Search This Blog

Thursday, July 18, 2013

මානසික රෝග සදහා ප‍්‍රථිකාර ලබා ගැනීමට පෙර සැලකිය විය යුතු කරුනු කීපයක්



මෑත කාලයේ ලංකාවේ මානසික රෝගීන්ගේ ප‍්‍රථිශතය ක‍්‍රම  ක‍්‍රමයෙන් ඉහල යෑමක් දක්නට ඇත. එයට විවිධ හේතූන් ඇතත් ඉන් ප‍්‍රධාන කොට පවතින තර`ගකාරී ජීවන රටාවද තදින්ම බලපාන බව ඔබ අප සිය`ඵ දෙනාම දන්නා කරුනකි. දියවැඩියාව, අම්ලපිත්ත වැනි රෝග වලටද මින් බලපෑමක් ඇතැයි කීවද, මෙම ජීවන රටාව විවේචනය කලද, සිය`ඵ දෙනාම එම රටාව තුලම සිට ඒ ගැන කථා කිරීමට සිදුවී ඇත. 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහයක පලවූ ලිපියක් හා සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡුා කෙරෙනුයේ පුද්ගලයෙකුට, එසේත් නොමැතිව තම පවුලේ හෝ තම හිතවතෙකුගේ මානසික අසහනයක් ඇතිවූ විට හදුනා ගැනීමට, විස`දා ගැනීමට ප‍්‍රවිශ්ඨ විය යුතු නිවැරදි මාර්ග පිළිබදව දැනුවත් කිරීමටය. 

මානසික රෝග වර්ධනයට සමගාමීව මානසික රෝග පිළිබදව සාකච්ඡුා කිරීමද ඒ සදහා ඇති ප‍්‍රථිකාර මධ්‍යස්ථාන, ප‍්‍රථිකාර ක‍්‍රම පිළිබදවද අද බොහෝ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වානිජ මට්මටින් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම කරුනු සැලකිල්ලට ගැනීමේදී මානසික වෛද්‍යවරයාට අවශ්‍ය දැනුම මානසික රෝගියාට ලබාදීමත්, සාමාන්‍ය ජනතාවට රෝග වලින් මිදීමේ මූලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීම වෙනුවට රෝග විශ්ලේෂනය කිරීමේ නිර්නායක පිළිබ`දවත් අවබෝධය ලබා දීම නිසා අද ශ‍්‍රී ලංකාව මානසික ඛේදවාචකයක් බවට පත්වී ඇත. 

ප‍්‍රථමයෙන් මානසික රෝග හදුනා ගැනීමට පෙර අප මානසික සෞඛ්‍යය කුමක්ද පිළිබදව අවබෝධයක් ලබාගත යුතුය. මානසික සෞඛ්‍ය යනුවෙන් අදහස් වන්නේ මානසික රෝගාබාධවලින් තොර වීමම පමණක්ම නොවේ. තමාගේ හැකියාවන් සක්‍යතාවන් තේරුම් ගනිමින්, එදිනෙදා ජීවිතයේ ඇතිවන අභියෝගයන්ට මුහුණ දෙමින්ද ඵලදායී ආකාරයට කටයුතු කළ හැකි, ඉන් තමා ජීවත් වන සමාජයටද දායකත්වයක් සපයමින් යහපත්ව ගතකරන අර්ථවත් ජීවන තත්වයකි. මෙම තත්වය තේරුම් නොගෙන සමාජගත වන පුද්ගලයන්ට බොහෝ දුරට මුහුණ පාන්නට ඇති වන දෙයකි මානසික රෝග.

මානසික රෝගයක් ඇති වීමට ජීව විද්‍යාත්මක, (ජාන උරුමයන්), සාමාජයීය, (ප‍්‍රමාණවත් මූලික අවශ්‍යතා, විරැුකියාව...), ආර්ථික, (දුගීකම...), අධ්‍යාත්මික (අන්ධ විශ්වාස...) යන කරුනු බෙහෙවින් බලපානු ඇත. බොහෝ විට මෙම කරුනු කිහිපයක සංයෝජනයකින් ඇතිවිය හැකි මානසික රෝග නිසා රෝග හදුනා ගැනීම මානසික වෛද්‍යවරයා හෝ මානසික උපදේශනවරයා විසින් ඉතා ප‍්‍රවේශමෙන් කල යුතුව ඇත.  ප‍්‍රථිකාර සදහා පැමිණෙන සේවාලාභීන්ට තමන්ගේ හැගීම් සහ චිත්ත වේග නිදහසේ ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වන අතර සානුකම්පිත සවන් දීමක්ද ඔවුන් විසින් බලාපොරොත්තු වේ. එබැවින් සාමාන්‍ය කායික රෝගයකදීට වඩා මානසික රෝගයකදී වෛද්‍ය හෝ උපදේශනවරයා අවම වශයෙන් විනාඩි 20ත් විනාඩි 45ත් අතර කාලයක් රෝගියා සම`ග ගත කරන්නේ ඒ නිසාය. එසේම වෘත්තිකයා යම් පීඩාවකින් හෝ කලබලකාරී තත්වයක සිටී ඔහු වෙත යොමු නොවිය යුතුය. එසේ කීමට හේතුව තර`ගකාරී ජීවන රටාවක් හා අසංතෘප්ත අවශ්‍යතාවයන් රැුසක් පොදි බැ`දගත් යම් කිසි පිරිසක් නිසා අද මානසික රෝගීන් අපහසුවට පත් වූ අවස්ථාද ඇති නිසාය. මෑත දිනයක වෛද්‍ය උපකාර ස`දහා දරු ප‍්‍රසූතියෙන් පසු ඇතිවූ මානසික ගැටඵවකදී ගිය තම සේවාදායිකාවකට උග‍්‍ර විශාදී(Severe Depression) තත්වයේදී කෙරෙන ඊ.සී.ටී.(Electroconvulsive Therapy)  ප‍්‍රථිකාර සදහා දින හතරක් (දිනකට රු.6,000 බැගින් දින 4ට රු.24,000ක්) තම පෞද්ගලික රෝහල වෙත පැමිණෙන ලෙස වෛද්‍යවරයෙක් උපදෙස් දී තිබුණි. මෙයට හේතුව තමන්ගේ පෞද්ගලික වෛද්‍ය ආයතන වලට ලබාගත් උපකරන වලට යෙ¥ පිරිවැය ඉක්මනින් පියවා ගැනීමට අවශ්‍ය අනවශ්‍ය සැමට එම යන්ත‍්‍ර වල සේවය සැපයීමයි. මින් සිදුවන හානිය එක් අයෙකුට නොව අනාගතයේ බිහිවන පරම්පරාවක වුවද බලපෑ හැක. මෙම අවධානම් තත්වයෙන් මිදීම අවම කර ගැනීමට නම් හැකි සෑම අවස්ථාවකම රජයේ රෝහලක ඇති මානසික විශේෂඥ සායනයක් වෙත පිය නැගීම වැදගත්. එසේම සේවාලාභියාගේ භාරකරුවන් රෝගයට අවශ්‍ය ප‍්‍රථිකාර කිරීමේ සුදුසුකම් එම වෛද්‍යවරුන්ට තිබේදැයි විමසිලිමත් වීමද අවශ්‍යය. සාමාන්‍ය ෙවෛද්‍යවරයෙකුට රෝගය විනිෂ්චය කිරීමේ සාමාන්‍ය හැකියාවක් ඇති වුවත් ප‍්‍රථිකාර සදහා පළපුරුදු සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කල යුතුය. එසේම යම් ආර්ථික අපහසුකම් ඇති අයෙකුට වුවද තමා පදිංචි බල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානසික උපදේශකවරයෙකුගේ සේවාව නොමිලයේ ලබා ගත හැක.  මිලියන ගණන් ජනතා මුදල් වියදම් කරමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන, උත්සව පවත්වන ජන සමාජයට සේවාවන් සැපයිය යුතු රාජ්‍ය ආයතනද මෙම උපදේශන සේවාව පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා කටයුතු නොකිරීමෙන් මෙම සේවාවේ ප‍්‍රථිඵල ලබා ගන්නා ප‍්‍රමානය අද අවම මට්ටමක පවතී. එහෙත් එවැනි කරුනු මානසික රෝගයකදී ප‍්‍රථිකාර අවශ්‍ය වන්නාට නිදහසට කරුණු නොවන බැවින් මානසික පීඩාවට පත්වූවෙක් ඖෂධ ප‍්‍රථිකාර අවශ්‍ය වන තෙක් නොසිට අවශ්‍ය ප‍්‍රථිකාර සදහා නොපමාව යොමු විය යුතුය.

ඊට අමතරව තම රැකියාවට පරිබාහිරව වෘත්තීය නිපුනතාවයක් නොමැතිවූවන් මානසික රෝග පිළිබදව පූර්ව නිගමන වලට එලඹීමද සුදුසු නැත. පසුගිය දිනක සය හැවිරිදි දරුවකුට විසිතුන් හැවිරිදි තරුණියක් විසින් හිසට ගල්ගසා අමානුෂිකව මරා දමනු ලැබීය. එම අමානුෂීය මරනයට පෙර එක් අවස්ථාවක පොලිස් නිලධාරීන් තම රාජකාරිය නිසි ලෙස නොකොට එම තරුණියට මානසික ආබාධයක් ඇති බවත් ඉවසා සිටින ලෙසත් දරුවාගේ මවට පවසා ඇත (ලක්බිම 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහය). මානසික රෝගයක් ඇති බවටත්, ඉවසා සිටිය යුතු බවටත් පොලීසිය තීරණය කලේ කුමන සාධක පදනම් කරගෙනද යන්න ගැටඵවකි. එවැනි උපදෙස් දීමේ අනිටු ප‍්‍රථිඵල භුක්ති වින්දේ අහිංසක දරුවෙකි. මෙම පුවතට ඔබ සංවේදී වන්නේ කනගාටුදායක ප‍්‍රවෘත්තියක් ලෙස මිස ඔබේ පවුලට සිදුවූ ඛේදවාචකයක් ලෙස නොවීමෙන් හෙට දින මිය ගිය දරුවාගේ පවුලේ උදවිය ඔබටත් රටටත් අමතක වනු ඇත. එයට හේතුව හෙටද අපට හද කම්පාවීමට කිනම් හෝ ප‍්‍රදේශයකින්  තවත් එවැනි ඛේදවාචකයක ප‍්‍රවෘත්තියක් අප වෙත සූදානම් වෙන බැවිනි. එහෙත් දිනකට මෙවැනි සිදුවීම් කොපමන සංඛ්‍යාවක් උපන් ගෙයිම වැළලී ඇත්ද? මානසික පීඩාවකින් පෙලෙන්නක් මෙවැනි ව්‍යවසනයක් ඇති කිරීමට පෙර පූර්ව අනතුරු ඇගවන අවස්ථා කොතෙකුත් දැකිය හැක. විශේෂයෙන් සියදිවි නසා ගන්නන් සහ මිනී මැරීමට පෙලඹෙන්නන් බොහෝ අවස්ථාවල ඒ පිළිබදව ඉගි පල කරති. මක් නිසාදයත් ඔවුන්ටද වෙනත් විකල්ප නොපෙනීම හා ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම මත මිස සිය කමැත්තෙන් කරන්නට යන දෙයක් නොවෙන නිසාවෙනි. නමුත් එම අනතුරු ඇගවීම් හාස්‍යයට ලක් කිරීම, හෝ ගණන් නොගැනීම, ඒවාට පිලියම් නොයෙදීම නිසා අවසානයේදී ඒ අවාසනාවන්ත සිදුවීමට අවශ්‍ය මාර්ගය පෑදේ. මෙය නොසැලකිල්ල මිස කර්මඵල විපාක ලෙස හැදින්විය නොහැක.
තවත් අතකින් බැලූ කල සියදිවි නසා ගැනීමක් වාර්ථා කරනයේදී අනුකම්පාව දයාව වෑහෙන, එම සමාජ අසාධාරනයක් මත සිදු වූවක් ලෙසත් අතිශෝක්තියෙන් වර්ණනා කිරීම, දෘෂ්‍ය මාධ්‍යයන්ගෙන් එම සිදුවීම සංවේදනාත්මක රග දැක්වීම තුලින් සියදිවි නසා ගන්නන්ට ධනාත්මක  ප‍්‍රථියත්නයක් සැපයේ. මෙහිදී කල යුත්තේ අසල්වාසීන්, ඥාතීන්ගේ දුක් අෙදා්නා ප‍්‍රචාරය කිරීමට වඩා අභියෝගයන්ට මුුහුුණ දීමේදී ඇති වූ පෞරුෂ දුර්වලතාවයක් බව සහ එයට හේතුවූ මනෝ විද්‍යාත්මක පසුබිම  සමාජයේ ජීවත් වන්නන්ට විද්‍යාත්මක ඇසකින් පෙන්වා දෙන්නේ නම් අනාගත පරපුරට ඉන් ඉතා වැදගත් ආදර්ශයක් සැපයේවි.

තවද දැනට පවතින ආර්ථික හා සමාජ ක‍්‍රමය මත පුද්ගලයා අනුගමනය සහ අනුකරණයට පොළඹවා ගැනීම පහසුවේ. ඊට සමගාමීව මාධ්‍ය වාරනයන්ද, ජනතාවට විවේක බුද්ධියක්ද නොමැති කමෙන් විශ්ලේෂණාත්මක චින්තනය නැතිවී පිරිහෙන ජන සමාජයක් බිහි වෙමින් පවතිී. මේ සාකච්ඡුා කරන බහුතර ජන සමාජයට කම්කරු, රියදුරු, ලිපිකරු, දේශපාලකයින්, නීතීඥවරු, ගුරුවරු, වෛද්‍යවරු, පූජකවරු ඇතුඵ සියඵ දෙනාම එකාමෙන් ආත්මාර්ථකාමී ගමන්  මගක ගමන් කරන නිසාවෙන් තමන්ගේ ආරක්ෂාව පිළිබදව තමන්ම අවධානය යොමු කර ගැනීමට සිදු වී ඇත. 

අතීතයේ ජාතික වශයෙන් රටක් ගොඩ නැගීමට තම ජීවිතය කැප කල වෛද්‍ය සේනක බිබිලේ වැනි ශ්‍රේෂ්ඨ විරුවන් සිටියද, අනාගතයේ එවන් බිහි වීමක පෙරමග සලකුණු පහල වීමත් සමගම එය නිය පොත්තෙන්ම කඩා දමන දේශිය, විදේශීය හවුල් මාෆියාවන් ඇත. එක්දහස් නමසීය හැත්තෑව දශකයේ ශ‍්‍රී ලංකාවට දේශීය ඖෂධ ප‍්‍රථිපත්ථිය හදුන්වා දීමට ගිය වෛද්‍ය සේනක බිබිලේ මහතාගේ අද්භූත මරණය මීට හො`ද නිදසුනකි. අදද අවුරුදු තිහකටත් වඩාපැරණි එම දේශීය ඖෂධ ප‍්‍රථිපත්තියේ ඇති වැදගත් කම සහ වෛද්‍ය සේනක බිබිලේ මහතාගේ ගුණ වැයුමට පමණක් සීමාවී තිබීම සිහිපත් කරමි. ඉදිරියට තවත් අවුරුදු ගණනාවක් ගත වෙනතුරුද මෙම පූජෝපහාර මෙසේම පැවතේවි. ඒ සදහා රාජ්‍ය අනුග‍්‍රාහකයන්, ඖෂධ ගෙන්වන්නන්, නිෂ්පාදකයින්ගේද අනුග‍්‍රහය ලැබෙනු ඇත. එහෙත් දේශිය ඖෂධ ප‍්‍රථිපත්තිය ලංකාවේ ස්ථාපන කිරීමට උත්සාහ ගතහොත් මෙකී සංවිධාන විසින්ම එය වලකාලනු ඇත. වර්තමානය ගැන කතා කිරීමේදී අතීත සිදුවීම්ද වර්තමානයට වැදගත් බැවින් එවැනි කරුනු පිළිබදවද සුඵවෙන් හෝ දැනුවත් වීම වැදගත් වෙනු ඇත. 

නැවතත් මානසික රෝග දෙසට අවධානය යොමු කිරීමේදී කායික රෝගයකදී රෝගියෙකුට පමාවී හෝ තමාටම අවබෝධයෙන් ප‍්‍රථිකාර ගැනීමට හැකි වන අතර මානසික රෝගයන් උත්සන්න වීමේදී පුද්ගලයා ප‍්‍රකෘති සිහියෙන් මිදීම හේතුවෙන් රෝගයක් වැළදීමට පෙර ආරක්ෂා විය යුතුය. ඒ සදහා මානසික රෝග හා ගතයුතු ක‍්‍රියා මාර්ග පිළිබදව මූලික දැන ගැනීමක් අවශ්‍ය වේ.  

මානසික රෝග (Mental Illness) ඇතිවීමට ප‍්‍රධාන වශයෙන් බලපාන සාධක ලෙස විරැුකියාව, ආදායමට වඩා වියදම ඉහලයාම, රැුකියාවේ පීඩාකාරී ස්වභාවය, අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් නැතිවීම, මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වීම, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, ළමා අපයෝජනයද පෙන්වා දිය හැක. මුලදී ආතතියක්(Stress), මානසික අපහසුතාවයක් ලෙස දැනුනනද එය දරා සිටීමෙන් කාන්සාව  (Anxiety), විශාදය(Depression) වැනි තත්වයන්ටත් පරිවර්තනය විය හැක.  එම නිසා තමාට හෝ  තම පවුලේ අයෙකුට, ඥාතියෙක් හිතවතෙකුට එවැනි පීඩනයක්(Tension) කාලයක් දරා සිටින බව පෙනේ නම් ඉක්මනින් මානසික උපදේශකවරයෙකුට යොමු කිරීමෙන් ඖෂධ ප‍්‍රථිකාර වෙත යාමට පෙර ගැටඵව සරලව නිරාකරනය කරගත හැක. ඉන් ඖෂධ වලින් ඇති විය හැකි අතුරු ආබාධ වලින් මිදීමට හැකි වනු ඇත. බොහෝ රෝගීන් ඖෂධ භාවිතයට අනවශ්‍ය බියක් දක්වන අතර පවතින රෝගී තත්වයෙන් මිදීමට නම් වෛද්‍ය උපදෙස් නිවැරදි ආකාරයට පිළිපැදීමත් ඖෂධ නතර කිරීමද වෛද්‍යවරයාගේ උපදෙස් මතම සිදුකල යුතුය. සමහර රෝගීන් වෛද්‍යවරයා නිර්දේශිත කාලය ඉක්මවා බෙහෙත් ගැනීමෙන් හා මාත‍්‍රා වෙනස් කර භාවිතයෙන් අනවශ්‍ය ගැටඵ ඇති කර ගනී. 

මානසික රෝගයකදී රෝගී තත්වයට පත්වූ පුද්ගලයාට සේම ඔහුගේ පවුලේ, සමාජයේ ජීවත් වන්නන්ටද විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. මානසික රෝග වලට ක්ෂණික ප‍්‍රථිකාර කේෂ්ත‍්‍රයේ කොතැනකවත් නිර්දේශ වී නැත. එම නිසා සමහර රෝගීන්ගේ භාරකරුවන් ඉක්මන් සහනය ලබා ගැනීමට දේවාල, යාඥා, යන්ත‍්‍ර-මන්ත‍්‍ර, පුද පූජා සදහා යොමු වන්නේය. බලි තොවිල් වැනි සම්ප‍්‍රදායික ක‍්‍රම වලින් මානසික රෝග සුව කල නොහැකි යයි නිෂ්චිත වශයෙන් බැහැර කල නොහැකිය. අතීතයේ රාවණා යුගයේ පටන් තිබූ විවිධ පුද පූජා ක‍්‍රම ශිල්ප මගින් රෝග නිවාරනය කෙරුනු ලැබුවත් එදා පැවති එම සම්ප‍්‍රදායික ක‍්‍රම අභාවයට ගොස් සුදුසුකමක් හෝ රජයේ ලියාපදිංචියක් නොමැතිව බදු රහිතව ආදායම් ඉපයීමේ පහසු ස්වයං රැුකියාවක් ලෙස අද බොහෝ දෙනා දේවාල, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කිරීම නිසා මෙම ක‍්‍රම වෙත විශ්වාස තැබීම භයානකය. එහිදී ඇති වන භයානක අතුරු ප‍්‍රථිඵල ගැන කතා කිරීමට වෙනමම කාලයක් ගත කල යුතුය. 

සාමාන්‍යයෙන් මානසික රෝගයකට ලක්වූවෙක්ගේ ස්වභාවය හ`දුනා ගැනීමට උපකාරීවන කරුණු කීපයක් සලකා බලමු. 
x දෛනික කටයුතු අඩාල වීම  x අමුතු හැසිරීම්
x අධික ලෙස කේන්තියාම, දුක දැනීම, x සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීම              x නින්දයාම අඩුවීම, x හුදකලාව සිටීමට ඇති රුචිය
x අධික ලෙස කතා කිරීම x තනියෙන් සිනාසීම, තනියෙන් කතා කිරීම,     x අස්වාභාවිකව කටහඩවල් ඇසීම, කතා කිරීම x සැකය

එහෙත් මින් අවස්ථා කිහිපයක් තිබූ පමණින්ම යම් අයෙක් මානසික රෝගියෙකු බවට ස්ථිර වශයෙන්ම නිගමනය කල නොහැක. රෝග විනිෂ්චය ස`දහා විශේෂ පුහුණුවක් තිබිය යුතුය. එසේම තමන්ද ප‍්‍රථිකාර ස`දහා ප‍්‍රවේශ වන ආකාරය අනුව කඩිනමින් රෝගය සුව කරගැනීමට පහසු වෙයි. උදාහරනයක් ලෙස කාලයකට පෙර නියුරෝසීය වශයෙන් සැලකූ රෝගියෙක් ප‍්‍රථිකාර ස`දහා මානසික උපදේශනවරයෙකු වෙත යාම යහපත් වුවද, සයිකොසීය වශයෙන් හැ`දින්වෙන රෝගියෙකු සාමාන්‍යයෙන් යොමු විය යුත්තේ මානසික වෛදවරයෙකු වෙතය (මෙය සාමාන්‍ය සරලව විිග‍්‍රහයකි. මෙහිද වෙනස් වන අවස්ථා ඇත.) මෙහිද විවිධ. සමහර අවස්ථාවලදී නියුරෝසීය රෝගියෙකු වෛද්‍යවරයා වෙත යොමුවූ විට ඖෂධ රහිත සුව කිරීමක් කල හැකි වුවත් ඔහු එසේ නොකොට ඖෂධ ප‍්‍රථිකාර නිකුත් කිරීමට පුඵවන. සයිකොසීය රෝගියෙකු උපදේශනවරයෙකු වෙත යොමු වූ විට වෛද්‍ය ප‍්‍රථිකාර සදහා යොමු නොකොට උපදේශනය මගින් රෝගියා සුව කිරීමට උත්සාහ ගැනීමෙන් රෝගී තත්වය උත්සන්න විය හැක. බොහෝ අවස්ථා වල වෛද්‍යවරයා සහ උපදේශනවරයා සහ ප‍්‍රජාව එක්ව කෙරෙන ප‍්‍රථිකාර හා සේවාවන් වලින් රෝගියා ඉක්මණින් රෝගී බවින් මුදවා ගත හැකිය. නමුත් තමා වෙතට එන සේවාලාභියාට / රෝගියාට අවශ්‍ය ප‍්‍රථිකර්ම සදහා වෙනත් ප‍්‍රවීන අයෙකු වෙත යැවීමෙන් තමාට අවමානයක් හෝ අහිමි වන ආර්ථික වාසියන් නිසා එවැනි යොමු කිරීමක් සිදුවේ දැයි සැක සහිතයි. තවද බලි තොවිල්, යාග හෝම, ආගමික යාඥා වලින් සුවය ලබන්නට ගොස් වෛද්‍යවරයාටද නිට්ටාවට සුව කල හැකි රෝග ජීවිත කාලය පුරා ඖෂධ මගින් පාලනයකට පමණක් සීමා කෙරෙන අවස්ථාද ඇත.  මේ නිසා ඔබේ, ඔබේ සමීපතමයෙකුගේ මානසික ගැට`ඵවකට මැදිහත් වීමේදී ඉහත සදහන් කරුනු අවබෝධයෙන් සැලකිල්ලට ගෙන කටයුතු කරන්නේ නම් වඩාත් ප‍්‍රයෝජනවත් වේවි.                                                            (01/06/2012)
 

 

1 comment:

  1. මේ ලිපිය ප්‍රසිද්ධ පුවත් පතක පලකරවා ගැනීමට 2012 ජුනි මස සිට පත්තර කන්තෝරු වලට ගොස් ගත් උත්සාහය අසාර්ථක විය. තවත් උත්සහ කලේනම් මා ද Depression වෙනු ඇත. අහම්බෙන් මා නෙත ගැටුන ස්ත්‍රීවාදය නම් බ්ලොග් එක නිසා ලැබුන පන්නරයෙන් දැන් මා නිදහස් රචකයෙකි.

    ReplyDelete