Skip to main content

Posts

Showing posts from November, 2013

උපදේශනයේදී ඔබ දැනුම රැස්කර ගැනීමේදී ඇතිවන අවධානම

                            දැනට රටේ පවතින අධිවේගී ජීවන රටාව වෙනස් කිරීමට හෝ වෙනස් කරවීමට උනන්දුවක් නොපෙනෙන, වෙනස් කල යුතු බව පමනක් පුන පුනා කතාවට පමණක් සීමාවූ තත්වයක් යටතේ නූතන මානසික උපදේශකයාට අනාගතයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ ස`දහා මානසික උපදේශකයා දැනුමෙන් සන්නද්ධ විය යුතු ආකාරය සහ මිත්‍යාවන් ගෙන් මිදී විද්‍යාත්මක දැනීම සහ වෛකල්පිත ක‍්‍රම ගැනද උගෙන සිටීම වැදගත්. විද්‍යාත්මක ක‍්‍රම උගෙන ගැනීමට අද ආයතන, පත පොත ඇතිවා සේම වෛකල්පිත ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම පිළිබ`දවද බොහෝ ග‍්‍රන්ථද වෙළ`දපලේ දක්නට ඇත. එහෙත් වාරණයෙන් තොරව නිකුත් වන මෙම ස`ගරා, පත පොතට අමතරව අන්තර් ජාලයෙන්ද නිකුත් වන ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම අධ්‍යයනයේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව හැදෑරීම කල යුතුව ඇත. නිදසුනක් ලෙස යම්කිසි විෂයයක් හැදෑරීමේදී සමහර ආචාර්යවරුන්, ලේඛකයින් විචාර බුද්ධියකින් තොරව සහ තමන් ප‍්‍රගුණ කල විෂයට අමතරව ප‍්‍රකාශන පල කිරීම නිසා දැනුම (knowledge) සොයා ...

ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය

                 මෙම මාතෘකාව යටතේ 2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ පලවූ අගනා ලිපියක් මා නෙත ගැටුනේ 2012 ජනවාරි මාසයේදී හෝටලයක අත පිස දැමීමට තිබූ කඩදාසි රදවනයක තිබීය. කොටස් 6කට පමණ ඉරා තිබූ මෙම ලිපිය නොඅඩුව සකසා ගත්තේ ඉමහත් වෙහෙසක් දරාය. කෙසේ හෝ මෙවැනි ලිපියක් කියවීමට ලැබීම භාග්‍යයකි. එවැනි ලිපියක් පුවත් පතක පල කල වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාටත්, ලක්බිම පුවත් පතටත් ස්තුතිවන්ත වෙමි. කාලීන හරවත් මාතෘකාවක් වූ එම ලිපියේ ස`දහන්  කරුණු වලට මා අත්දැකීමෙන් ලද තවත් කරුණු කිහිපයක් ජන සමාජයට එකතු කිරීම මැනවි යයි මට සිතුණි. එසේනම් අද     උපදේශනය විලාසිතාවක් හා  ව්‍යාපාරයක් වී ක්ෂනිකව ආර්ථික හා සමාජීය වටිනාකමක් ඇතිවීමට හේතූන් සොයා බැලිය යුතුය.     පසු ගිය දිනක ලංකාවේ දැනට ක‍්‍රියාත්මක උපදේශන ආයතන වල ප‍්‍රමිතිය පිළිබ`දව කරුණු සෙවීමටත්, ලංකාවේ නිල වශයෙන් පිළි ගැණුන උපදේශන මධ්‍යස්ථාන හා පිළිගත් උපදේශනවරුන් පිළිබ`දව වග කියන රාජ්‍ය ආයතනයන් සොයා ගියෙමි. එහිදී දැනගන්නට ල...

නීති පැනවීම මගින් අනාගත ශ‍්‍රී ලාංකික රැකියා වෙලෙදපොලේ ඇබෑර්තු රැුසක් ඇතිවන ලකුණු

අද ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය කඩා වැටීමට එරෙහිව විවිධ ක‍්‍රියා මාර්ග ගනිමින් සහ ඒ ස`දහා සැලසුම් සම්පාදනය කරමින් සිටිනු මේ දිනවල බහුලව දැකිය හැක. එහෙත් මෙම විරැුකියාව අවම කරගැනීමට විස`දුම් සොයන ලෝක ආර්ථික විශේෂඥයින් ප‍්‍රධාන වශයෙන් තම අවධානය යොමු කර ඇත්තේ සේවක දීමනා කප්පාදුව, සේවක සංඛ්‍යාව අවම කිරීම, සුභසාධන හා පරිභෝජන වියදම් අඩු කිරීම වැනි  ක‍්‍රියාවලීන් නිසා තවමත් එම රටවලට ශක්තිමත් ආර්ථික රාමුවක් සකසා ගැනීමට නොහැකි වී ඇත. තවද මෙයට ප‍්‍රධාන සාධක වශයෙන් ජනගහන වර්ධනය ඉහල යාමට සමාන්තරව මරණ අනුපාතයේ අඩුවීමක්ද දැක්විය හැක. කෙසේ වෙතත් මෙම අනාගත අභියෝගයන් ජය ගැනීමට දියුණු, නොදියුණු රටවල් විශාල වශයෙන් වෙහෙසෙන විට අප රටට ආයාසයකින් තොරව මෙම ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට මාර්ගයන් උදාවී ඇත. එසේම  එක් පුද්ගලයෙකුට ප‍්‍රධාන රැුකියාවට අමතරව අතිරේක රැුකියා අවස්ථාද බොහෝ දුරට උදාවිය හැක. එයට හේතුපාදක වන ප‍්‍රධාන කරුණක් වනුයේ ලාංකික නව මාර්ග නීති පද්ධතිය හා බදු ප‍්‍රථිපත්තියයි.     නව රියදුරු වර්ධක - දඬුවම් ලකුණු ක‍්‍රමය පිළිබ`ද රියදුරු මහතුන් සහ පොලීසියේ රථවාහන හසුරුවන නිලධාරීන්ගේ...

හිත හීලෑ නැ හරීම මුරණ්ඩුයි

       අද දවසේ හිත, මනස පිළිබඳව සාකච්ඡුා කිරීම, දේශනා කිරීම, පුවත් ප‍්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත හැකි පහසු මගක් වී ඇත. එය ඉතා හොඳ ජනතා ආකර්ෂණයක් සේ ම ආර්ථික භාණ්ඩයක් ලෙසත්, කාගේත්  අවධානය දිනාගැනීමට පහසු වේදිකාවක් ලෙසත් දැක්විය හැක. එමනිසා අද පදික වේදිකාවේ පටන් රටේ උසස් යයි සම්මත ආයතන දක්වා මේ මනසේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ විවිධ දාර්ශනික මත මඟින්, විවිධ ආගමික දර්ශන තුළින්, විවිධ විද්‍යාත්මක         කෝනයන්ගෙන් ද කතා බහට ලක්වී ඇත. එය එසේ සිදුවිය යුතු කරුණකි. නමුත් මෙම සත්කාරය මුවාවෙන් දර්ශනය, මනෝ විද්‍යාව පිළිබඳ අද ලිපියක් කියවා හෙට ග‍්‍රන්ථයක් එළිදක්වන චරිතයන් ද අද සමාජයේ දැකිය හැක. මෙයින් දර්ශනය, විද්‍යාව හා ආගම් පවා විකෘති කිරීම් වලට භාජනය වෙමින්  පවතී.       මානසික ආතතිය හා කාංසාව වැඩි කරවන ආර්ථික රටාවක් පවතින සමාජයක මනස හා මානසික රෝග පිළිබඳ දැනුම ජනතාවට ලබා ගැනීමේ අයිතියක්  ජනතාවට  ඇතිවා  සේ ම  ජනතාව   තිබෙන  මානසික ව්‍යාකූල...

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ඩිමෙන්ෂියා (Alzheimer’s Dementia) රෝගය 2025 දී

               ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර සීඝ‍්‍රයෙන් වැඩිවන එහෙත් ප‍්‍රමානවත් ජනතා අවධානය යොමු නොවූ මාතෘකාවක් කෙරෙහි අප අද අවධානය යොමු කරමු. මෙයට හේතුව නම් අ`ඵත්ම සමීක්ෂණ වාර්ථා වලට අනුව 2025 වසර වන විට ලංකාවේ වයස අවුරුදු  60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 21ක් මෙම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වන බවයි. එයට වඩා භයානක තත්වය නම් 2025 වසර වනවිට ශ‍්‍රී ලංකා ජනගහනයෙන් සියයට 25ක් වැඩිහිටියන් බවට පත්වන බව මෙම සමීක්ෂණ වාර්ථා වලින් පෙන්වා දීමයි. මෙම රෝගී තත්වය චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය (Alzheimer’s Dementia) ලෙස හ`දුන්වයි. මෙහි විශේෂිත තත්වය නම් රෝගය වයස්ගත වන විට පමණක් ඇති වීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වයස්ගත වන විට මොලයේ ස්නායු ස්වභාවිකවම විනාශ වේ. එයට සාපේක්ෂව මොලයේ බර වයසත් සම`ග ක‍්‍රමයෙන් අඩු වේ. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන මේ රෝගී බව සමහර වැඩිහිටියන්ගේ මොලයේ ස්නායු සීඝ‍්‍ර වශයෙන් මියයාම නිසා මෙම රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවනතාවය වැඩි වේ. මෙම රෝගී තත්වයට හේතූන් ලෙස මොලයේ ස්නායු ෙසෙල වලට ප‍්‍රමානවත් රුධිරය නොලැබීම, රුධිර...