Skip to main content

කුනු සහ මී ෙතාටමුල්ල කුනු කන්ද

කුනු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක් . මේ කුනු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ⁣කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා, මහින්ද එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මෙය විසඳීමට උස්සාහ ගන්නකොටම ආන්ඩුව පෙරලුන නිසා ආන්ඩුව පෙරලූ ජනතාව වැරදිය. ජ.වි.පෙ මේ කුනු කන්ද සමනොල කන්දක් කරගෙන ජනතාව කුපිත කරවාවි. මේ පිලිබද පුවත්පත් කුනු කන්ද නාය ගිය බව දැක්කද දවල් 1සිට මධ්‍යම රාත්‍රීය තෙක් මිනිසුන් සුන්බුන් වලට යටවී අධික දුඟදේ ජීවිතය ඉල්ලා හඬාවැටෙන බවත් ජීවිත බේරාගැනීමට එක්ස්කැවේටර් අවශ්‍ය බව පුවත්පත් වල නොදුටු නිසා මෛත්‍රීපාල ජනාධිපති නිදහස්ය. අනික මැරුන අයට, මැරෙන්න පන අදින අයට වඩාහෙට හිස තෙල්ගෑමේ උත්සවය සංඝ සභාව සමඟ මහනුවර දී සැමරීම ජාතික අවශ්‍යතාවය නිසාය. මෙගා පොලිස් බාර පාඨලී වැඩ දීර්ඝකාලීන සැලසුම් සකසමින් සිටියද දැනුම්දීමකින් තොරව කන්ද කඩා වැටීම නිසාත් කන්ද අවට මිනිසුන් පාඨලීගේ විද්‍යාත්මක ක්‍රමවේද සකසනකම් ඉවසා නොසිටීම නිසාත් වරද හික්මීමක් නැති කසල කන්දේය. ජපානයේ සිටින රනිල්ට කීමට ඇත්තේ දෙමල ඩයස්ෆෝරාවට හෝ සංහිඳියාවට මෙය අඳාල නොවන නිසා ජාත්‍යන්තරය මෙය ගණන් නොගන්නා නිසා මැරුන අයට very sorry කියා රජයේ වියදමින් මිහිදන් කිරීමට මුදල් නිකුත් කිරීමට නියෝග දීම පමණි. මරික්කාර්ට කීමට ඇත්තේ ඔහු කුනු කන්දෙන් චන්දය දිනුවද ආන්ඩුව 2020 දී වෙනස් කර කුනු කන්ද ඉවත් කරන්න ගත් උත්සාහය දෙවියන්ගේ කැමැත්ත මත විනිශ්චය වී ඇති බවයි. 


හිරුනිකාට මේ ගැන හිරිකිතයක් නැත්තේ මේකට දුමින්ද සිල්වාගේ සම්බන්ධයක් පටලවන්නම බැරිම නිසාය. අවසානයේ සියලුම මාධ්‍ය එකාමෙන් රතුපස්වල සිද්ධිය , වෙළඳ කලාපේ රොෂේන් චානක සිද්ධිය වගේ ලොකූ ප්‍රචාරයක් දී තත්වය වෙනතකට යොමු කරවාවි. අවතැන් වූවන්ට අනාගතයේ නිවාස සංකීර්ණයක සුවපහසු හීනයක් සජිත් ප්‍රේමදාස ⁣මවා පෑවම මලවුන් පරලොවට නිවටුන් සිහිනලොවකද සැතපෙනු ඇත. සියලුම මින් වාසි ගන්නා දේශපාලන ,රාජ්‍ය බලධාරීන්ට මෙය සාපයක් නොවේවිද?

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...