාන, සංස්ලේෂන හා විෂයාත්මක වැනි දේ ස`දහා උපකාරී වේ. මෑත කාලයේ ලංකාවේ එක්තරා රූපවාහානී නාලිකාවක මොලයේ වම් පැත්ත සෘන ලෙසත් එම පැත්තෙන් කටයුතු කිරීම අනවශ්‍ය, පුද්ගලයන්ට අහිතකර බවත් පවසනු ඇසින. එවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ම`ගින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය පිළිබ`දව කිසිම ආකාරයක නිවැරදි කිරීමක් මේ වන තෙක් දක්නට නොලැබුණි. මිනිසාගේ මොලයේ වම් පෙදෙස ක‍්‍රියාත්මක නොවන්නේ නම් අද අපට ගණකාධිකාරීන්, නීතීඥයින් වැනි පුද්ගලයින් දැකිය නොහැකි වීමට ඉඩ තිබුණි.
විශේෂයෙන් ශ‍්‍රී ලංකාව තුල බුදුදහම අදහන්නන් වැඩි වශයෙන් සිටිති. ඊට අමතරව හින්දු ආගම අදහන්නන්ද සිටිති. මීට අමතරව මෙකී ආගම් දෙකම මිශ‍්‍රව අදහන්නන් ද බොහෝය. එවැනි පසුබිමක මනසේ ස්වභාවය පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම හා ඒ
පිළිබ`දව නිෂ්ඵල සංවාද ඇති කිරීම හා ඒවාට සහභාගි වීම තරම් තවත් විහි`ඵවක් නැත. මොලය ගැන පත පොත හා විවිධ රූපමය සාධක අනුව උගෙන ගත හැක. එයට අවශ්‍ය වන්නේ භාෂාව සහ උගත්කමය. මනසෙහි ස්වභාවය හා ක‍්‍රියාකාරිත්වය ගැන උගැන්වීමට තව කෙනෙකුට නොහැකි වන අතර මූලික හ`දුන්වාදීමක් නැතිනම් කමටහනක් පමණක් තවත් කෙනෙකුට දිය හැක. එසේම අධ්‍යාත්මික ඥානය උපයෝගී කරගනිමින් ස්වයං අවබෝධය ලබා ගැනීමට නම් උසස් බුද්ධියක් අවශ්‍ය වේ. බුද්ධිය දියුණු කිරීම සමහර ආචාර්ය, මහාචාර්යවරුන්ටද අපහසු බව මෑත කාලයේ කෙරුණ ලබන සංවාද වලදී දක්නට හැකි විය. අද ලෝකයේ ශාරීරික අවයව මංකොල්ල කන පරිසරයක මනස පිහිටා ඇති ස්ථානය හෝ මනස ක‍්‍රියාත්මක වන ආකාරය දැනගැන්මට හැකි වුවහොත් ඇතිවන තත්වය කෙතරම් භයානක දැයි සිතීමට පවා නොහැක. එම නිසා මනස පිලිබ`ද ගවේෂනය කරන්නන්ට කල යුතු එකම පිලියම අනුනට අභියෝග කිරීම වෙනුවට අධ්‍යාත්මික ප‍්‍රවේශයකින් මනසේ ක‍්‍රියානාරිත්වය අධ්‍යයනය කිරීමයි. එසේම තම බුද්ධිය මෙහෙයවා ලබා ගන්නා ප‍්‍රඥාමය දැනුම කිසි විටකත් මානව ප‍්‍රජාවේ පරිහානියට නොයොදවයි. මේ ස`දහා විවිධ ක‍්‍රමශිල්ප බුදු දහමේ හා හින්දු දහමේ පැහැදිලි කොට ඇත. අනෙකුත් ආගම් වලද මෙවැනි ක‍්‍රම නොතිබේ යයි ස්ථිරව කිව නොහැක. නොපෙනෙන මනස පිළිබ`ද විද්‍යාවෙන් වාද කිරීමේදී උගතුන් සැලකිලිමත් විය යුත්තේ විද්‍යාව තවමත් අසම්පූර්ණව තිබීම නිසාය. උදාහරණයක් ලෙස මේ ලෝකයේ ගුරුත්වාකර්ෂන බලය මිනිසා සොයාගැනීමට පෙර සිටද තිබුණි. මානවයා මේ පිළිබ`දව දැනගත් විට එය නව සොයා ගැනීමක් ලෙස ප‍්‍රසිද්ධ විය. බුදුන්වහන්සේ වසර 2550කට පෙර ජීවීන් බිහිවන ආකාර සතරක් දේශණා කර ඇත. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේචජ, ඕපපාතික යනුවෙනි. නමුත් කලකට පෙර විද්‍යාවෙන් පිලිගෙන තිබුනේ මින් අණ්ඩජ සහ ජලාබුජ යන ක‍්‍රමවේද දෙක පමණි. පසුකාලීනව සංසේචජ ක‍්‍රමය විද්‍යාත්මකව සොයාගත් පසු එයද පිලිගැනීමට ලක්වුනි. ඉන් පෙනී යන්නේ විද්‍යාවවෙන් සොයා ගැනීමට පෙර විද්‍යාඥයින් ප‍්‍රතික්ෂේප කලද සංසේචජ ක‍්‍රමය කලින් පැවති බවයි. තවමත් ඕපපාතික ජීවීන් විද්‍යාවෙන් සොයා නොගැනුනද අනාගතයේ දිනක එයද තහවුරු වනු ඇත. නමුත් නූතන විද්‍යාව සම්පූර්ණ වීමට තව බොහෝ කල් ගතවනු ඇත. විද්‍යඥයින් මෙම සොයා ගැනීම් තහවුරු කරනතෙක් බලා නොසිට මනසේ ක‍්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමට ඔබටද පු`ඵවන. ඒ ස`දහා කල යුත්තේ බුදුදහමට අනුව නම් පන්සිල් රැුකීමයි. නමුත් මෙය ආරම්භයේදී එතරම් පහසු කාර්යක් නොවේ. මෙම පංච සීලය රැුකීමේදී සමාධිය ක‍්‍රමක් ක‍්‍රමයෙන් ගොඩ නැගෙනු ඇත. සමාධිය ගොඩනගා ගත් විට ප‍්‍රඥාව පහල වනු ඇත. එවිට අනෙක් විද්වතුන් සම`ග වාදයට නොයා තමනටම මනසේ ක‍්‍රියාකාරිත්වය, මනසේ විශ්මිත බලය දැක ගත හැකි වනු ඇත. නමුත් එවැනි බලයක් ශක්තියක් ලද පුද්ගලයකු වෙනත් අය සම`ග තර්ක විතර්ක වලට යොමු නොවී සියල්ල දෙස අවබෝධයෙන් හා උපේක්ෂාවෙන් බලා සිටිනු ඇත.
(16/02/2013*
No comments:
Post a Comment