Search This Blog

Thursday, November 2, 2023

ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාවල හෙට දවස


    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසය සලකා බැලූ කල වර්ෂ 1948 පිරිමි මීටර් 100 ඔලිම්පික් රිදී පදක්කමෙන් පටන්ගෙන 1964 ටෝකියෝහිදී ඔලිම්පික් තරගාවලියේදී කරුණානන්ද පරාජිතයෙකු වුවත් කරු සිලෝන් නමින් ලොව ක්‍රීඩාලෝලීන්ගේ ගරුත්වය ලැබ පසුව අධිෂ්ඨානයේ ශක්තිය ලෙස ජපන් පාසල් පෙළපොත් වලටද ඔහුගේ නම ඇතුළත් විය. 

1976 ඔලිම්පික් උළෙලේදී ලූෂන් රෝසා ට ඔලිම්පික් තරගාවලිය අහිමිවූයේ ශ්‍රී ලාංකික නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් නිසා බවද කියවේ. එයින් ලාංකීය නිලධාරීවාදය එකල සිට මෙකල දක්වා වර්ධනය වෙමින් පවතින බව පෙනේ. 1996 ලෝක ක්‍රිකට් ශූරතාව ලංකාව දිනා ගනිමින් නැවතත් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකාව වසර 2000දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී වසර 52 කට පසු සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් දෙසීය දෙවන ස්ථානයෙන් පිදුම් ලැබීය. 

මෙහිදී 1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ලංකාවට අඩිතාලම වූයේ පැවැති අර්බුදයන් හමුවේ ප්‍රබල විදේශීය කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලංකාවට ලැබුණු ප්‍රසාද ලකුණු සහ සුසන්තිකා ජයසිංහට දෙවන ස්ථානය දිනාගත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක භාවිතා චෝදනා නිසා ඇයගේ ස්ථානය සුසන්තිකාට හිමිවීම නිසාය. මෑත භාගයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ තරගවලින් බොහෝ ස්ථාන ලබා ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඒ ගැන සතුටු විය හැකි අතර නමුත් කාගේත් අවධානයට යොමු නොවූ සුවිශේෂ කරුණක් ඉස්මතු කර පෙන්වීමට කැමැත්තෙමි.  

සාමාන්‍යයෙන් ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයකු වසර ගණනාවක් එම ක්ෂේත්‍රයේ දස්කම් පාමින් තම නම පවත්වාගෙන ජයග්‍රහණ ලබා ගනී. පසුගිය දශක කීපයේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ කිසිදු ක්‍ර්‍රීීඩකයකුට තම ජාත්‍යන්තර ජයග්‍රහන ස්ථාවරව පවත්වාගෙන යෑමට නොහැකි වූයේ ඇයි? 

ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය හෝ අදාල බලධාරීන් විමසීමක් විශ්ලේෂණයක් නොකළේ මන්ද යන්න ප්‍රහේලිකාවකි. අප දන්නා මෑත ඉතිහාසයට ගියවිට 1996 ලෝක කුසලානය දිනා ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වෙනත් රටවල මෙන් ඊළඟ ලෝක කුසලයානයට සහභාගිවීමට වැඩි දායකත්වයක් වනවා වෙනුවට පුවත්පත් සාකච්ඡා වෙළඳ දැන්වීම් වලට පෙනී සිටීම වැනි අතිරේක ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් යෙදෙනු දක්නට ලැබුණි. එයට අත්වල සැපයූවේ  ජනමාධ්‍යයි. එම ක්‍රීඩකයන් පිළිබඳ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු, අතීත තොරතුරු පුවත්පත්වල රූපවාහිනීවල පිටු ගණන් පැය ගණන් ප්‍රචාරය විය. එයට නොදෙවෙනි වූ රජය මෙම ක්‍රීඩකයන්ට නම්බු නාම ඉඩකඩම් පරිත්‍යාග කිරීම් ද, පෞද්ගලික අංශය ඔවුන්ගේ වානිජ ප්‍රචාරයන් සඳහා උසස් තනතුරු යාන වාහන සමගින් ලබාදුනි. එයට ලොල් වූ ක්‍රීඩකයන් ක්‍රීඩාවට වඩා මුදල පසුපස හඹා යාමත්,  සිංදු කීම, නැටීම වැනි සන්දර්භයන් වෙත වැඩි වැඩියෙන් යොමුවිය. තව කොටසක් දේශපාලන අතකො`ඵ විය. එතැන් පටන් අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇති අවාසනාවන්ත තත්ත්වය දෑස් ඉදිරිපිටම පෙනෙන්නට ඇත. 

වසර 2000 දී ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහට ද සිදු වූයේ ඒ අවාසනාවන්තම සිදුවීමයි. ගමෙන් කොළඹට පැමිණ අනේකවූ දුක් ගැහැට මැද ඇය තනියම ලබාගත් ඔලිම්පික් පදක්කමට නෑකම් කීමට එවකට සිටි ක්‍රීඩා ඇමතිද නිතර නිතර ඇය බැලීමට ගොස් සිදුකරගත් අවමානය දැන් බොහෝ අයට අමතකය. මෙවන් ඉතිහාසයක් තුළ ලංකාවේ  ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ ඇති සේවාව කුමක්ද යන්න යමෙක් ඇසුවොත් වියදම් කළ මුදල් ශීර්ෂ පෙන්නනවා හැර වෙනත් කිසිවක් ඇත්දැයි සිතිය නොහැක. ලංකාවේ දුක් මහන්සි වී පහසුකම් නොමැතිව ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ පිහිටෙන් අදාළ රාජ්‍ය ආයතන සහ ලේ උරා බොන කිනිතුල්ලන් මෙන් ඉන් යැපීම හැර එම ක්‍රීඩකයන්ට හෝ රටට සිදුවූ සේවයක් නැත. මෑත කාලයේ ලංකාවේ ‍ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය දූෂණය නාස්තිය පිළිබඳ කෝප් කමිටුවේ සහ ක්‍රීඩා ඇමතිවරයාගේද දෝෂ දර්ශනයට ලක්වනු දක්නට ඇත. නමුත් කෝප් කමිටුවට හෝ ක්‍රීඩා ඇමතිවරයාට මාධ්‍ය ඉදිරියේ දොස් කියමින් හොටු පෙරාගෙන අඬනවා වෙනුවට ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත නොහැකි නම් එම තනතුරුවලින් ඉවත් වුවහොත් රටේ ජනතාවට ඔවුන් ජීවත් කරවීම පිණිස ගෙවන බදු මුදල් අඩු කර ගත  හැක. පාලක මණ්ඩල ක්‍රීඩාවේ නාමයෙන් ව්‍යාපාරිකයන් නළු නිළියන් සමගින් රට සංචාර කරමින් ලංකාවේ කීර්ති නාමය කෙළෙසමින් ක්‍රීඩකයන් වෙනුවෙන් කටයුතු නොකොට රුපියල් මිලියන බිලියන ගණන් කාබාසිනියා කරයි. ඒ ගැන රජයේ විගණනාධිපතිට හෝ කිසිවෙකුට එරෙහිව කටයුතු කිරීමට නොහැකි නම් ඒ පිළිබඳ නීති සම්පාදනය නොකොට මාධ්‍ය ඉදිරියේ හඬා වැළපීම ජනතාව ගොනාට ඇන්දවීමක්දැයි ප්‍රේක්ෂකයෝ සැක කරයි

මේ වන විට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවලින් ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ ඉසව්වන් ඔස්සේ දක්ෂකම් පාමින් ඉදිරියට එමින් ඇත. නමුත් අවාසනාවකට අනූහයේ ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමට සහ සුසන්තිකා ජයසිංහට අත් වූ ඉරණමම අපේ ලාබාල දූ දරුවන්ට අත්කරදීමට උත්සාහ දරන බව මධ්‍යස්ථව අධ්‍යයනය කරන්නෙකුට හොඳින් පෙනේ. 

ක්‍රීඩාවකදී ජයග්‍රහණය සඳහා කැපවීම ඉවසීම යන ගුණාංග අනිවාර්ය අංගයකි. ඒ සඳහා ක්‍රීඩකයකුගේ කායික මානසික සමාජීය සමබරතාවය හොඳින් පවත්වාගෙන යා යුතුය. 

කෙසේ වෙතත් අතිශය දුෂ්කරතා මැද තිබෙන පහසුකම් මත ‍ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම දෙමාපියන් පාසල ඇතුළු වටපිටාවෙන් ලබා ගන්නා ශක්තියෙන් කෙසේ හෝ ජාත්‍යන්තරය ජය ගනී. එවන් ක්‍රීඩකයෙක් ජය ලබා නැවත ගුවන් තොටුපලට පැමිණෙන විටම ඇය වටකර ගන්නා මාධ්‍යකරුවන් ඇයගෙන් විමසන්නේ ඇයට තිබූ ආර්ථික දුෂ්කරතා බාධක පිළිබඳව සහ මේ ගමනේදී ඇයට හෝ ඔහුට බාධා කළ පුද්ගලයන් චරිත වැනි අපගාමී ගැට`ඵ පිළිබඳවය. පසුව ඒවා රූපවාහිනියේ පුවත්පත්වල ඉස්මතු කරමින් කන්න නෑ, ඉන්න තැනක් නෑ, උපකරණ නෑ.... ආදී වශයෙන් පලකරයි. පසුව ඒ සඳහා දේශපාලන, වෙළඳ අනුග්‍රාහකයන් ඉදිරිපත් වී  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹින් නිවාස වාහන පහසුකම්, පෝෂණ සඳහා වියදම්, පුහුණ වීම් සමගින් කිරීමට රැකියාවන් ලබාදෙයි. මෙතෙක් කලක් විවිධ වූ දුෂ්කරතා මැද ජාත්‍යන්තර ජයගත් මෙම දරුවන් එකවර දෑවැන්ත ප්‍රසිද්ධියක් සමගින් සුඛෝපභෝගී ජීවන රටාවකට ඇද දැමීම තුළ ඔවුන්ට ඉන් ඉදිරියට ක්‍රීඩාවට වඩා ප්‍රසිද්ධිය සැප සම්පත් පසුපස හඹායාමටත් ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් අරගලයක යෙදීමට සිදුවේ. 


මෙහිදී මෙ ක්‍රීඩකයන්  කායික සහ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම තුළ මුලදී සඳහන් කර කායික මානසික සමාජීය සමබරතාවය බිඳවැටේ. සාමාන්‍යයෙන් ක්‍රීඩකයන්ට විශේෂයෙන් අවශ්‍ය වන්නේ මානසික ශක්තියයි. එය වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ලංකාවේ නාමික ආයතන පුද්ගලයන් සිටියද මෙම කායික මානසික සමාජීය සමබරතාවය පැවැත්ම උදෙසා පවතින ක්‍රමය වෙනස් විය යුතු බව කීමට තරම් වගකිවයුතු පුද්ගලයෙක්, ක්‍රීඩා උපදේශකයෙක්, විචාරකයෙක්, ජනමාධ්‍යයක් දකින්නට නැත. මෙම කායික මානසික සාජයීය සමබරතාවය බිඳ දැමීම නිසාම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔවුන්ගේ දක්ෂතාවන් ගෙන් පහලට වැටීම පෙනෙන්නට ඇත. නිදසුනක් ලෙස ආර්ථික සහ පෝෂන අඩුපාඩුකම් මැද හුදකලාව ජාත්‍යන්තරය ජයගන්නා ඔවුන්ට මානසික වර්ධනය හැර අනෙකුත් පහසුකම් ලැබුණ පසු මන්දගාමී වන්නේ ඊට වඩා ඔවුනට වඩා වැදලත් වන්නේ මානසික ශක්තිය බව ඉන් මනාව තහවුරු වේ. එයයි අභාග්‍යය. 

මේ නිසා ජාත්‍යන්තරය ජයගෙන ගුවන් තොටුපලට පැමිණෙන සෑම ක්‍රීඩක ක්‍රීඩකයෙකුටම මාධ්‍ය සහ  ක්‍රීඩාවට අදාළ ආයතන තුළින් කරන්නාවූ අනුකම්පා විරහිත හිංසනය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පළමු ජයග්‍රහණයෙන්ම නොදැන තම ක්‍රීඩා දිවිය අවසන් කර ගනු පෙනෙන්නට ඇත.

මෙම ක්‍රමය පවතින තාක් කල් ක්‍රීඩකයකුට තම දක්ෂතාවය ප්‍රගුණ කිරීමින් ඉදිරියට ඒමට පහසුකම් සපයනු වෙනුවට කෙසේ හෝ ඉදිරියට ආ ක්‍රීඩකයට අල්ලස් වරදාන ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ජාත්‍යන්තරයෙන් අතුගෑවෙමින් පවතින බව කනගාටුවෙන් වුවත් අනාගතය වෙනුවෙන් ප්‍රකාශ කර තැබීම කාලෝචිත යයි සිතේ.            (01/11/2023)



Sunday, October 22, 2023

ළමා දිනය ගුරු දිනය සැමරීම සහ k-pop නැටුම


අද වන විට ලංකාවේ ජාත්‍යන්තරයෙන් නම් කර ඇති විවිධ වූ කාණ්ඩයන් යටතේ නිශ්චිත දිනයට නොවුනත් විවිධ වූ සැමරීම් සිදුවෙමින් තියෙනවා. මෙය ඉතා හොඳ ක්‍රියාවක්. නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව බලන කල අප රටේ සිදුවන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් යමක්. අවාසනාවකට එය තේරුම් ගැනීමට වඩා තේරුම් කර දීමට අපහසු තත්ත්වයකට රට පත් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙක්ගෙන් අද රටේ තත්ත්වය ගැන ඇහුවොත් දුෂිතයි පිරිහිලා ආදී ප්‍රකාශ මාධ්‍ය තුළ දකින්නට පෙනෙන්නට තියෙනවා. නමුත් එහෙම කියන ජනතාවම ඉහත කී ජාත්‍යන්තරයෙන් අපට හඳුන්වා දුන් ගුරු දින, ළමා දින, වැඩිහිටි දින, මවගේ දිනය, පියාගේ වැනි දිනයන්හි සිදුවන උත්සව අවස්ථාවන් සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ්‍ය සේවය, උගතුන් විද්වත් යැයි කියා ගන්නා කොටස් මෙය ඉතා අගය කරමින් රූපවාහිනී, සමාජ මාධ්‍ය ජාලා තුළ කතා කරනවා දකින්නට ලැබෙනවා. වසර ගණනාවක් මෙම සැමරීම් දිනයන්හි ඇති වටිනාකම හා නොවටිනාකම් පිළිබඳව කවර පූජකයෙකු, වෘත්තිකයෙකු, සමාජ මනෝ විද්‍යාඥයෙකු හෝ දේශපාලකයකු කතා නොකිරීම නිසා මෙසේ ලිවීමට සිත් විය. මේ පිළිබඳව දශකයකට වැඩි කාලයක් ලියමින් කියමින් ලද අත්දැකීම් නිසා නැවතත් ලියා තැබීමට අදහස් කළෙමි. මේ පිළිබඳ බහුතර ජනතා මතය මා සමග නොවන බව ද ඉහත කී පුද්ගලයන් මේ පිළිබඳ කතා නොකරන්නේ ද ඒ නිසා බව මා ලද අත්දැකීමෙන් දනිමි. 


මොකක්ද මේ සැමරුම් වල අර්ථය. විදේශීය රටවල නිදසුනක් ලෙස ළමා දිනය ගත්විට ඒ සඳහා වූ ළමා අධ්‍යාපන විශේෂඥයන් ළමා මනෝ විද්‍යාඥයන් සමාජ විද්‍යාඥයන් එක්රැස්ව සකසන ලද වැඩපිළිවෙළක වාර්ෂික ප්‍රගතිය සංඛ්‍යාත්මක සහ වාර්තාමය ලෙස ප්‍රකාශයට පත්කොට වසරේ එක් දිනක් එහි සාර්තකත්වය සංකේතාත්මකව සැමරීමක් සිදු කරයි. එවැනි රටක සංඛ්‍යා ලේඛන දත්ත තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමට අදාල රාජ්‍ය ආයතනයන්ගේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව තවත් විස්තර අවශ්‍ය නම් අදාල ආයතනයන්ට කතා කිරීමෙන් අපහසුවකින් තොරව සුහදව ලබා ගැනීමේ හැකියාවක්ද ඇත. ඒ අනුව ඔවුන් ලබාගන්නා තොරතුරු රටේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත නැවතත් සංශෝධනය වේ.  එයයි එක දිනයක සැමරුම.

දැන් අපි බලමු ලංකාවේ ළමා දිනය සමරන ආකාරය. මේ සඳහා ඇති රාජ්‍ය ආයතන වල තොරතුරු සංඛ්‍යාලේඛන ලබාගැනීමට  නිසි ක්‍රමවේදයක් නැත. ඔවුන්ගේ වෙබ් අඩවි වල ඇත්තේ ඉදිරියට කිරීමට නියමිත වියදම් සැලසුම් සහ දේශපාලන බලාධිකාරිය සමග සිදුකරන ලද දෑවැන්ත උත්සව වල ඡායාරූප පමණි. ළමා දිනයක් සැමරීමට තරම් ළමයින්ට අධ්‍යාපනය ලැබීමේ තබා නිදහසේ පාරේ ගමන් කිරීමේ හැකියාවක්වත් අද තිබේද? වර්තමානයේ ලංකාවේ ඇගයීම සහ සැමරීම සඳහා අත්‍යවශ්‍ය අංගය වන්නේ නර්තනයයි. ඒ සඳහා මුල් පෙළ ගැස්ම සිදු කරන්නේ රූපවාහිනී නාලිකා මගින් ගායන නර්තන තරග පවත්වා මිලියන ගණන් තෑගි දෙමින් එම දරුවන්ට අසීමිත ප්‍රසිද්ධියක් ලබා දෙමින් අනෙකුත් දරුවන්ට ද ඒ සඳහා පෙළඹවීමක් සිදුකරයි. දෑවැන්ත මුදල් සම්භාරයක් මේ සඳහා වැය කරද්දී රටේ දරුවන්ගේ මන්ද පෝෂනය වැඩි වෙමින් ඇත. දෙමාපියන්ද, පාසල් මට්ටමින් ළමයාගේ හැකියාව මත නොව මිල මුදලින්පණිවිඩ sms මගින්, බැනර් ප්‍රදර්ශනය ජයග්‍රහණය සඳහා කටයුතු කරයි. ඒ සඳහා ජංගම දුරකථන මාධ්‍ය ජාලාද, රූපලාවන්‍ය නිෂ්පාදකයන්ද, ඊට අදාළ එවැනි ආයතන අනුග්‍රහකත්වය දක්වන්නෙ එතුලින් ඔවුන්ට ලැබෙන්නාවූ ආර්ථික වාසි වෙනුවෙනි. අතිශය දුෂ්කර ප්‍රදේශයක වරක් මා සහභාගි වූ උත්සවයකදී  රූපවාහිනී නර්තන වැඩසටහනක අවසන් වටයට තේරී පත් වී සිටි කුඩා දියණියකගේ නර්තනයක් ඉදිරිපත් විය. එය නැරඹූ ප්‍රධාන අමුත්තා එම නර්තනය නැවතත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය. නමුත් එම දැරිය ගේ නර්තනය අංගචලනය එම කුඩා දරියගේ වයසට නොගැළපෙන මෝරාගිය බවක් ඔවුන්ට නොතේරුණි. කෙසේ වෙතත් එම නැටුම් පුහුණු කල ගුරුවරයාට ද මෙහිදී වේදිකාවට කැඳවා විශේෂ ස්තුතියක් ද සිදු විය.

මෙසේ රටේ සෑම දෙයකටම නර්තනය සඳහාම (motivation) අභිප්‍රේරණය කිරිමෙන් ඇතිවන පවිටු ප්‍රතිඵලය අද උත්සන්න වී ඇත. නමුත් ජනතාවට එය තවමත් තේරුම් ගොස් නැත. ගොබෙල්ස් න්‍යාය මෙන් මෙය නිතර නිතර ඇසීමට දැකීමට සැලැස්වීමෙන්  සාමාන්‍යවීම සහ රටේ අවශ්‍යතාවයක් බවට ජනතාවද වැළඳ ගෙන ඇත. එම නිසා අද ගුරු දිනයටත් ළමා දිනයටත් පාසැල් වල සිදුවන්නේ පසුගිය වසරේ ළමයින් වෙනුවෙන් සිදුවූ අඩුලු‍හුඩුකම්,  ප්‍රගතිය සමාලෝචනය නොකොට නර්තනයට මුල්තැන දීමයි.  ළමා දිනයක දී ගුරුවරුන් විසින් කළ නර්තනයක් සමාජ මාධ්‍ය මුහුණු පොතේ බෙදමින් එක්තරා මනෝ උපදේශකයෙක් පෙන්වා දී තිබුණේ අතීතයේ ගුරුවරයාට වඩා වර්තමාන ගුරුවරු ළමයින්ට මෙයින් සමීප වන බවයි. එය අනුමත කර පුද්ගලයන් බොහෝ දුටිමි. එම ගුරුවරයාගේ නර්තනය වූයේ උඩරට පහතරට නොව ගුරුවරියන් සමග නපුංසක චරිතයකට පණපොවමිනි. මේ අතර සමරිසි අණපනත්ද පාර්ලිමේන්තු කොරිඩෝවේ සක්මන් කරයි. තවත් ස්ථානයක ළමයින් සමග ගුරුවරියක් නර්තනයක් යෙදුවේ ගුරුවරියට ගැලපෙන ලෙස නොව ඇයගේ තරුණ්‍යයේ හැඟීම් එළි දක්වමිනි. තවත් මිශ්‍ර පාසලක එම පාසලේ සියලු‍ම ළමයින් ක්‍රීඩාංගනයට රැස්කර සංගීතය සපයමින් මහවැස්සේ නටන්නට අවස්ථාවක් ලබා දී තිබුණි. මට ඇතිවූ ගැටලු‍ව එම දරුවන් වැස්සේ තෙමී නර්තනය අවසන් කොට යන්නේ පන්තියට ය. එම තෙතබරිත වූ ඇඳුමෙන් ගැහැණු ළමයෙකුගේ ශරීරයේ යම්කිසි හැඩතලයක් එම පන්තියෙම පිරිමි ළමයෙකුට යම් කාමුක අදහසක් ඇති නොකරයි ද යන්නයි. මෙයට දාර්ශනික පිළිතුරු සැපයිය හැකි වුවත් අද වන විට පාසලේ, සමාජය තුළ මත්ද්‍රව්‍ය අපරාධ බහුලව සිදුවෙමින් ආචාරධර්ම යහපත් සම්බන්ධතා බිඳමින් සංස්කෘතිය කන්නදැයි අසන අවස්ථාවක ඕනෑම අයෙකුට ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් දාර්ශනික පිළිතුරු සැපයිය හැක. එසේම මෙම වැස්සට තෙමුණු දරුවන් නිවසට යන තෙක් එම තෙත ඇඳුම් පිටින් පාසල තුළ අධ්‍යයන කටයුතු සිදු කිරීමට සිදුවනු ඇත. එම තත්ත්වය මත ළමයින් රෝගී වීමේ අවදානමක් එක් අතකින් ඇති අතර අනෙක් අතින් රෝහලට යන රෝගියාට රෝහල ඉදිරිපිට මල්ශාලා ද ඇති බව කියන, බාල ඖෂධ ගෙන්වන ඇත්තන්ට ක්‍රියාමාර්ග නොගන්නා සෞඛ්‍ය ඇමැතිවරුන් ද සිටිති.


    මෙයිනුත් නොනැවතෙන නර්තනය රටේ ප්‍රධාන පුරවැසියාද එක්තරා පාසලක දී පවසන්නේ මා සෑම වර්කයකම නර්තන දැක්කා නමුත් k pop නර්තනය මේ පාසලේ දැක්කෙ නෑ . ඊලග පාර එනකොට එකත් ඇතුලත් කරන්න කියාය. දැන් අපේ රටේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය k pop නර්තනයද?



මෙහිදී ළමයා ගුරුවරයා, වෛද්‍යවරයා පූජකයා දේශපාලකයා කියා වෙනසක් නැත. සැවොම සිටින්නේ රටේ දේශපාලකයා සහ ජනතාව සමඟින් ඇතිකර ගෙන තිබෙන ඉදිරියේදී තවත් වර්ධනය වන සදාචාරාත්මක සහ ආකල්පමය පරිහානියකය. එයට නර්තනය ප්‍රතිකාරයක් වශයෙන් යෝග්‍ය වුවත් එය අධනය කොට නිර්දේශ කළ යුත්තේ ඒ පිළිබඳ මනා කුසලතාවක් ඇති වෘත්තිකයෙකු විසිනි. එසේ නැතුව ගුරුවරයා ගුරුවරිය තමන්ගේ ආවේග ආතති පිටකර ගැනීමට දරුවන් ඉදිරියේ හිතේ හැටියට නැටීම පිළියමක් නොවේ. (Dancing Therapy, Art Therapy, Music Therapy) නර්තනය, චිත්‍ර, සංගීත ප්‍රථිකාරයක් ලෙස භාවිතා කල හැකි වුවත් ඒ සඳහා මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව එය සිදු කල යුතුය. අද එයද මනෝ විද්‍යා උපදේශක ලෙස හඳුන්වාගත් අයද, පෞරුෂ සංවර්ධන, ධාරිතා සංවර්ධන, සවිමත් සිත වැනි මාතෘකා ඔස්සේ ඒ පිළිබඳ අනාවබෝධයෙන් දරුවන්  වේග රිද්ම සංගීතයට නැටවීම ගැනත් අසන්නට ලැබෙනවා. ඒ අනුව රටේ පළමු පුරවැසියාගේ පටන් සැමට ඇඟ පුරා Dancing Mania  ඔඩුදුවා ඇති බව පෙනේ. 

වරක් ප්‍රසිද්ධ සිංහල ටියුෂන් ගුරුවරයෙක් තමන්ට සෙක්ස් ඇරියස් එකක් ඇති බව රූපවාහනිය ඉදිරියේ පැවසීය. ඔහුගේ මතය අනුව ගංජා පානය, ශිෂ්‍යයින් සමඟ මත්පැන් පානය සමාජයේ සිදු විය යුතු බවයි. එවැනි ඡායාරූපද ඔහු විසින් සමාජ මාධ්‍ය වල පල කරනුද දැකිය හැකිවිය. එවැනි ගුරුවරුන්ගෙන් පැවත ආ ශිෂ්‍යයෝ අද ගුරුවරුන් අද්‍යාපන විශේෂඥයන්, රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වී වත්මන් සමාජ රටාව උඩු යටිකුරු කරමින් සිටින්නට පු`ඵවන. 


මෙවර 2023 ළමා දිනයට රෝගී ළමයින් ඉදිරියේ කරුණ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් නර්ථනයක යෙදුනි. තාලයට වේගයෙන් ඇඟ සෙලවීම ළමයින් වෙනුවෙන් කළ මහා පුණ්‍ය කර්මයක් ලෙස කොටසක් මුහුණු පොතේ සාධුකාර දෙනු දක්නට ලැබුණි. නමුත් කිසිවකු විසින් ප්‍රශ්න කරේ නෑ රෝහල් ගත වන දරුවාට වකුගඩු දෙකම ඉවත් කර වෛද්‍යවරයා රටින් පලා යෑමට ඉඩදීම, හෙදියන් නොසැලකිලිමත්ව  දරුවන් එන්න කර ඔවුනගේ ශරීර අවයව ඉවත් කිරීම, ඖෂධ නියාමන අධිකාරියේ අධීක්ෂණය යටතේ බාල ඖෂධ පිළිබඳ දැනුවත් කර ඇති අවස්ථාවේදී එය දරුවන්ට ලබාදීමට එරෙහිව වසරේ දින 364 ක් නිහඬව සිට එක් දිනක් දරුවන් ඉදිරියේ නැටුවම රෝගී දරුවාට අවශ්‍ය ප්‍රතිකාරය වන්නේ නර්තනයද කියා. 

එතරම්ම පිරුහිණු සමාජයක් සහ එයටම දොස් තබමින් ඒවාම අනුමත කරන සමාජයක්              (21/10/2023)


 


Sunday, October 15, 2023

සමාජ මාධ්‍ය ජාලා තහනමක් අවශ්‍යද?

 

ශ්‍රී ලංකාව මේ වන විට තාක්ෂණික දියුණුව අතින් කෙටි කලක් තුළ බොහෝ ඉදිරියට ගමන් කරමින් ඇත. එම  දියුණුව නිසා බොහෝ අයට තාක්ෂණය උපයෝගී කරගනිමින් කාලය මුදල ශ්‍රමය නාස්තිය අවම කර ගැනීමට ඉඩ පහසුව ලැබී ඇත. දියුණු බොහෝ රට වල මෙම තාක්ෂණික විප්ලවය එම පුද්ගලයන්ගේ පෞද්ගලික මෙන්ම සමාජයීය පරිසරයෙහි දියුණුව වෙනුවෙන් ද උපයෝගී කරගනු දක්නට ඇත. ශ්‍රී ලංකාව එදා ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළ අගයක පැවතුන ද මෙම තාක්ෂණික දියුණුවත් සමඟ එය වඩාත් වර්ධනය විය යුතුවත් ලාංකික පුරවැසියන්ගේ අපගමනීය චර්යාවන් එන්න එන්නම වැඩිවීමක් පෙනෙන්නට ඇත. ඊට සාපේක්ෂකව පුද්ගල කායික මානසික පිරිහීමෙත් වර්ධනයක් ඇත.

රටක් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා ප්‍රධානතම වගකීම රජය සතු වන අතර රජයෙන් පත් කර ඇති නිලධාරීන් ඒ සඳහා රජයට උපදෙස් දිය යුතුය. මේ දිනවල අධික වර්ෂාව නිසා ගංවතුර නායයෑම් තත්ත්වයක් පවතින අතර මීට මාස කීපයකට පෙර අධික නියගය නිසා මිනිසුන් පීඩනයට පත් විය. මෙම කරුණේදී මේ සඳහා පිළියම් යෙදිය යුතු රාජ්‍ය ආයතනයන්වන කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ කාලගුණ අනාවැකි බොහෝමයක් අසත්‍ය විය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හදිසි ගංවතුර අවස්ථාවකදී කලින්ම නාය යෑම් අවධානම් කලාප ලෙස ප්‍රකාශ කිරීම ගංවතුර පටන් ගන්නා විටම ආරම්භ කිරීමටත් පුරුද්දක් වී ඇත. එම අවධානම් කලාප ආරක්ෂිතව තබියදී නම් නොකල ස්ථාන ඇතු`ඵ අධිවේගී මාර්ග අසල නායායම් වලට හසුවීම හාස්‍යයකි.

භූ විද්‍යා හා පතල් කැනීම් සඳහා අමාත්‍යාංශයක් තිබුණද ජනතාවට එයින් සිදු වූ ප්‍රමිතියක්, සේවයක් පිළිබඳ ජනතාව තුළ පැහැදිලි අවබෝධයක් නැත. ඊට අමතරව පරිසර අමාත්‍යංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යාංශ වල කාර්යභාරයන්ද නිසි ආකාරයෙන් සිදුවී ඇත්ද? මේවායේ සංඛ්‍යාත්මක සහ ගුණාත්මක දත්ත සංසන්දනය කිරීමේදී රටේ ආදායමෙන් විශාලතම පිරිවැයක් වැයවන්නේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රාජ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිලි යාන වාහන නඩත්තු කිරීමට සහ එහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම් සඳහාය. මේ සඳහා රජය වසරකට වැයකරන මුදල නිවැරදි ගණනය කිරීමක් කර යෙදවුම් පිරිවැයට සාපේක්ෂව අත්කරගත් ප්‍රතිඵලයක් රටේ සංවර්ධනයට ඇතිවූ බලපෑම පිළිබඳ ඇගයීමක් මා දන්නා තරමින් ශ්‍රී ලංකාව තුළ සිදු වන්නේ නැත. එහෙත් කතිකාව 13 සංශෝධනයෙන් පලාත් සභාවලට බලතල වැඩි කිරීම පොලිස් බලතල සමඟ, හමුදාව සියයට පණහකින් අඩු කිරීමේ සැලසුම්ය.

ඊටත් අමතරව ලංකාවේ සමාජ විද්‍යාඥ, මනෝ විද්‍යාඥ, අධ්‍යාපන විශේෂඥ ලෙස සංවිධාන සහ පුද්ගලයින් කොට්ඨාශයක් පුවත්පත් වලට රූපවාහිනී, utube වැනි මාධ්‍ය වලින් ලිපි ලේකන, රූපමය සාකච්ඡා දකිනිනට අසන්නට ඇත. ඒ ඔවුන්ගේ ප්‍රසිද්ධිය තකා මිස රටේ යහපත පිණිස යයි කීමට හැකියාවක් නැත. මේ විශේෂඥ කියාගන්නා පුද්ගලයින්ට පාසල් අධ්‍යාපනයේ වසර දහයක් ඉංග්‍රීසි දැනුම ලබා දුන්නද දරුවන්ට ඉංග්‍රීසි හසුරුවා ගැනීමට නොහැකිනම්, වසර දහයක් ආගම කියන විෂය ඉගැන්නුවද දරුවා ආගම අනුව හැඩ නොගැසේනම් ඒ පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් කර එයට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමක් සොයා ගන්නට නැත. 

මෙම අවාසනාවන්ත තත්වයන්, දූෂනයන් ජනතාව අතර සත්‍යව සහ විකෘතිව වැඩිපුරම සන්නිවේදනය වන්නේ සමාජ මාධ්‍ය ජාලා තුලිනි. 

එබැවින් මේ සඳහා වාරණයන් ඇති කිරීමක් වන්නේ නම් එය ජනතාවාදී ප්‍රවේශයකින් සිදු නොවී ජනතාවට තොරතුරු සන්නිවේදනය වලක්වාලීම සඳහා අරමුණෙන් වුවහොත් තත්වය තවත් බැරෑරුම් වනු ඇත. මේ සත්‍ය අසත්‍ය තොරතුරු සම්මිශ්‍රන සන්නිවේදනය නිසා ජනතාවටද වෙමින් පවතින දෑවැන්ත ව්‍යයසනය පිළිබඳ කතාවෙන් ඔබ්බට ගිය සත්‍යවූ හැඟීමක් හෝ විශ්වාසයක් නැත. මේ පිළිබඳ පහසුවෙන්ම කටයුතු කළ හැකි විරුද්ධ පක්ෂ සැමදා පවතින රජයේ අඩුපාඩු සහ කරන්නාවූ ලබන යහපත් උත්සාහයන්ටද විරුද්ධව ජනතාව උසිගැන්වීම තුළ ඔවුන්ට අවශ්‍ය වන්නෙ රටේ දියුණුව අස්ථාවරත්වය ඇතිකර පාලන බලය මිස රට ගොඩනැගී මේ අවංක චේතනාවක් නොවන බව පෙනේ. 

මේ නිසා ආර්ථික සමාජයීය පිරිහීමට පත් ජනතාවට තම කුටුම්භයේ පැවැත්ම සඳහා සහ පවතින සමාජය විසින් පිළිගැණෙන සමාජ රටාවට අනුව ජීවන පැවැත්ම සකසා ගැන්මට දෛනික ජීවිතයේ වැඩි කාලයක් කැප කිරීමට සිදුව ඇත. එහිදී ඉතිරි සීමිත කාල සීමාවේදී තොරතුරු අදහස් හුවමාරු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හැර වෙනත් විකල්ප විරලය. මුද්‍රිත මාධ්‍ය වල මිල ගණන් වැඩිවීම ජනතාවට දරා ගැනීමට අපහසු නිසා පාඨකයාද සමාජ මාධ්‍යජාලා පරිහරනයට හුරු පුරුදු වී ඇත. එය මැනවින් දන්නා ව්‍යාපාරයක් ලෙස ඉන් යැපෙන සමාජ මාධ්‍යජාලා, වෙබ්අඩවි හිමිකරුවන් ඔවුන්ට ලැබෙන කොන්ත්‍රාත්මත ජනතාවගේ අදහස් ආකල්ප ආයෝජකයන්ගේ ඉලක්ක වෙත සූක්ෂමව වෙනස් කරවීමට කටයුතු කරයි. මේ අනුව රටේ තීරණාත්මක චන්ද වලදී වාරණයක් නොමැති නිසා අපහාසාත්මක අසත්‍යවූත් තොරතුරු සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබුණි. සමහර අවස්ථා වල යම් සංවිධාන පුද්ගලයන් ඔවුන් විසින්ම අසත්‍ය තොරතුරු පතුරුවා ජනතාව තුල සංවාද ඇති කොට පසුව එය විරුද්ධවාදීන්ගේ මඩ ප්‍රහාරයක් බවට පෙන්වා ඔවුන්ගේ වැරදිද එයින් වසා ගෙන ජනතා ආකර්ශනය ලබා ගන්නා ආකාරයක් පෙනෙන්නට ලැබුණි.

මේ ව්‍යාපාරික සමාජ මාධ්‍යජාලා දෙස් විදෙස් ආයෝජන භාවිතා කරමින් ඔවුන්ගේ අරමුණට අවැසි පාලකයා බිහිකිරීමට ලාංකීය ඡන්දදායකයා දුරස්ථ පාලකයෙන් පාලනය වන රෙබෝ කෙනෙකු ලෙස අද වන විට පත්කර හමාරය. මෙය ඉදිරි මැතිවරණ වලදී ඉතා ශෝචනීය ලෙස ක්‍රියාත්මක වන බවට දැනටමත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සහ ආගමික පූජකයකු විසින් අරඹා ඇති නව දේශපාලන පක්ෂ වලින් පිලිබිඹු වේ. එක් ව්‍යාපාරිකයෙක් විදේශීය අපද්‍රව්‍ය හොරෙන් ලංකාවට ගෙන්වා අප රටතුල මිහිදන් කිරීමට ගොස් එයට ජනතා විරොධයක් ඇති විය. අනෙක් ව්‍යාපාරිකයා එක් දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙන ඒම සඳහා පූජකයෙකු සමඟ ජනතාවට නයි පෙන්වූ අයෙකි. පූජකයා දේශපාලනයට පිවිසෙන්නේ කිසිදු බද්දක් නොගෙවා පිං කැටයට ලැබෙන සහ පූජාභූමි වල ඇති දෑවැන්ත ආදායම් වැය කරමින්ය. එසේනම් දැනටමත් මොවුන් තිදෙනාම දූෂිත චෝදනාවන්ට ලක්වූ අයය. ඒ අය බලයට පත් වුවහොත් රාජ්‍ය බලයද යොදමින් දූෂනයෙහි තවතවත් යෙදෙනු ඇත. මොවුන්ගේ වංචනික කරුණු අනාවරණය වූයේද සමාජ මාධ්‍යජාලා නිසාවෙනි.

මෙම කූට ව්‍යාපාරිකයන්, ධනවත් පූජකයන් මාධ්‍යකරුවන් එකී සමාජ මාධ්‍යජාලාද, රූපවාහිනී ගුවන් විදුලි ගුවන් කාලය මුදලට ගෙන සාමාන්‍ය දේශපාලන පක්ෂ වල බලය ඉදිරියේදී අස්ථාවර කරනු ඇත. මේ වන විටත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය අධ්‍යනය කරන්නන්ට මේ නව දේශපාලන පක්ෂ ලෙස කරලියට ආවත් පිරිහුණු බංකොලොත් දේශපාලන සංවිධාන මේ පිටුපස සිටින බව මනාව පැහැදිලි වේ. එය පරණ හොර හරක් ලොරියට අ`ඵත් නොම්මර තහඩුවක් සවි කිරීමක් සේ පෙනේ. කෙසේ වෙතත් මේ අනුව අනෙකුත් දේශපාලන පක්ෂ වලට මොවුන්ගේ සහය නොමැතිව තනි බලයක් පිහිටුවීමටත් බලය ලැබුණද ස්ථාවර රජයක් බිහි නොවීමද සිදුවනු ඇත. 

ඒ අතර මෙම කාල සීමාවේ සමාජ මාධ්‍ය සඳහා නීති රෙගුලාසි ගෙන ඒමට රජයේ සූදානමක් ඇත. එයට රැල්ලට විරුද්ධ වන බහුතරය එය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරවීමට නීති සම්පාදයට රජයට බල කිරීම වෙනුවට එක හෙළා විරුද්ධවීම තුළ අසත්‍ය ජාතිවාදී ආගම්වාදී වෛරය පතුරුවන, චරිත ඝාතන, නින්දා අපහාස කරන සමාජ මාධ්‍ය වල පැවැත්මට මේ ජනතාව අත්වැලක් සපයයි. අවාසනාවන්ත තත්වය නම් අතීත අද්දැකීම් මත පනවන නීති ක්‍රියාත්මක වීමේදී එකඑක පුද්ගලයාගේ තරාතිරම මත නීතිය නැවේ නම් පනවන නීතියෙන් වාරණයෙන් ඵලක් වේදැයි සැකයක් මතුවේ.  

කෙසේ වෙතත් මුලින් සඳහන් කල රාජ්‍ය සේවාවන්, දේශපාලන ව්‍යාපාර වල, සමාජයේ සැඟවී ඇති දූෂන අක්‍රමිකතා හෙළි කිරීමට සාකච්ඡා කිරීමට සමාජ මාධ්‍යජාලා හෝ එවැනි වේදිකාවක් වෙනත් පහසු මාධ්‍යයක් ජනතාවට නොලැබුණහොත් කාර්ය බහුල ජනතාවට තොරතුරු දැනගැනීමේ පහසුකම අහිමිවනු ඇත. එසේම දැනට පවතින තත්වය මත ලැබෙන තොරතුරු අසත්‍ය වේනම් ජනතාවට සමාජ මාධ්‍ය වල ඇති යහපතක්ද නැත. අද වන විට මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ව්‍යාජ ලේකන සැකසීමේ සැකයට අත් අඩංගුවට පත්ව ඇත. මහේස්ත්‍රාත්වරයෙක් වයස අවුරුදු 14ක වන තම දරුවා පාසල් නොයවා තබා ගැනීම පිළිබඳ චෝදනා එල්ලවී ඇත. නීතිය කරවන තැන වර්තමාන තත්වය මෙසේය. කොපමණ නීති අණ පනත් පැනවුවත් සමාජය ආකල්ප වශයෙන් පිරිහී ඇත්නම් රටක පිරිහීම අන්ජාතීන්ගේ ග්‍රහනයට හසුවීම වලක්වා ලිය නොහැක. 

අවසන් වශයෙන් මා දකින්නේ කුමන තත්වයක් පැවතුනද රටේ බහුතර ජනතාව පවතින ක්‍රමයේම බොරදියේ මා`ඵ බෑමට හුරු පුරුදු වී අවසන් බවයි.             (14/10/2023)



Saturday, September 23, 2023

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව ස`දහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් නෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබ`ද ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබු‚. ඒ ස`දහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ ස`දහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබ`ද මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්¨මට සාපේක්ෂකව උපදේශන විෂයය හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපනික ආයතන ලංකාව තුල නොතිබූුනි. තවද විෂය පිළිබ`ද පළපුරුදු කතිකාචාර්යවරුන්ගේ හිඟය දැඩි ලෙස බලපෑ නිසා පෞද්ගලික ආයතන එදා ලහිලහියේ ආරම්භ කළ මෙම පාඨමාලාවන්ට ක්‍රමවත් විෂයය නිර්දේශයක් හෝ රාජ්‍ය නියාමනයක් නොතිබිනි. 

කෙසේ වෙතත් එදා ආරම්භ කල උපදේශන පාඨමාලා අද වන විට ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි දක්වා විකාශනය වී ඇත. මෙම වකවානුව සමඟ බොහෝ ආයතන වල මානව සම්පත් කළමණාකරන අංශ වල උපදේශන සේවාව ස`දහා නව රැකියා වෙළ`දපලක් බිහිවීම නිසා තරුණ ප්‍රජාවේද තරඟකාරිත්වය වැඩි විය. 

මෙම අධ්‍යාපනික පිපාසයට සමගාමීව එදා තිබුණ සීමිත අධ්‍යාපනික ආයතන වෙනුවට විශාල දෙස් විදෙස් ආයතන ගණනාවක තරඟකාරිත්වය මත අධික මිළ අයකර ගුණාත්මකබව, ප්‍රමිතිය ගැන සැකයක් ඇති කරන සහතික නිකුත් කරන තරගයක් ඇති විය. අද වන විට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවී ගියද පශ්චාත් යුද සමය, කෝවිඩ්19 වසංගතය, ආර්ථීක අර්බූදය ජනතා අරගලයක් දක්වා වර්ධනය වී ඇති අවස්ථාවක මේ ස`දහා මුහුණ දීමට උපදේශන වෘත්තිකයන්ගේ දැනුම, ආකල්ප, කුසලතා, ආචාර දර්ම නියාමනය කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක අවශ්‍යතාවයට කාලය එළඹ ඇත. 

අතීතයේ තිබුණ සමාජ පරිසරය ක්ෂනිකව බොහෝ විපර්යාස වලට භාජනය වීම නිසා ජනතාව මිනිසත්කම දෙවනුකොට මුදල ප්‍රධාන කර ආදායම් ඉපයීමේ ක්‍රියාවලියක නිරත වීමට පටන් ගෙන ඇත. දශක හතරක පමණ සිට සිදුවුන ආර්ථීක පෙරලියත්, සීඝ්‍ර භෞතික සංවර්ධනයත් ඒ සමඟම ඇරඹුන තරඟකාරී ජීවන රටාවත් නිසා හානිවන මානසික සංවර්ධනය ප්‍රවර්ධනයට සෙවීමක් බැලීමක් මනෝ විද්‍යාත්මක ඇසින් රාජ්‍ය අංශ වලින් සිදුවීම මන්දගාමී බවක් පෙන්වයි. 

මේ මන්දගාමී ස්වභාවය ගැන විද්‍යාත්මක විග්‍රහයක් කලහොත්  මානසික රෝගයකට හේතුවන ප්‍රධාන හේතූන් අතර ජානමය හැරුණු විට ආර්ථීක, සමාජීය, දේශපාලනික, ආගමික හේතු ඇති බවට සොයාගෙන ඇත. මේ අනුව බලන විට ලංකාවේ දේශපාලනික අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසා රටේ වෙළ`දපල ආර්ථීකය කඩා වැටීම තුල වෙළ`ද ප්‍රජාව ජනතාව තලාපෙලා හැසිරුන ආකාරයත්, එය දරා ගැනීමට නොහැකිවූ ජනතාව වීදිබැස කෝලාහල කිරීමත් එයට දේශපාලන ප්‍රචන්ඩත්වය එකතු වීමත් දකින්නට ලැබු‚ි. එයට අවිහිංසාවෙන් සාමය, මෛත්‍රිය පතුරුවන ආගම් වල පූජකයින් ප්‍රචන්ඩත්වයට නායකත්වය දෙමින් පෙරමුන ගති. එසේ කරන්නන් සාන්තුවරයන් මු‚වරයන් ලෙස පිලිගැනීම ආගමික දර්ශනය අමතක කොට තම දේශපාලන මතයට ප්‍රමුඛත්වය දීමට ජනතාවද පෙළඹී ඇත. පූජකයින් ආගමික සාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලින් බැහැරව රෝග සුව කිරීම්, විවිධ ඇදහිලි පූජාවන් මඟින් ජනතාව ආගමික විකෘතියකට ගෙනයාම ජනතා චින්තනය තවත් උග්‍ර පසු බෑමකට ලක්වූන බව පෙන්වා දිය හැක. 

ජනතාවට ඇතිවන පරිසරයේ සහ වත්මන් සමාජීය වටපිටාවේ බලපෑම ඇල්බට් බන්දූරාගේ සමාජ ඉගෙනුම්වාදී මනෝ විද්‍යාවට අනුව පරිසරයේ තිඛෙන ආකෘති අනුකරණය කිරීම චර්යාවක් බවට පත්වන බව පෙන්වා දී ඇත. එසේම එම චර්යාවන්ට ලැඛෙන ධනාත්මක ප්‍රතිචාර අනුව එය නැවත නැවත කිරීමටත් පුද්ගලයා පෙළඹෙන බවත් පෙන්වා දී ඇත. මේවන විට එදා වැඩිහිටියන් ආරම්භකල අරගලයට මාධ්‍ය වල දුන් ප්‍රසිද්ධිය, ධනාත්මක ප්‍රතිචාර නිසා අද වැඩිහිටියන් කුඩා ලදරුවන් රැගෙන පෙළපාලි වලට සහභාගිවීම දක්නට ඇත. වැඩිහිටියන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම දරුවන් බියෙන් සැලී අ`ඩා වැටෙන දර්ශන මාධ්‍ය තුලින් ලොවට පෙන්වද්දී ලමා හිමිකම් සංවිධාන, ලමා අපයෝජනය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ආයතන මුනිවත රැකීමත් එම සේවාවන්ගේ අඩුපාඩු සොයා බැලීමට ඇති වගකිවයුත්තන් කිසිවකුගේ ප්‍රශ්ණ කිරීමකට ඇස නොගැටීම රටේ සමස්ත යාන්ත්‍රනයම පිරිහී ඇති බව සිතීමට ප්‍රමාණවත් සාධකයකි. එසේම දරුවන් රැගෙන කලහකාරී ස්ථාන වලට දරුවන් රැගෙනයාම සාධාරŒය කරන අවස්ථා සමාජ මාධ්‍ය ජාලා වල වැඩියෙන් දකින්නට ඇත. එවැනි සාධාරŒ කරණයක් සමාජ විද්‍යාත්මක ප්‍රවේශයකින් හෝ විශAව විද්‍යාල මට්ටමින් පර්යේෂනය කර ඇත්නම් එම ප්‍රකාශයන් ගැන විශ්වාසයක් තැබීමට පු`ඵවන.

ඊට සාපේක්ෂව ලංකාවේ දැනට ජනතාවට ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය වන වැඩසටහන් වලින් දෙන නිශේධනාත්මක  පූර්වාදර්ශ ජනතාවගේ මානසිකත්වයට කෙරෙන බලපෑම ගැන වෙනමම සාකච්ඡා කල යුතුය. නිරතුරුව ඇතිවන සමාජ ගැට`ඵද ප්‍රචාරණය සිදු කරන ආකාරය අනුවද සමාජයේ වර්ධනය වන දරිද්‍රතාවය සහ සමාජ විෂමතාවයන් නිසා ඇති වන කාංසාමය :Aබංසැඑහ- තත්වය දිගු කාලීනව පැවතීමෙන් විවිධ මානසික රෝග දක්වාම පැතිරයාම සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වූවන් මනාව දන්නා කරුණකි. නමුත් ඒ ස`දහා වසර ගණනාවක සිට මේ දක්වාත් රටේ සැලසුම් සකස් කරමින් මිස ක්‍රියාත්මක වී ඇති වැඩසටහනක් මානසික උපදේශනයට අදාල ආයතන වලින් පෙනෙන්නට නැත. මෙම ලිපිය සකසන අවස්ථාවේදීද විශේෂඥ මානසික වෛද්‍යවරුන්ගේ හිඟයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති බවටත් මානසික රෝගීන්ගේ වැඩි වීමක් පිළිබ`දවද වාර්තා වේ.

රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සහ රටේ මානසික රෝග වර්ධනයට එරෙහිව තීන්දු තීරණ ගතයුතු වෘත්තිකයන්ගේ මන්දගාමී බව අද සමාජයේ පවතින විනාශකාරී හැසිරීමට මූලික හේතුවකි. ඒවාට සොයා බලා මනෝ විද්‍යාත්මක ඇගයීමක් ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම අත්‍යව්‍යය. 

එසේම තවත් මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකට අනුව අනුන්ගේ අත්දැකීම් නිරතුරුව සංවේදී වීමෙන් තමන්ද එවැනි තත්වයකට පත්ව ඇතැයි යන සිදුවීම මනසේ ප්‍රථීනිර්මාණය වන බව පෙන්වා දී ඇත. එසේ නම් පුවත්පත් වලින් එක මනුෂ්‍ය ඝාතනයක්, ප්‍රචන්ඩ සිදුවීමක් එක එක ආකාරයෙන් නැවත නැවතත් ප්‍රකාශනය වීමද, රූපවාහිනිය මඟින් කුරිරු ඝාතන, සමාජ විෂම ක්‍රියා පරිගනක ආශ්‍රයෙන් පන ගන්වා :Aබසප්එසදබ- රසවත්ව ප්‍රචාරය කිරීම රටේ ප්‍රචන්ඩත්වයට දිරිදීමක් ධනාත්මක වර්ධනයක් සාමාන්‍යකරණයක් සිදුවන බවද පෙන්වා දිය හැක. 

රටේ අනාගතය වන දරු පරපුරට යහපත් මානසික සෞඛ්‍යයකින් යුතුව අද රටේ අධ්‍යාපනය තබා කායික සෞඛ්‍ය පවත්වා ගෙන යාමට අවශ්‍ය ආහාරපාන හිඟ වීම නිසා ජීවත්වීමේ අවධානමක් ඇතිබව පෙනී යයි. මෑත කාලයේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සියදිවි නසාගෙන අනෙක් තරුණයා මේවන විටත් මානසික පීඩනය නිසා ලිපියක් තබා අතුරුදහන්ව ඇත. මනෝ විද්‍යාව හදාරන්නන්ටද තම මනෝභාවයන් පාලනය කර ගැනීමට නොහැකි නම් එA උගත්කමින් රටට ඵලදායී සේවාවක් බලාපොරොත්තු විය හැකිද? එසේ වීමට හේතූන් ලෙස මා දකින්නේ ඒබ්‍රහම් මාස්ලෝගේ මානව අභිප්‍රේරණ පිළිබ`ද න්‍යායට :ඵ්රිකද.ි ්‍යස්ර්ජයහ- අනුව මිනිස් වර්ධනයේදී මූලික අවශ්‍යතාවයන් අතර පිළිවෙලිින් ආහාර, ඇ`දුම් පැල`දුම්, හිසට වහලක්, ප්‍රමාණවත් නින්දක්ද දෙවනුව ආරක්ෂාව, ආදරය වැනි අවශ්‍යතාවයන් පූර්ණ කොට ධූරාවලියේ යට සිට ඉහළට ගමන් කරමින් සම්මානනීය අවශ්‍යතා සපුරා ගත යුතය. එහෙත් වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව නිසා තරුණ පරපුර ධූරාවලියේ මූලික අවශ්‍යතාවන්් පූර්ණ නොකොට ඉහල ජීවන රටාවක් අපේක්ෂාවෙන් ධුරාවලියේ දෙවන පියවරෙන් ආරම්භයක් ගෙන ඉන්පසුව මූලික අවශ්‍යතාවන් ඉටු කරගැනීමට යාමදැයි අනුමාන කල හැක. එය වත්මන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ වරදකට වඩා කාලීනව වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයේ සහ රටේ ආර්ථීක ක්‍රමයේ වැරැද්දක් විය හැකිය. තවද විශ්ව විද්‍යාල වල සිදුවෙන නවක වදය වැනි දරුණු හිංසනයන්ද තරුණයන්ගේ අසහනය, පීඩාව වැඩි කරන පෞරුෂය බි`ද දමන සංධිස්ථාන වේ. ඊටත් අමතරව පාරේ සිදුවන බිහිසුන මිනී මැරුම්, සු`ඵ සිද්ධියකට පවා කපා කොටා ගැනීම්, මිනී මැරුම්ද අසන්නට දකින්නට ඇත. මෙවැනි වාර්තා අද නොව හෙටද අපට වැඩි වැඩියෙන් දැකීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. පුවත් වාර්තාකරණයේදීද අවසාන ප්‍රතිඵලයට ප්‍රසිද්ධියක් දීම හැර එම සිද්ධියට බලපෑ හේතූන් සොයා බලා ජනතාව දැනුවත් කිරීමක් සිදු නොකරයි. විස`දුම් නොසොයයි. එසේම මනෝ විද්‍යාඥයින් මෙම සිදුවීම් විමර්ශනය කොට රජයට කරුණු යෝජනා විස`දුම් නිර්දේශ ඉදිරිපත් කිරීමක්ද දක්නට නැත.

ඉහත කරුණු ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මාතෘකාවේ හරයට අත්වැලක් ලෙසය. දැන් අප පෙන්වා දුන් විද්‍යාත්මක පසුබිම සහ රටේ සාමාජ අපගමනයට වත්මන් ආගමික, ආර්ථීක, සමාජීය, දේශපාලනික ක්‍රියාවන්ගෙන් ඇති වන බලපෑම විග්‍රහ කරමු. 

2003 වසරේ සිට මේ දක්වා ඇතිවූ ස්වභාවික හා මිනිසා විසින් ඇති කල ව්‍යවසන වලින් ඇතිවන මානසික තත්වයන්ට සාපේක්ෂව ජනතාවට මනෝ සමාජීය සහනය සපයන්නට බලයේ සිටි රජයයන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද යන්න සොයා බලමු. අප මුලින් සාකච්ඡා කල කඩිමුඩියේ රජයේ නියාමනයෙන් තොර විෂයය නිර්දේශය වසර විස්සක පටන් අදටත් පවතී නම් මනෝ විද්‍යා උපදේශන වෘත්තිකයන්ගේ ගුණාත්මක බවට, උගත්කමට වගකීමක් දියහැකි ආයතනයකුත් නැතිනම් සේවාදායකයාගේ ඉරණම කෙබ`දු විය හැකිද? තවද මානසික උපදේශනය වෘත්තියක් ලෙස තවමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නැත. ඒ නිසා මෙම මානසික උපදේශනයට සෘජුව වගකියන රාජ්‍ය ආයතනයක් මේ වන විටත් නොමැත. සෞඛ්‍ය සහ සමාජ සේවාවට අදාලව රටේ කිසිදු ආයතනයක අදවන විටත් ලංකාවේ උපදේශනය ස`දහා උපදේශනවරුන් සිටින සංඛ්‍යාව, උපදේශන ස`දහා ඇති නිරවද්‍ය ලියාපදිංචි අධ්‍යාපනික ආයතන සංඛ්‍යාව, උපදේශන සංගම් පිළිබ`ද සංඛ්‍යා ලේඛනයක් :ෘ්ඒ ඊ්ිැ- සොයා ගැනීමට හෝ එම දත්ත රැස් කිරීමට උත්සාහයක්වත් ගෙන නැත. මේ ගැන විමසීමට අදාල විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමට එක් ආයතනයකින් තවත් ආයතනයක හෝ වෙනත් අංශයක දුරකතන අංකයක් ලබාදීම හැර අවසානයේ ක්‍රියා විරහිත දුරකතන අංකයකින් උත්සාහය අවසන් වේ. එහෙයින් මානසික සෞඛ්‍ය සහ උපදේශනය වෙනුවෙන් රාජ්‍ය, ජනමාධ්‍ය, උපදේශන සේවාවට අදාල සෑම කේෂAත්‍රයකම මීට වඩා උනන්දුවක් නොදක්වයි නම් රට අපගාමී තත්වයකට පත්වීමත් ඉදිරි අනාගත පරපුර ප්‍රචන්ඩත්වයෙන් ගැට`ඵ වලට පිළිතුරු සෙවීමට සන්නද්ධවීම නොවැලැක් විය හැක.     (10.10.2022)



තරගකාරී අධ්‍යාපනයේ අවසානය බුද්ධිහීනතාවයද?



වර්තමානයේ අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් ශිෂ්‍යයන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවේද උනන්දුව වැඩිවී තිබෙන බවක් පෙනෙන්නට ඇත. එය රටක සංවර්ධනයට මානව සංහතියේ දියුණුවට බෙහෙවින් බලපාන අත්‍යවශ්‍යම සාධකයකි. දැන් ඒ සඳහා දෙස් විදෙස් පහසුකම් සපයන උපදේශන සේවා ඒජන්සිද ඇත. තමනට අවශ්‍ය විවිධ කේෂ්ත්‍ර වල සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට අධ්‍යාපනික ආයතන විවිධ ආකාරයේ ආකර්ශනීය ප්‍රචාරක දැන්වීම්ද අප විවිධ මාධ්‍යයන් තුලින් දකින්නෙමු. මෙම නොඅඩුව පවතින තරගකාරී ස්වභාවය නිසා මේවන විට උගත්කම පසෙකලා සහතිකයකට එසේත් නැතිනම් තම පෞද්ගලික අපේක්ෂාවන් පතා මේ සඳහා පෙල ගැසෙන හිස් ගෙඩි සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දකින්නට ඇත. එදා තිබූ අධ්‍යාපන ක්‍රමයෙන් මිනිසා ලබා ගන්නා දැනුම තමනට පමණක් නොව ඉන් බාහිර සමාජයටද ඵලදායී සේවාවක් සැපයීමටද පරිසරයක් නිර්මාණය  චී තිබුණි.

එහෙත් නව අධ්‍යාපන සංස්කෘතිය තුල මුදල ප්‍රධාන කොට පිරිනමන සහතික නිසා සමහර පුද්ගලයින් විදේශ රැකියා, හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී මෙවැනි බොහෝ ආයතන රජයේ පිලිගැනීමේ අනුමැතිය නොතිබීම නිසා ලබාගත් සහතිකයේ නියම වටිනාකම මෙන්ම ආයෝජිත මුදල සහ කාලයද අපතේ ගිය අවස්ථා අසන්නට ඇත. 

මෙම ආරංචිය නිසා මෑත දිනක ඩිප්ලෝමාවක් සඳහා තිබූ දැන්වීමකට අනුව මා ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට දුරකතනයෙන් ඇමතීමි. එහිදී රජයේ අනුමැතිය පිළිබඳව විමසීමේදී ඉතා කූඨ ලෙස එම ආයතනය රජයේ ලියාපදිංචි වී ඇතැයි පැවසීය. නැවතත් මෙම අදාල  ඩිප්ලෝමාව සඳහා රජයේ අනුමැතිය ඇත්දැයි විමසූ විට ඍජු පිළිතුරක් නොදී මෙම සහතිකයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරන්නන් සඳහා රජයේ අනුමැතිය (UGC/TVEC) ලබා ඇති බව පැවසීය. මෙසේ පුද්ගලයින් රවටන අධ්‍යාපනික ආයතන වල ඇති භයානකකම නම් වානිජ අපේක්ෂාවෙන් වැඩි පිරිසක් බඳවා ගැනීමට එම විෂය නිර්දේශ වල ඇති ගුණාත්මක භාවයේ අඩුවයි. එසේම තම ආයතනයන්ට ජනතාව අභිප්‍රේරණය, ආකර්ශනය කර ගැනීමට අවසානයේ සහතික පිලිගැන්වීමට සංදර්ශනාත්මක වටිනාකම් ලෙස සංවිධායකයන් විසින් විශාල මුදලක්  අයකර පමණට වඩා අතිඋත්කර්ශනීය උත්සවයක් පවත්වා ඡායාරූප ගැනීම්, එදින රාත්‍රිය තරු හෝටලයක සාදයකින් අවසන් කිරීමද, දෙමව්පියන්ට උපාධි ලෝගුව අන්දවා ඡායාරූප ගැනීම, උපාධියේදී පලදින තොප්පිය කණ්ඩායමක් ලෙස ගලවා උඩට විසි කරමින් ඡායාරූපගත කිරීම් ඒවා මාධ්‍යතුලද ප්‍රචාරය වෙනු දැකිය හැක. අතීතයේ මෙවැනි සිදුවීම් බොහෝ කලාතුරකින් අසන්නට දකින්නට ලැබුණද අද එය ප්‍රධාන අංගයක් බවට පත්වී ඇත. මෙයින් පැවසන්නේ එවැන්නක් කිරීම යෝග්‍ය නොවන බව නොව එයට සමගාමීව ලබාදෙන අධ්‍යාපනයද උසස් තත්වයෙන් පැවතිය යුතු බවයි.

මෙම තත්වය නිසා යම් පුද්ගලයින් ලබා ගන්නා සහතිකය බොහෝ විට ලංකාව තුල නව රැකියා, උසස්වීම් සඳහා භාවිතයට ගැනීමෙන් රටේ හිස් උගතුන් නිසා දක්ෂයන්ට බුද්ධිමතුන්ට එවන්නන් යටතේ සේවය කිරීමට සිදුව ඇත. එසේම දැනට TOPUP ක්‍රමයට පළපුරුද්ද මත ( මුදලට සේවා පලපුරුදු සහතික නිකුත් කරන ආයතනද මුහුණපොතේ දැන්වීම් පල කරනු දක්නට ඇත.) ඩිප්ලෝමාවක් නොමැත්තෙකුට උසස් ඩිප්ලෝමාවක්ද, උපාධියක් නොමැත්තෙකුට ශාස්ත්‍රපති උපාධියක්ද (Shortcut) කෙටි කලකින් ලබා ගැනීමට මඟ සලසා ඇත. (විදේශයන්හිද මෙම ක්‍රමය භාවිතා කලත් එහි ප්‍රමිතිය වානිජීකරණය වී නොමැති නිසා බිහිවන්නේ සහතිකලාභියෙකු නොව උගතෙකි.) එයට හොඳම නිදසුන නම් මේ වන විට සමාජ මාධ්‍යජාලා වල ඩිප්ලෝමා, උපාධි සඳහා ප්‍රසිද්ධියේම නිබන්ධන ලිවීමට වෙළඳ දැන්වීම් පලකිරීම පෙන්වා දිය හැක. ඒ අනුව ඩිප්ලෝමාවක, උපාධියක හරය වන නිබන්ධන ලිවීම වෙනත් පාර්ශවයකින් සිදුවේ නම් ඒ ලබාගන්නා සහතිකයේ උගත්කමේ අගයක් නොමැතිබව පැහැදිලි ලෙසම සිතාගත හැකිය.

එසේ වෙතත් එයට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය වගකිවයුතු ආයතන ක්‍රියාත්මක නොවීම, එම ආයතන වල සේවකයන් ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලබා වරප්‍රසාද, වැටුප් ලබමින් සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසින් ඔවුන්ගේ ව්‍යවහාර බුද්ධියේ (Common Sens) අඩුවීමක් දැයි අවධානය යොමු කරවිය යුතු කරුණකි.

මෙම පසුබිමට අනුව නියමිත ආකාරයට රජයේ අධ්‍යාපනය ලබා උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලයක වසර හතරක් පහක් ( වැඩ වර්ජන නොතිබුනොත්)  ගතකර එලියට එන ශිෂ්‍යයෙකුට සේවය කිරීමට සිදුවන්නේ  Shortcut මඟින් උසස් අධ්‍යාපනය ලැබ උසස් තනතුරක් දරණ තමාට වඩා නූගතකු යටතේය. මෙම තත්වය රටක අනාගතයට දියුණුවට තදින්ම දැනට වඩා ඉදිරියේදී දැනෙන බලපෑමක් ව්‍යවසනයක් සිදු වුනද ඒ සඳහා වගකිවයුතු ආයතන නීති, චක්‍රලේඛන, අණ පනත් ජනතාව දැනුවත් කිරීම වෙනුවට ලිපිගොනු වලට සීමා කොට ඇත. එම ආයතන වලින් අවශ්‍ය තොරතුරු විමසීමේදී සහයවීම වෙනුවට තරහකරුවෙකුට ආමන්ත්‍රනය කරන ආකාරය හෝ වෙනත් ආයතනයක, අංශයක නිළදාරියෙකුගෙන් විමසන ලෙස පවසා මඟ අරින ස්වභාවයක්ද ඇත.

රටේ සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට පවා පෙනෙන මේ ඛේදවාචකයට දේශපාලනමය මැදිහත්වීමක් බලාපොරොත්තු විය නොහැක්කේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙන්නන්ගේ දැනුම, ආකල්ප, කුසලතාවන්ගේ අඩු වීම තුළ ඔවුන්ට පහසු පාලනයක් රටතුල ගෙනයාමට අවකාශ ඇති නිසාය. 


                                                    (28/01/2023)


ජනමාධ්‍යය සහ පුවත්පත් නිදහස

 




    ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette)ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි. 

මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පාසල් ළමුන්ට මෙන්ම රටේ ජනතාවගේ භාෂා ඥානයද ඉතා උසස් මට්ටමින් ගොඩනැගුණි. එකල සිටි මාධ්‍යවේදීන්ට භාෂාව හැසිරවීම පිළිබඳ මෙන්ම ගුණ ගරුකකම, හැදියාව වැනි ගුණාංග තිබුණා මිස ජනමාධ්‍ය උපාධි (Paper Qualifications) තිබුණාදැයි සැක සහිතය. එදා එවන් පරිසරයක් තුළ ඉතා සීමිත පුවත්පත් ආයතන කිහිපයකින් සමබර තොරතුරු ස්වාධීනව ජනතාව වෙත නිකුත් කෙරිණි. 

කාලය ගතවෙත්ම රජයේ පුවත්පත් තම දේශපාලනික අරමුණු පිරිමසාගැනීමට කර්තෘවරුන් පොලඹවනු ලැබුණි. එම නිසා ප්‍රධාන කර්තෘ වරයෙක් වීමට විශේෂ සුදුසුකමක් ලෙස පවතින පාලක පක්ෂයට කඩේ යෑමද අවැසි විය. මේ තත්වයට මුහුණ දීමට අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂයන් තම තමන්ගේ දේශපාලන ප්‍රචාරය සඳහා වෙනමම සු`ඵවෙන් අච්චු කන්තෝරු පවත්වාගෙන ගියහ. අතීතයේ කුමන ආකාරයේ පුවත්පතක් වුවද තම දේශපාලන මතය ඉදිරියට ගෙන ගියා මිස විරුද්ධ පක්ෂවල බලය බිඳ දැමීමට පුද්ගල චරිත ඝාතන, අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ඉතා විරල විය. බොහෝවිට සිදු වූයේ කාටූනයකින් හාස්‍ය දනවන ඉදිරිපත් කිරීමක්ය. මෙම ගුණාත්මකභාවය නිසා පුවත්පත් ජනතාව අතර අත්‍යාවශ්‍ය තොරතුරු දැනගැනීමේ සන්නිවේදන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත විය. එසේම ගුවන් විදුලියෙන් හැරුණුකොට තොරතුරු සන්නිවේදනය සඳහා තිබූ එකම විකල්පයවූ පුවත්පත සෑම නිවසකම එසේත් නැතිනම් සති අන්තයේ අනිවාර්යෙන්ම ඉරිදා පුවත් පත නිවසට ගෙන ඒමක්ද එකල සිදුවිය. එහිදී එම පුවත්පත්වල ශාස්ත්‍රීය ලිපි, දේශපාලන, කාලීන තොරතුරු, වාර්තා, බුද්ධි වර්ධන ක්‍රීඩා වැනි එකිනෙකට සමබරවූ අතිරේකයන්ගෙන් සමන්විත විය. 

මේ නිසා පුවත්පත් කියවීම බාල මහලු‍ සැමගේ දෛනික පුරුද්දක් බවට පත්විය. එසේ ගලා ආ  විශ්වසනීය පුවත්පත් කලාව මින් දශක පහකට පමණ පෙර වූ රටේ සිදුවූ දැවැන්ත දේශපාලන සහ ආර්ථික පෙරලියට සමගාමීව  නියාමනයෙන් තොරව බිහිවූ පෞද්ගලික රූපවාහිනී මාධ්‍යත්, පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍යත් ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවය පරිදි පවත්වාගෙන යෑමට ඉඩ පහසුකම් ලැබුණි. එමගින් ඕනෑම අයෙකුට ඕනෑම මාදිලියේ පුවතක්, අසත්‍ය ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබුණි. එයට ප්‍රධානම කරුණක් ලෙස රට, ජාතිය, පාඨකයාට වඩා මාධ්‍යය තුල මුදල් ඉපයීම සඳහා තරඟකාරිත්වයක් නිර්මාණය වීමයි. මෙම මාධ්‍ය හැසිරවීමට එරෙහි වී ආදර්ශයක් සපයනවා වෙනුවට රජයේ මාධ්‍යද එම නීච ක්‍රමයම හඹායාමට වීම ජනමාධ්‍ය කේෂ්ත්‍රයට සිදුවූ අභාග්‍යයකි.

එදා හරවත් දැනුමක් ලබාගත හැකි පුවත්පත් නිසා ජනතාව ආදරයෙන් වැලඳගත් ජනාදරය දිනූ වෙළඳ වෙළඳපලක් තිබූ මෙම පුවත්පත් මාධ්‍යය අවභාවිතා කිරීමට එයින් වෙළෙඳ ප්‍රජාවට හොඳ තෝතැන්නක් විය. එසේම වෙළඳ දැන්වීම් වැඩිවෙත්ම පුවත්පත් කර්තෘවරුන් විසින් සිදු කළේ පුවත්පතෙහි තිබූ වටිනා තොරතුරු ඉවත් කරමින් වෙළඳ දැන්වීම් සඳහා වැඩි ඉඩක් පුවත්පතේ සලසා තිබීමයි. මෙම වෙළඳ දැන්වීම් නිසා තොරතුරු විශේෂාංග වලට අමතරව වෙනමම වෙළඳ දැන්වීම් අතිරේක මුද්‍රණය කර තිබීම නිසා ජනතාව තුළ සමහර පුවත්පතක් ගැනීමේදී පුවත්පත ගෙන ඒමට විල්බැරෝවක් ගෙන යා යුතු බවට ද හාස්‍යයක් පැතුරුණි. බෙහෝ පුවත්පත් සඳහා විශාල වෙළඳ දැන්වීම් ලැබීම තුළින් පුවත්පත් මුද්‍රණ ආයතන සේවකයන්ට ඉහල වැටුප් ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දෙමින්  වෙලද දැන්වීම් කේන්ද්‍රීය කොටගෙන පුවත්පත වැඩිදියුණු කිරීමට යුහුසුළු විය.  එම නිසා වෙළෙඳ ප්‍රජාව ගේ අරමුණු ඉෂ්ට කර දීමට  පුවත් පතේ තොරතුරු සාවද්‍ය ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට බොහෝ ජනමාධ්‍ය ආයතන කටයුතු කලේය. පසු කලෙක පුවත්පත් ආයතනික ධූරාවලියේ වෙළඳ දැන්වීම් කලමනාකරුට යටින් ප්‍රධාන කර්තෘතුමා දෙඅත් බැඳ සිටියේදැයි සැක සහිතය.

මෙම තත්ත්වය නිසා වෙළෙඳ ප්‍රජාවේ අවශ්‍යතාවය පරිදි කටයුතු කිරීමට මාධ්‍ය තුළ වෙනමම වෛද්‍යවරුන් විද්වතුන් මුදලට හෝ ප්‍රසිද්ධිය වැනි පටු අරමුණු වෙනුවෙන් කල්ලි ගැසෙනු දක්නට ලැබුණි. අද එය එදාටත් වඩා ඉතා හොඳින් දක්නට ඇත.

අද ජනමාධ්‍ය පිළිබඳ දැනුම ලබා දෙන විශ්ව විද්‍යාල වල ද පුවත්පත් කලාව හඳුන්වා දෙන්නේ තම අධිපති බලය, අධිකාරී බලය (monopoly) හෝ දේශපාලන මතය රටේ ඇති කිරීමට සහ මුදල් විශුද්ධිකරණය (money laundering) සඳහා පුවත්පත් පවත්වාගෙන යන බවයි. ඒ නිසාවෙන්දෝ එදා මාධ්‍යවේදීන් සිටි අතර අද මෙම මාපියාව නිසා ඒ වෙනුවට මාධ්‍යකරුවන් බිහිවී ඇත. මාධ්‍ය හැඳුනුම්පතක් කරේ එල්ලා ගත් පමණින් ඕනෑම තැනක ඕනෑම වෙලාවක කඩා බිදගෙන ගෙන යාමටත්, ජනතාව අතර අප්‍රසාදයට පත් වූ දේශපාලකයන් ඉතා පහත් ලෙස ප්‍රශ්න කර ඔවුන් කුපිත කරවීමට බලයක් ඇතැයි ද ඔවුන් සිතා සිටී. අපචාර, දූෂණ වලට ගොදුරු වූවන් කිසිඳු පැකිලීමකින් තොරව ඡායාරූප නම් ගම් විස්තර පලකරන අතර මහා පරිමාන රාජ්‍ය දේපල වංචාකරුවන්ගේ වතගොත, අපරාධ හෙලිකිරීම ඉතා සූක්ෂම ලෙස මෙම පුවත්පත් මඟ හරියි. එම නිසාවෙන් වර්තමානයේ ජනමාධ්‍යයට ජඩ මාධ්‍ය නම් අන්වර්තනාමයෙන් පුදන අවස්තාද එමටය. එබැවින් මාධ්‍ය සදාචාරය පිළිබඳ යමක් පැවසීමට හෝ එහෙම දෙයක් තිබේදැයි කීමට වර්ථමාන පුවත්පත් කර්තෘවරුන්ට පෞරුෂයක් ඇත්ද? 

එදා මාධ්‍යවේදීන්  සංවරව රටේ සිටි දේශපාලනඥයන්ට විද්වතුන් ළඟට ගොස් ඔවුන් සමග සුහදව සාකච්ඡා පවත්වා ලබා ගන්නා වූ තොරතුරු ඉතා නිර්මාණශීලීව ජනතාව වෙත ගෙන යන ලදී. එහෙත් අද වනවිට විද්වතුන් දේශපාලනයන්, වෙළඳ ප්‍රජාවන් විසින් මාධ්‍ය කරුවන් මුදලට  වරප්‍රසාදවලට නතුකර ගෙන ඔවුන්ට අවශ්‍ය තොරතුරු ජනතාව වෙත බලෙන් කාවද්දයි. මේ තත්ත්වය නිසා එදා කිහිල්ලේ ගසාගෙන ගිය පිටු 16 ක පමණවූ පුවත්පත වාණිජකරණය කොට විල්බැරෝවෙන් ගෙදර ගෙන යෑමට සැලැස්සූ නිසා අද වෙන විට පිටු 8-12කට සීමාවී ජනතාව අතුරින් ප්‍රතික්ෂේප වෙමින් පවතී. 

සිංහල භාෂාව එදා සිටම පෝෂනය වූයේ විශේෂයෙන් දරුවන් ගත්කල පතපොතින්ම පමණක් නොව පුවත්පත් වලිනි. පුවත්පත් කියවන දරුවන් දෙවනුව හැරෙනුයේ පතපොතටය. අද පුවත්පත් ගුණාත්මක කමින් පිරිහී මුදල පසුපස හඹායාම නිසා සහ දරුවන් පුවත්පතින්ද, දෙවනුව පතපොතින්ද ගිලිහී යනු දැක ගැනීමට ලේඛකයන්ගේ ප්‍රකාශන විකිණෙන ප්‍රමාණය සහ පුවත්පත් අලෙවියේ සංඛ්‍යාලේකන වලට අනුව තීරණය කල හැක. අද වන විට වාර්ෂික පොත් සල්පිලේ පොත් අතගා බලා නූඩ්ල්ස් කා ගෙදර යන සංස්කෘතියක් නිර්මානය වී ඇත්තේ ඒ නිසාය.

මා වරෙක වායු විමෝචනය පිළිබඳ ලිපියක් සකසාගෙන ප්‍රරසිද්ධ මාධ්‍ය ආයතනයකට ගිය මොහොතේ එම ලිපිය කියවා බැලූ ප්‍රධාන කර්තෘ තුමා (ඔහුගේ මේසේ මත තිබූ වාහනයේ යතුර පෙන්වා) මේක..... (ඊට පසු ඔහු පිටුපසින් තිබූ දෑවැන්ත වායුසමීකරණය පෙන්වා) ඒක.... මේ දෙකම මට තියෙන්නේ ඔබලා ගන්න රුපියල් 40 පුවත්පතෙන් නොවෙයි වෙළඳ දැන්වීම් නිසා යයි පැවසූහ. අද වන විට එදා ඒ පෙන්වූ යතුරක් වායුසමීකරණයක් එසේත් නැතිනම් ඒකත්..... මේකත්.... රැකියාවත් අහිමිව එම කර්තෘතුමා අති දුෂ්කර ජීවිතයක් ගත කරයි. මෙය අද දින විරාජමානව වැජඹෙන කතෘතුමන් වරුන්හට සිහි කැඳවා ගැන්මට අත්වැලක් වේවායි පතමි. 

පසුගිය වකවානුවේ ප්‍රසිද්ධ පෞද්ගලික පුවත්පතක කර්තෘවරයෙක් එම ආයතනය බංකොලොත්බාවයට පත්වීමෙන් පසුව රාජ්‍ය පුවත්පතක කර්තෘධූරයක් ඔහුට පිරිනැමීය. මෙය සිදුවිය නොහැකි වුවත් එය එසේම සිදුවිය.

මේ වනවිටත් පුවත්පතක ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා නිවැරදි සමබර තොරතුරු ලබාදීමක් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් වත් කතිකාවතක්වත් පෙනෙන්නට නැත. මේ අනුව තව වසර කිහිපයක් පුවත්පත් ආයතන වර්ග අඩි 1000 අඩුවෙන් කුඩා ඉඩක පවත්වාගෙන යාමට හැකි වේවි. අද වන විට පෙර කී පරිදි පුවත්පත්වලට තොරතුරු සැපයිය, ලිපි පලකල හැක්කේ එම ආයතන වලින් තෝරාගත් පිරිසකට පමණි. එසේත් නැතිනම් ආයතනික හිමිකරුගේ, කර්තෘගේ මතයට සරිලන ලිපි විය යුතුය.

පසුගිය දිනක ප්‍රසිද්ධ සංගීතඥයෙක් ගායකයෙක් ඔහුගේ වයස අසූ එකේ දී මිය ගියේය. ඒ සඳහා එක්තරා ජාතික පුවත්පතක් එම ගායකයා පිළිබඳ පළ කළ ලිපිය දුටු විට මා විස්මයට පත්වීමි. ඒ ලිපිය ලියන ලද මහාචාර්යවරයා මියගිය ගායකයාට තම ලිපිය අවසානයේ චිර ජීවනය ප්‍රාර්ථනා කර තිබීම නිසාවෙනි. මෙහි හාස්‍යයට කරුණ නම් පුවත් පත කියවා සතියකට පසු එම ලිපිය නැවත කියවා බැලීම සඳහා එම ආයතනයේ අන්තර්ජාල පිටපත බැලීමේදී එහි එවැන්නක් සඳහන් නොවුණි. නැවතත් පුස්තකාලයට ගොස් එම ලිපියේ මුද්‍රිත පිටපත කියවීමේදී චිර ජීවනය ප්‍රාර්ථනා කර තිබෙනු දක්නට ලැබුණි. මාධ්‍යයක යම් අතපසුවීමක් වැරදීමක් සිදු වූ විට කණගාටුව ප්‍රකාශ කිරීම නිවැරදි කිරීම එම ආයතනයට අවමානයක් හෝ ගරුත්වයට හානියක් වේ යැයි සිතිය නොහැක. නමුත් එසේ නිහතමානි නොවී අන්තර්ජාලය පිටපතේ එම කොටස සංස්කරණය කිරීම කෙතරම් අශීලාචාර දැයි මට සිතුනි. එසේම එම සිංහල මහාචාර්යවරයා අවබෝධයෙන් තොරව ලියන ලද සිංහල ලිපියක් බවට ජනතාවට ඒත්තු ගැන්වෙනුද ඇත. ඉන් ඇතිවන අවමානය මහාචාර්යවරයාගේ පිටින් යැවීමද සිදුවනු ඇත. 

ජනමාධ්‍ය තුළ අද (caption) ප්‍රධාන මාතෘකා දැමීමේදීද අශෝභන නොගැලපෙන මාතෘකා දැමීමට කර්තෘවරුන් පෙළඹී ඇත. මිනී මැරුමක පුවතද මාතෘකාව හාස්‍ය දනවන්නකි. විකාරයකි. ආචාර්ය මහාචාර්යවරු එයට නිහඬය. සමහර විට ඒ ගැන සංවාදයක් කිරීමටද ජනමාධ්‍යයේ සහය නොලැබෙන නිසා විය හැකිය. එය වෙනමම සාකච්ඡාවට බඳුන් වියයුතු කරුණකි. 

මෙවැනි සෑම දෙයකින්ම සිදුවන්නේ පුවත්පත් කලාවේ නියුතු වූවන්ට අනාගතයේ රැකියා හිඟවීම, වරප්‍රසාද අඩුවීම මෙන්ම වසර ගණනක් පැරණි පුවත්පත් කලාව අභාවයට යෑම සහ අනාගත පරපුර මුද්‍රිත මාධ්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී පෑන පැන්සල වෙනුවට ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හුරු වීමයි. එයින් ලංකාව වැනි සැමදා සංවර්ධනය වෙමින් පවතින දූෂිත රටකට සංවර්ධනය කරා යාමට ඉමහත් බාධාවකි. එය ණය වර්ධන ආර්ථිකය තුල පෙනෙන භෞතික සංවර්ධනයක් ඇති වුවද සෘජුවම නොපෙනෙන මානසික සංවර්ධනය අතින් කිසිදා අන් රටවල් හා කරටකර සිටීමට නොහැකි වේවි. 

මේ වන විට එදා කලාවක් වූ පුවත්පත වානිජ ව්‍යාපාරයක් බවට හැරී මියයමින් සිටින අවස්ථාවක සමාජ මාධ්‍ය ජාල පුවත් සන්නිවේදන ක්‍රියාවලිය එම තැන ආක්‍රමණය කරමින් සිටී. මෙයට විකල්ප සෙවීමට හෝ විකල්ප පෙන්වන අයහට ඇහුම්කන් දීම වෙනුවට අතීතයේ සිට වඳවී ගියා යයි කියන ඩයිනෝසරයන් මෙන් කෙසේ හෝ තම බලය පැවැත්ම වෙනුවෙන් අරගලය පවත්වාගෙන යාමට මෙම ජනමාධ්‍ය ආයතන කටයුතු කිරීම ඉතා ශෝචනීයයි. 

   (08 මැයි 2023)

නිශේධනාත්මක ප්‍රචාරණය Negative Advertising


අතීතයේ යම් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනයක්, ප්‍රවෘත්තියකට  ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සිදුවූයේ එම අයිතමය පිළිබඳ යහපත් ආකර්ශනීය කරුණු ධනාත්මක ලෙස ජනතාව අතර ප්‍රචාරය කිරීමය. නමුත් එය කිරීමට බොහෝ කාලයක් පිරිවැයක් ගතවන නිසා වර්තමානය වන විට අඩු පිරිවැයකින් එක රැයකින් ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ආකර්ෂණය ලබා ගැනීම සඳහා  Negative Advertising නිශේධනාත්මක ප්‍රචාරණය භාවිතා කිරීමට ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. දියුණු යයි පවසන රටවල් මෙය තම රට වලට සිදුවන හානිය අවම කොට සිදු කලත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම විශේෂයෙන් වෙළඳ, ආගමික, දේශපාලනික වැනි කටයුතු සඳහා මෙම ක්‍රමය භාවිතා වීමට පටන් ගෙන ඇත. මෙම නිෂේධනාත්මක ප්‍රචාරණය්දී ප්‍රථමයෙන්ම තොරතුරු ලබා ගන්නාට එම තොරතුරු පිළිබඳ කුතුහලයක් අප්‍රසාදයක් ඇති කළද පසුව එම ප්‍රවෘත්තියේ ඇති අසත්‍යබව වෙනුවට විකෘතිබව හෝ අපගාමී තත්වය සංනිවේදය කරවයි.  ඉන්පසුව තොරතුර සංනිවේදනය කරන තැනැත්තාගේ මුඛ්‍ය අවශ්‍යතාවයට ධනාත්මක ලෙස බලපෑමට පරිසරය සකසයි.  කෙසේ වුවත් මෙලෙස නිරතුරුව රටක ජනතාවට සාවද්‍ය තොරතුරු ගලා යාම තුළ ඔවුන්ගේ නිශේධනාත්මක ආකල්ප ගොඩ නැගීම, සෑම දෙයක් පිළිබඳව සැකයෙන් බැලීම, එම අහිතකර තත්ත්වයන්ට එරෙහිව කටයුතු නොකිරීම හෝ නිහඬව සිටීම වැනි දේ සිදු වීම සාමාන්‍යය. 

මෙවැනිදෑ නිරතුරුව සිදු වීමෙන් තමන්ට සමාජ පරිසරයට සිදුවන හානියකදී වුවද ඒ දෙස හාස්‍යයෙන් බැලීම, නිහඬවීමට පෙළඹීම හැර වෙනත් විකල්ප සෙවීමට නොවෙහෙසෙයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සමහර රට පාලනය කරන හෝ විරුද්ධ පාක්ෂික දේශපාලකයන්ගෙන්, රාජ්‍ය සේවයෙන් රටට සිදු වෙන හානිය පීඩනයක් වුවද එය ජනතාව මුදාහරින්නේ හාස්‍ය උපදවන කාටුනයකින් හෝ වැකියකිනි.

මෙම ප්‍රචාරණ ක්‍රමයෙන් කුමන ප්‍රතිඵලයක් ලැබුවද එය සාර්ථකව භාවිතා කරවූයේ ලංකාවේ එක්තරා ආගමික පූජකවරයෙක් විසින් පමණි. එහි සාර්ථකත්වය දුටු බොහෝ දේශපාලන පක්ෂ ‍ව්‍යාපාරික ප්‍රජාව එයින් ජනතාවට රටට සිදුවන හානිය පිළිබඳ නොසලකා නිරතුරුවම මෙම නිශේධනාත්මක ප්‍රචාරනය තුළින් ජනතාව නොපෙනෙන පීඩනයකට ලක් කිරීමට පටන් ගෙන ඇත. උදාහරණයක් ලෙස දේශපාලන වශයෙන් ප්‍රසිද්ධිය නැතිවී බංකොලොත් වෙමින් පවතින විට එසේත් නැතිනම් ඔවුන්ගේ දූෂණ වංචා හෙළිදරව් වන විට ඒවා අභිබවා යෑමට ඔවුන්ටම විරුද්ධ සාවද්‍ය නිශේධනාත්මක ප්‍රචාරණයක් සමාජය තුළ බෙදා හරියි.  එම ප්‍රචාරයෙන් උද්දාමයට පත්වන එයට විරුද්ධ මතධාරීන් එම තොරතුරු විවිධ වූ සමාජ මාධ්‍යයන් තුළින් සන්නිවේදනය සහ කතිකාවක් ඇති කරයි.  එම විවේචනයේ සංවාදය උපරිමයට පැමිණි කල එම දේශපාලන, ව්‍යාපාරික, ආගමික අංශ විසින්ම එය එම පුද්ගලයා හෝ සංවිධානය අපකීර්තියට පත්කිරීමට විරුද්ධ බලවේග විසින් ගොඩනඟන ලද අසත්‍යක් ලෙස පෙන්වා දෙයි. එවිට එම සංවිධාන වලට පක්ෂ අනුගාමිකයන් නැවතත් එම තොරතුරු සංවාදයට ලක්කරමින් සමාජගත කරමින් අනිත් විරුද්ධ පාර්ශවයන්ට එරෙහිව කටයුතු කරයි. 

පසුගිය වසර ගණනාව තුළ මෙසේ වූ සිදුවීම් ලෙස ලාංකික දේශපාලකයන්ගේ විදේශීය රටවල ගිණුම්, මරණ තර්ජන, නිවාස ඉඩකඩම්, විදේශීය ආයෝජන, පිළිබඳ ඔවුන් විසින්ම හෝ ඔවුන්ට සමීපතම බලවේගයන් ලවා ප්‍රචාරය කොට පසුව එය ඔවුන් විසින්ම එය යටපත් කරවයි. 

මේ සඳහා මුදලට කටයුතු කරන සමාජ මාධ්‍ය ජාලාද වේ. ඒ කාලසීමාව තුළදී එම පක්ෂ පුද්ගලයින් අතර එන්තරාවාසි නඩු නිමිත්තක පෙර සූදානම පිළිබඳ ප්‍රසිද්ධ ජනමාධ්‍යයන්ගෙන්ද උපරිම ප්‍රචාරයක් ලබා දෙයි. එයින් සිදු වන්නේ රටේ සැබෑ අර්බුද නිර්මාණකරුවන් විසින් පක්ෂ විපක්ෂව සාමූහිකව එක්වී යටපත් කිරීමයි.  එම කාලසීමාවේදී ඔවුන්ට අවශ්‍ය රටට අහිතකර අණපනත් සම්මත කර ගැනීම, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යහමින් සිදුකරයි. මෙම නිෂේධනාත්මක ප්‍රචාරණය සමාජ මාධ්‍ය තුළ සිදු කිරීම වැළැක්විය නොහැකි වුණත් වගකිවයුතු ජනමාධ්‍යවලින්ද එය සිදු කිරීම රටේ අනාගතය යොමුවන දිශානතිය හිතාගත නොහැකි තරමට ඉතා අවාසනාවන්ත බව නම් ඉතා පැහැදිලිය. 


මෙසේ අනාගතයේ රටට වැඩදායී පිරිසිදු චරිත ඝාතන කරමින් ඔවුන්ව යටපත් කොට කූඨ පුද්ගලයින් අද රටේ අනාගතයට සෘජුවම වගකියන ප්‍රධානතම අංශ වන පූජක, වෛද්‍ය, ගුරු, වැවිලි කේෂ්ත්‍ර, ව්‍යාපාරික ප්‍රජාවේ ඉහලින්ම සිටිති. අද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලොවේ දෑවැන්තයන් ව්‍යවසායකයන් නොව සැහැසි මංකොල්ලකරුවන්ය. මෑතදී තම ප්‍රතිවාදී චොකලට් නිෂ්පාදන ව්‍යාපාරය මිළදී ගැනීමට නොහැකි වූ තැන එම ව්‍යාපාරයේ නිෂ්පාදන වල මිනිස් ශරිර අවයව මිශ්‍රව ඇති බවට ප්‍රචාර කොට එම දේශීය ව්‍යාපාරය විනාශ කිරීමටගත් උත්සාහයක් ව්‍යර්ථ වූ බව මාධ්‍ය තුල ප්‍රචාරය විය. එයට ප්‍රසිද්ධ ජනමාධ්‍ය පුදුමාකාර ප්‍රචාරණයක් ලබා දුන්නද අවසානයේ එහි සිදුවූ සැබෑ කුමන්ත්‍රණයක්ද නැද්ද යන්න කිසිදු මාධ්‍යයකින් ප්‍රමාණවත් ප්‍රචාරය නොවුනේ පොලීසියට හරක්කටාගෙන් ලැබුණ දීමණා මෙන් ජනමාධ්‍ය වලටද සංතෝශම් ලැබුණි දැයි සැකයක් මතුවේ.

මෑත ඉතිහාසයේ පාස්කු ප්‍රහාරය, බැඳුම්කර වංචාව, බටලන්ද, විෂ සහිත පොල් තෙල්, හෙල්පිං හම්බන්තොට, තාජුඩීන් ඝාතනය,  කූරගල, වඳ සැත්කම්, බාල ඖෂධ මිලදී ගැනීම වැනි බොහෝ කරුණු කාරණා රටේ තීරණාත්මක අවස්ථාවලදී ඉස්මතු වී මුහුදු රළ මෙන් වරින්වර ඇතිවී නැතිවී ගියේය. ජනතාවද මේ මුළාවට යටවී ඒවා හාස්‍යයට උපහාසයට ලක් කරමින් රත්වන වතුර හැලියේ නටන කකුළුවන් සේ රඟති. මෑතකදී බාල ඖෂධ නිසා සහ ප්‍රමිතින් තොර ඖෂධ ආනයනද, දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන රෝගීන් පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයන්, මරණ නිසා රටේ අසරණයන්ට සිදුවන අසාධාරණයන් යටපත් කරගැනීමට වෛද්‍යවරු බාල ඖෂධ පිළිබඳව විරෝධය හා දේශපාලකයන්ගේ වරදක්ම ලෙස මාධ්‍ය ඉදිරියේ රඟ දක්වීය. නමුත් මේ කාලසීමාව තුළ කිසිදු වෛද්‍යවරයෙකුට, ඖෂධ නියාමන අධිකාරියේ කිසිවෙකුට, ඇමතිවරයාට  නියමාකාරයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ කිසිවකුගේ අවධානය යොමු වී නැත. පසුගිය දිනක කුඩා දරුවකුගේ වකුගඩු දෙකම ඉවත්කල වෛද්‍යවරයාට රටින් පිටවීමට පහසුකම් සැපයූ පුද්ගලයින් ගැන සොයාබැලීමක අවශ්‍යතාවයක්ද රජයට හෝ ජනතාවට එතරම් උනන්දුවක් නැති තරම්ය. දැනටමත් බොහෝ ජනතාව ඉච්ඡාභංගත්වයට පත්ව මාධ්‍යයෙන් සපයන තොරතුර බලා සුසුම් හෙලීමට එහා කිසිවක් නොකරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය මානව හිමිකම් සංවිධානය වැනි ලෝක ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන්නා වූ ජාත්‍යන්තර සංවිධාන ද එහිදී නිහඬය. නමුත් ලංකාවේ ගුරුවරයෙකු ශිෂ්‍යයෙකුට තරවටු කිරීමකදී ඒ වෙනුවෙන් කිඹුල් කඳු`ඵ සලන, ගුරුවරයා අධිකරණය හමුවට පමුනුවා දඬුවම් දෙන තෙක් නොනිදන මානව හිමිකම් ආයතන මෙවැනි සිදුවීමකදී නිදිවර්ජිතය.

මෑත දශක කීපයක සිට සිදු වුයේ රටේ ප්‍රශ්නයකදී අවසාන තීරණය ජනතාවට දැන ගැනීම සඟවමින් වෙනත් කරුණක් ඉස්මතු කර ජනතා අවධානය නිතර නිතර වෙනතකට යොමු කරවීමයි. මෙයට නිශේධනාත්මක ප්‍රචාරණයද මිශ්‍ර වීමෙන් රටේ ජනතාව තම රටට ජාතියට, සංස්කෘතියට අදහන ආගමට වෛර කිරීමට, නිගා කිරීමටත් ඒ තුලින් රටේ පැවතුන සම්ප්‍රදායන් සදාචාරයන් විනාශ වී නව ආත්මාර්ථකාමී සංස්කෘතියක් බිහිවී ඇත. එවැනි ජාති, ආගම් වශයෙන් බෙදුන පිරිහුණු සමාජයක් තමනට රිසි ආකාරයට පාලනය කිරීම විදේශීය බලවේගයන්ට සහ ඒ අනුව කටයුතු කරණ පාලකයන්ට වාසිදායකය. 

මෙයින් වක්‍රාකාරව සිදු වන්නේ ජනතාව තුල ඔවුන්ටත් එසේනම් අපටද මෙම රාජ්‍ය ආයතන වලින් සාධාරණයක් ඉටු නොවන නිසා එම ආයතන වලින් සේවයක් සඳහා යාම නිෂ්ඵල ලෙස ඉච්ඡාභංගත්වයක් ඇති කරවීමය.

මීටත් අමතරව අද රටේ ජනතාවට කන්න බොන්න කෑම පමණක් නොව සැම නිෂ්පාදනයක අහිතකර විකිරණශීලී පිළිකාකාරක දුව්‍ය අඩංගු බව තොරතුරු පැතිර යයි. එයට එරෙහිව කටයුතු කළ යුතු නිල බලයක් ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය ශ්‍රව්‍ය ද්‍රෂ්‍ය මාධ්‍ය ආයතන වලද සහයෝගයෙන්  ඒවා වටලා ප්‍රදර්ශනාත්මක රංගනයක යෙදෙමින් ජනතාවට තාවකාලික රසාස්වාදයක් ලබාදීම හැර ඔවුන්ගෙන් රටට ජනතාවට සිදුවන ප්‍රමාණවත් සේවයක් නැත. ඉහත සඳහන් කල පරිදි ජනමාධ්‍යද එම වැටලීම් වල අවසානයේ පවරනවා යයි කියන නඩුවල නීතිමය අවසානය රටට දැනුම් දෙන්නේද නැත. ඒ අවසානය දෑවැන්ත ප්‍රසිද්ධ වැටලීමකට අවසානය රුපියල් දෙතුන් දහසක දඩයකින් කෙලවර වන නිසාද විය හැක. 

වර්තමානයේ නීතිය ක්‍රියාත්මක කලහැකි අධිකරණ ඇමතිධූර දරන්නන්ද තම නිල බලය තිබියදීත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සේවය දූෂිත බව තම අත්දැකීම් සමඟ රූපවාහිනී ජනමාධ්‍ය ඉදිරියේ හඟවති. මෙවැනි සිදුවීමකදී ඇමතිවරයෙකුගේ වගකීම අදාල ඇමතිවරයාගේ අවධානය යොමු කිරීම, පාර්ලිමේන්තුවේදී හෝ ඇමති මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්ණ කිරීම මිස ඔහුගේ දුක් ගැනවිල්ල ජනතාව ඉදිරියේ හඬා වැටීම නොවේ. ජනතාව ඔවුන් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ ඒ සඳහාය. 

වෙළඳපොලේ සබන් කැටය, හඳුන්කූරේ පටන් බොහෝ පාරිභෝගික භාණ්ඩ වල වස විස අන්තර්ගත බවට සමාජ මාධ්‍යතුල සංසරණය වේ. එසේ නම් ඒවාට විරුද්ධව අදාල රාජ්‍ය ආයතන නීතිය මඟින් කටයුතු සිදු කල යුතුය. එසේත් නොමැතිනම් අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීම වෙනුවෙන් තොරතුරු පලකරන්නන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය. මේ දෙයාකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක නොවීම තුල කඩා වැටෙන ආර්ථිකයත් තුල රැදී සිටීමට වෙර දරණ දේශීය නිෂ්පාදකයන් ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට වැටී එම ව්‍යාපාර වල සේවය කරන සේවකයන්ට රැකියා අහිමිවීම නිසා රටේ විරැකියාව, ආදායම් අඩුවීම නිසා සිදුවන අපරාධ වැඩිවනු ඇත.

මෙසේ කරුණු කිහිපයක් ගෙන හැර දැක්වූයේ රටේ ජනතාව රසකාරක සන්නිවේදනයට සහ නිශේධනාත්මක ප්‍රචාරණයට අනුගතවී ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයක සිටින පසුබිමක ය. මෙයින් සාමාන්‍ය ජනතාව තුළ නිර්මාණය වන නිශේධනාත්මක චින්තනය තුළ පාලකයාට ඕනෑම මිත්‍යාවක් බෙදාහදා ගැනීමට ඉඩ අවකාශය පහසු වනු ඇත. 

                                                                                                                     (2023 සැප්තැම්බර් 18)