Search This Blog

Thursday, June 27, 2013

හෙට ගොඩනැගෙන ශ්‍රී ලංකාව



රා රජුගේ ගුප්ත විද්‍යාවත්, පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයාගේ සහලින් සවයංපෝෂිත ඉතිහාසයත්, එදා වැව් දාගැබ් ඉදිකල තාක්ෂනයත් සහිත වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කිවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අතීතයේ පටන් වරින්වර කැරලි, යුධ, සටන් පාවාදීම් සිදුවුනද රොබට් නොක්ස් වර්ණනා කල උතුම් මිනිසුන් සිටි ශී‍්‍ර ලංකාද්වීපය අනාගතයේදී භෞතිකව දියුණුවලත් එහෙත් ලෝකයේ මිලෙච්ච වනචාරී සංස්කෘතියක් පවතින රටක් බවට පත් වෙමින් ඇත.
මෙයට වගකිව යුත්තෝ අතීතයේ විසූවන් නම් ඒ අයට සාප කල හැක. අනාගත පරපුර නම් ඒ අයට දෙස් දෙවොල් තැබිය හැක. මේ දෙපිරසම නොවේ නම් වගකිව යුත්තෝ වර්තමානයේ වෙසෙන්නෝ අපම විය යුතුය. අතීතයේ විසූ රට පාලනය කලවුන් තමාට හරියයි සිතෙන එදාට ගැලපුන ජනතාවගේ සමාජයීය, මානසික, කායික, ආර්ථික, දියුණුව උදෙසා ක‍්‍රියා මාර්ග ගත්හ. නමුත් එදා ගත් තීන්දු තීරණ සමහරක් අද සමාජයට අහිතකර වී තිබීම එකල විසූ වන්නේ චින්තනයේ දුර්වලතාවයක් හෝ නූතන සමාජයට නොගැලපීමක් විය හැක. එසේනම් කල යුත්තේ වැරදුන තැන් නිවැරදි කරගැනීමෙන් හා අනාගතයේ එවැනි වැරදීම් ඇති නොවීමට කටයුතු කිරීමයි. 
උදාහරණයක් ලෙස එස්.ඩබ්.ආර්.ඞී. බන්ඩාරණායක මැතිඳුන් පිරිවෙන් අධ්‍යාපනයට සීමා වූ ස`ග රුවන දැණුමින් තවත් සන්නද්ධ කර රටේ අධ්‍යාත්මික චිරස්ථිතිය වෙනුවෙන් කැප කිරීම ස`දහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමට කටයුතු කලේය. එදා ගත් ඒ තීරණය අද සංඝ සමාජයේ පිරිහීමට කොපමණ දායක වී ඇත්දැයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හා ලැබූ භික්ෂුවගේ හැසිරීමෙන් දැක ගත හැකිය. තවද ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් 1977 විවෘත ආර්ථිකය හ`දුන්වා දීමෙන් හෙල සංස්කෘතිය විනාශ වී ජනතාව මුදල් කියන්නාවූ සාධකය මතම සිතන්නට වීම තුල ජනතාවට බෝ නොවන රෝග (දියවැඩියාව, පිලිකා, අම්ලපිත්ත වැනි* ගණනාවකට හිමිකම ලැබීය. අද රට තුල දක්නට ලැබෙන්නේ ඇවිදින ෆාමසිය. සතුට නැත. සීමාව ඉක්මවා ගිය ආතතිය ඇත. 1977 සිට 2013 දක්වා වසර 36ක් තුල පැවතෙන විවෘත ආර්ථික ක‍්‍රමයෙන් සංස්කෘතිය, සභ්‍යත්වය, සහජීවනය වැනි ජාතියකට අවශ්‍ය මූලික ගුණාංග දුරු වී වෛරය, ක්‍රෝධය, වැනි අවිඥානගත (ID) සාධක ඉස්මතු වන්නේ නම් තව තවත් එම ආර්ථික රටාවෙන් රටකට, ජාතියකට පලක් නැත. එය එස්.ඩබ්.ආර්.ඞී. බන්ඩාරණායක මැති`දුන්ගේ මෙන් ජේ.ආර්. ජයවර්ධන මැති`දුන්ගේ ප‍්‍රශ්ණයක්ද නොවේ. දැන් එය අපේ ප‍්‍රශ්නයකි. මෙය විස`දා ගත යුත්තේද අප විසින්මය. කලෙක රෝහණ විජේවීරද, වේ`ඵපිල්ලේ ප‍්‍රභාකරන්ද රටේ සන්නද්ධ අරගලයකින් වෙනසක් කිරීමට උත්සාහ දැරීය. අද එයද අවසන්ය.  නමුත් මෙම අසාර්ථක ගමන් මාර්ගයේ ගමන් කල අතරමං වූ ජන කොටස් තවමත් වත්මන් සමාජයේ ඉතිරි වී ඇත. ඒ අයද රටේ පුරවැසියෝ වෙති. නමුන් දැන් රටේ යුද්ධයක් නැත. 
එබැවින් මෙම කාලය රටේ ඉතිහාසය ආවර්ජනය කර වැරදුන තැන් නිවැරදි කර ගැනීමටත් ලැබූ අත්දැකීම් තුලින් අත්වැරදීමක් වත් සිදු නොවීමට  සැලසුම් සම්පාදනය කල හැකි හො`දම කාලයයි. මේ කාලයේ තාවකාලික ලාභ අපේක්ෂවෙන් පටු අරමුණු මුදුන් පමුනුවා ගන්නට උත්සාහ ගතහොත් නැවතත් දෙවේල නොකා හෝ අද ගත කරන යුද්ධයෙන් තොර නිදහස් ජීවන රටාව අවසන් විය හැක. එසේ නම් මේ ස`දහා ගතයුතු පියවරවල් මොනවාදැයි බලමු.  ප‍්‍රථමයෙන් වසර 50කට පෙර පැවති රටේ තත්වය සලකා බැලිය යුතුය. වසර 50කට පෙර අනෙකුත් රට වලට සාපේක්ෂව රටක දල නිෂ්පාදන අගයට අනුව අප සිටින ස්ථානය කනගාටුදායකය. නූතනයේ දේශපාලනය කරන්නන්ගෙන් බහුතරය මැරයන්, ප‍්‍රසිද්ධ ¥ෂකයන් හා ¥ෂිතයන්ය. මේ ගැන ප‍්‍රකාශ කිරීමද කාලය කා දැමීමකි. අද එය දේශපාලනය ස`දහා සුදුසුකමකි. රාජ්‍ය සේවකයින් බහුතරය උදාසීන එලොවටත් නැති මෙලොවටත් නැති මන්දබුද්ධිකයෙකි. ඔවුන් රටට අසීමිත බරකි. එවන් වාතාවරනයක රාජ්‍ය සේවය ලක්ෂ 9 සිට 4 දක්වා අඩු කිරීමට නිර්දේශව තිබියදී ලක්ෂ 14 දක්ා වර්ධනය කිරීම අ¥රදර්ශී ක‍්‍රියාවකි. මෙම ආබාධිත රාජ්‍ය යාන්ත‍්‍රණය නඩත්තු කිරීමට පෞද්ගලික ව්‍යාපාරික ප‍්‍රජාව හා ජනතාව තලා පෙළා දස වධ දෙමින් රාජ්‍ය වහ`ඵන් බවට පත් කොට ඇත. එම ගන්නා බදු මුදලින් තව තවත් රාජ්‍ය සේවයට බ`දවා ගැනීමෙන් හා රාජ්‍ය සේවකයන්ට, වෛද්‍යවරුන්ට, දේශපාලන බලවතුන්ට වැඩි වරප‍්‍රසාද දීමෙන් වැඩි කලක් නොගොස් පෞද්ගලික අංශයද ක‍්‍රමක‍්‍රමයෙන් කඩා වැටෙනු ඇත. ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනු ඇත. පසුගිය කාලයේ උපාධිධාරීන් රජයේ සේවයේ පිහිටු වීමේදී පෞද්ගලික අංශයේ සේවය කල රුපියල් 25,000ක වැටුපක් ගත් අය පවා රජයේ අඩු වැටුපට රාජ්‍ය සේවයට එක්වූයේ විශාම වැටුප සහ දේශපාලනික වාසියට අනුව වරින් වර වැටුප් වැඩිකරන වාරයක් පාසාම පෞද්ගලික අංශයට බර වැඩි වීමත් හා රජයේ සේවයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි නොවීම නිසාය. දැන් ඒ සිදුවීම හමාරය. ගිය හකුරට නාඩා දැන් කල යුත්තේ මෙම බ`දවාගත් සේවකයින් කුසීත රාජ්‍ය සේවකයන් හා මුහුන් නොකොට මොවුන්ගේ තරුණ ජවය රටේ සංවර්ධනට ගත හැකි ආකාරයට හැඩගැස්වීම ස`දහා පුහුණු කිරීමයි. මේ ස`දහා කෙසේ ප‍්‍රවේශ වන්නේදැයි සිතීම පවා බිය ගන්වන සු`ඵය. හේතුව රාජ්‍ය ආයතන වලට සභාපතිවරු පත්කරන්නේ දේශපාලන අධිකාරියයි. මෙම පත්වීම් වලදී උගතුන් පත් කිරීමට වඩා තම හිතෛෂිවන්තයන් පත් කිරීම  ඕනෑම රජයක සම්ප‍්‍රදායයි. එම සභාපතිවරුන් සනසවමින් තම පැවැත්ම උසස්වීම සකසා ගන්නා රාජ්‍ය සේවයේ ඉහල මට්ටමේ නිළධාරීන් මේ පුහුණු ස`දහා සුදුසු නැත. පරිපාලනයේ උසස් යයි හදුන්වන මේ නිළධාරීන් තුල ආදර්ශමත් හැසිරීමක් දැකීමට නැත. බොහෝ විට ඔවුන් තම රාජකාරි ආසනයේ නැත. සැමදා රැුස්වීම්ය. සම්මන්ත‍්‍රණය. විශේෂ පුහුණු ස`දහා පිටරට ගොසිනි. විශ‍්‍රාම ගැනීමට ආසන්නයේද පුහුණුය. ඔවුන්ගෙන් රටට සේවයක් නැත. රජයේ පරිපාලන නිළධාරීන්ට පුද්ගල සංවර්ධනය හෝ ආකල්ප වර්ධනය පිලිබ`දව දැනීමක් නැත.  විදේශ කා.කා.ස. පුහුණුවක් ලැබෙතොත් ඒ යන්නේත් ආයතන ප‍්‍රධාණියා හෝ ඔහුගේ හිතවතුන්ය. එම නිසා දෙවන පෙළ දක්ෂයන් බිහිවීමක් පුහුණු කිරීමක් නැත. ගෙවීමක් ලබා ගත හැකි දේශනයක් වෙතොත් ඒ ස`දහා ඉදිරිපත් වන්නේ මේ ආයතන ප‍්‍රධානීන්ය. එබැවින් අ`ඵතින් බ`දවා ගත් උපාධිධාරීන් පුහුණු කිරීමේ කුසලතාවය රජය තුල නැත.
මෙසේ කීමට එක හේතුවක් නම් රාජ්‍ය ආයතනයක  ඵලදායිතාව පිළිබ`ද වැඩ සටහනක න්‍යාය පත‍්‍රය දුටු නිසාය. පළමුව ආගම සිහි කිරීම දෙවනුව ඵලදායීතාව පිලිබ`ද හ`දුන්වාදීම තුන්වෙනුව කනා මුට්ටියට ගැහීමේ සිට දිවා ආහාරය සවස තේ පැන්.... ආදියෙන් සපිරි අවුරුදු උළෙලකි.   මෙය කියවීමේදී ඔබේ මුවගට සිනහවක් පහල වූවත් එය සත්‍ය සිදු වීමකි. එසේනම් මේ උපාධිධාරීන්ව පුහුණු කිරීමට පෞද්ගලික අංශයෙන් පුහුණුකරුවන් යොදා ගැනීමට සිදු වේ.එවිට ආයතන ප‍්‍රධානීන් රටේ ප‍්‍රසිද්ධ දේශක උපදේශකවරුන් යොදවා සම්මන්ත‍්‍රණ සැනකෙළි පවත්වා කොමිස් කුට්ටි ගිල ගනී. මෙයට නිදසුනක් ලෙස රටේ පැරණිතම මානසික උපදේශන වැඩසටහන් පවත්වන මහාචාර්යවරයෙක් රාජ්‍ය උසස් නිළධාරිණියකට උපදේශනය පිළිබ`ද MICP උපාධි සහතිකයක් පිරිනමා එම නිළධාරිණිය මාර්ගයෙන් රාජ්‍ය ආයතනයන්හි මානසික උපදේශකවරු පුහුණු කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇත. එම ලිපියට අනුව නීතිය ක‍්‍රියාත්මක කරන ආයනයන්හි ඉහල නිලධාරීන්ටද අල්ලස් වශයෙන් මෙම උපාධි පිරිනමා නීතිය ක‍්‍රියාත්මක වීම වලකන බව පැවසේ. මෙසේ රාජ්‍ය සේවයේ ඉහල නිළයන් ජනතා ද්‍රෝහී කටයුතු වල නිරත වෙද්දී ජනතාව පිහිට පතා යා යුත්තේ කොතනටද යන්න විමසිය යුත්තේ කාගෙන්ද?  
තවත් රජයට සම්බන්ධ ආයතනයක කථිකාචාර්ය වරයෙකු තම ආයතනයේ වැඩසටහන් නොපවත්වා පෞද්ගලික ව්‍යාපාරිකයන් හා එක්ව විශාල මිළ ගණන් වලට රජයේ ආයතන වලටම දේශන වැඩමු`ඵ පවත්වයි. ඉන් රටට, රජයට සිදුවන හානි ගණනාවකි. එනම් රජයට අනුබද්ධ කථිකාචාර්ය වරයා තම ආයතනය හරහා නොගොස් බාහිර වැඩමු`ඵ සංවිධානයෙන් රජයට ලැබිය යුතු මුදලක් අහිමි කිරීම, රජයේ ආයතනයකින්ම මුදල් ලබා ගැනීම නිසා රජයට විශාල මුදලක් වැය වීම සහ කථිකාචාර්යවරයාට රජයෙන් මාසික වැටුපක් ගෙවූවද ඒ ස`දහා එයට සාපේක්ෂව රජයට සේවයක් නොලැබීම යන කරුණුයි. මේ දේශකයන්ගේ දේශන මාතෘකාවන් වනුයේ ධනාත්මක චින්තනය, ආකල්ප වර්ධනය, සාර්ථක දිවියකට ම`ග, සිතුවිල්ලේ බලය වැනි ආකර්ශනීය තේමාවන්ය. එහෙත් මොවුන්ගෙන් දැනුම ලබන්නන්ද ආත්මාර්ථකාමීන් වීම මිස රට ජාතිය කෙරෙහි ඇල්මක් දක්වන්නෝ නොවෙති. පවතින තත්වය මෙසේය. කල යුත්තේ මෙයය.  රජයේ වැටුප් ලබන සේවකයෙක් වෙනත් ආයතනයක අදාල වෘත්තියේ කටයුතු වල යෙදීම තහනම් කල යුතුය. එවැන්නක් කෙරෙන්නේ නම් අදාල ආයතන ප‍්‍රධානියාගේ අවසරය මත ලබන්නාවූ දීමනාවෙන් ප‍්‍රථිශතයක් තම සේවා ස්ථානයට ගෙවිය යුතු වන්නේය. මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් වෘත්තිකයන් තම සේවා ස්ථානයේම මෙවැනි වැඩසටහන් සංවිධානය කරණු ඇත. ඒ ස`දහා වැටුපට අමතර දීමනාවක්ද ඔහුටද හිමිවිය යුතුය.
සම්පත් අඩු සිංගප්පූරුව, ජපානය, මැලේසියාවට දියුණු වීමට හැකි වූවානම් දේශගුනය හා රන් කෙතක් වූ පොළොවක් ඇති අප ශ‍්‍රී ලංකාවට දියුණු කිරීමට කිසිදු බාධාවක් නැත. බාධාවක් වේ නම් ඒ මේ රටේ ජීවත්වන මිනිසුන්ගේ ආකල්පය. අනෙක වැඩ නොකරන්නන්ට නිදහස ඇති වැඩ කිරීමේදී බාධා ඇති කරන රාජ්‍ය චක‍්‍රලේඛණ හා රාජ්‍ය මුදල් රෙගුලාසිය.
මෙයින් මේ ලිපිය අවසන් කලහොත් සාමාන්‍ය විවේචනාත්මක ලිපියක් පමණක් වෙනු ඇත. මෙම පවතින තත්වයෙන් රට මුදවා ගැනීම ස`දහා පහත ස`දහන් යෝජනාවන් ඉදිරිපත් කරමි. මෙම ක‍්‍රමය තවත් සංවර්ධනය කොට දිවි නැගුම වැනි වැඩසටහන් ස`දහා ක‍්‍රියාත්මක වන්නේ නම් රටට ඵලදායී වනු ඇත.

මෙම ජාතික වැඩ සටහන් ස`දහා විද්වත් කමිටුවක් පත් කර ගැනීම.
පත්කරගන්නා විද්වත් කමිටුවට පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ඵලදායී කර පෙන්වීමට හැකි අය විය යුතුය. 
පත්කරගන්නා විද්වතුන් විසින් ඉදිරිපත් වී ඇති දේශකයන් පිළිබ`දව පසුගිය කාලයේ කරුණු ලැබූ වැඩසටහන් වල ගුණාත්මකභාවය මැනීම ස`දහා ස්වාධීන අධ්‍යන කමිටුවක් පත් කිරීම.
තෝරා ගැනීමේදී මොවුන් විසින් දෛනිකව කල ක‍්‍රියාකාරකම් විශ්ලේෂණය කල යුතුය. (මාගේ අත්දැකීම් වලට අනුව බොහෝ විද්වතුන්ට ලේකම්වරයෙක් සපයා ඇත. ලේකම්වරයා සිය`ඵ කටයුතු සංවිධානය කල පසු විද්වතා කරනුයේ දේශනයට සහභාගිවීම පමණය. ඔහුගේ අනෙකුත් කාලය වැය කර ඇත්තේ පෞද්ගලික කටයුතු ස`දහාය. ඔහුට එය තවත් දේශනයක් පමණි. ප‍්‍රථිඵලය අවශ්‍ය නැත. පසු ඇගයීමක් නැත. වැඩසටහනේ ප‍්‍රගතියක් නැත. රජයෙන් ගෙවීමක් ඇත. පෞද්ගලික අංශයේ මෙවැනි වැඩසටහනක ප‍්‍රගතිය මැනීමේ ක‍්‍රම රාශියක් ඇත. දෙවන වැඩසටහන ලැබෙන්නේ පළමු වැඩසටහනේ සාර්ථකත්වය මත පමණි.*
ඉන් නිර්දේශ වන විද්වතුන්ගෙන් තමන් කිරීමට අදහස් කරුණු ලැබූ ව්‍යාපෘතියේ වාර්තාවක් ලබා ගැනීම. වැඩ සටහන අවසානයේ ඇගයීමක් ලබා ගැනීම, ඇගයීම් අනුව දේශකයා සම`ග සාකච්ඡුා කර දෙවන වැඩසටහන සම්පාදනය කිරීම සිදු විය යුතුය.       (25/06/2013)


No comments:

Post a Comment