Search This Blog

Thursday, November 21, 2013

ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය

                 මෙම මාතෘකාව යටතේ 2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ පලවූ අගනා ලිපියක් මා නෙත ගැටුනේ 2012 ජනවාරි මාසයේදී හෝටලයක අත පිස දැමීමට තිබූ කඩදාසි රදවනයක තිබීය. කොටස් 6කට පමණ ඉරා තිබූ මෙම ලිපිය නොඅඩුව සකසා ගත්තේ ඉමහත් වෙහෙසක් දරාය. කෙසේ හෝ මෙවැනි ලිපියක් කියවීමට ලැබීම භාග්‍යයකි. එවැනි ලිපියක් පුවත් පතක පල කල වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාටත්, ලක්බිම පුවත් පතටත් ස්තුතිවන්ත වෙමි. කාලීන හරවත් මාතෘකාවක් වූ එම ලිපියේ ස`දහන්  කරුණු වලට මා අත්දැකීමෙන් ලද තවත් කරුණු කිහිපයක් ජන සමාජයට එකතු කිරීම මැනවි යයි මට සිතුණි. එසේනම් අද     උපදේශනය විලාසිතාවක් හා  ව්‍යාපාරයක් වී ක්ෂනිකව ආර්ථික හා සමාජීය වටිනාකමක් ඇතිවීමට හේතූන් සොයා බැලිය යුතුය.
    පසු ගිය දිනක ලංකාවේ දැනට ක‍්‍රියාත්මක උපදේශන ආයතන වල ප‍්‍රමිතිය පිළිබ`දව කරුණු සෙවීමටත්, ලංකාවේ නිල වශයෙන් පිළි ගැණුන උපදේශන මධ්‍යස්ථාන හා පිළිගත් උපදේශනවරුන් පිළිබ`දව වග කියන රාජ්‍ය ආයතනයන් සොයා ගියෙමි. එහිදී දැනගන්නට ලැබුනේ වගකිව යුතු රාජ්‍ය ආයතනය තවමත් ලයිස්තු ගත කිරීම ස`දහා උත්සාහ ගන්නා බවය. මෙසේ විමර්ශනයක අවශ්‍යතාවය ඇතිවුනේ දැනට වෘත්තීය මට්ටමේ සිටින උපදේශනවරුන්ගේ ක‍්‍රියා කලාපයන් පිළිබ`දව ඇතිවූ ගැට`ඵ සහගත තත්වයන් නිසාය. මෙවන් තත්වයකදී අනෙක් උපදේශන ආයතන නිහ`ඩව සිටීම නිසා එම ආයතන අවදි කොට හ`ඩක් නැගීමට මා උත්සාහ ගැනීමේදී මෙම ව්‍යාකූල තත්වය තව තවත් පැහැදිලි විය. 
    පසුව අන්තර් ජාලයේ සැරිසරා විශාල උත්සාහයකින් පසුව ලංකාවේ එක් උපදේශන ආයතනයක වගතුග හෙලි කර ගැනීමට හැකි විය. ඒ වත්තල ප‍්‍රදේශයේ ආයතනයකි. එය මා දන්නා පරිදි වෛද්‍ය කීර්තිසිංහ මහතා යනු පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත ලංකාවේ එකම උපදේශන ආයතනයයිිි. අනෙකුත් ආයතන ලියාපදිංචිය වී ඇත්තේ කුමන ආයතනයක කුමන පදනමක් යටතේද යන්න මා හට ප‍්‍රශ්නාර්ථයකි. නිවැරදි ලියාපදිංචියක් නොමැති බවින් උපදේශන සහ උපදේශක අතර වෙනස නොහ`දුණන උපදේශනවරුද අද සමාජයේ කොතෙකුත් දක්නට ඇත.    
    කාලයක් තුල නිහ`ඩව ගෞරවාන්විතව පැවත ආ මානසික උපදේශන ක‍්‍රියාවලියට 2004 සුනාමි ව්‍යවසනයත් සම`ග ලංකාවේ ඉමහත් ප‍්‍රසිද්ධියක් ලැබුණි. නමුත් එම අවස්ථාවට ප‍්‍රමාණවත් උපදේශනවරුන් අප රට තුල නොසිටියහ. මේ නිසා ක්ෂණික උපදේශනවරු බිහි කිරීමට යම් යම් ආයතන ඉදිරිපත් විය. එම කාලය තුල විදේශීය රාජ්‍ය නොවන ආයතන ශ‍්‍රී ලංකාවට පැමිණ සිදුකල යහපත සහ අයහපත ගැන උපදේශනයට සක‍්‍රියව දායක වූ උපදේශනවරයෙකු ලෙස මා හො`දාකාරව දුටිමි. මෙම ව්‍යවසනය වී වසර 08 ක් ගෙවී ගොස් ඇතත් සිදුවූ අපගාමී තත්වය නිවැරදි කිරීමට අප රටට නොහැකි වී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. යම් ආයතන උපදේශනය පිළිබ`දව ඩිප්ලොමා සහතිකයක් වානිජ මට්ටමෙන් මාස 6න් හෝ මාස 3කින් නිකුත් කරයි. ඒ ස`දහා අවශ්‍ය ප‍්‍රධන සාධකය වනුයේ මුදල්ය. විදේශීය රටවලින් නිකුත් කෙරෙන සහතික උපාධිය, ආචාර්ය උපාධිය දක්වා මුදලට ලබාගත හැක. සහතිකයේ ලිපිනයක් නොමැති වීමෙන් එම උපාධියන්හි නිරවද්‍යතාවය සොයා ගැනීමට නොහැක. අන්තර් ජාලයේ එම ආයතන ඇතත් වැඩියමක් හොයා ගැනීමට නැත.
    එය එසේ සිදු වෙද්දී සුනාමි ව්‍යවසනයෙන් පසු වර්ධනයවූ උපදේශන මේනියාව අද විලාසිතා දැක්මක් බවට පත්වී හමාරය.
    එදා සුනාමි ව්‍යවසනයේදී විදේශීය ආයතන තම පරීක්ෂන, අත්හදා බැලීම් ස`දහා ලංකාවේ ජනතාව යොදාගත් අවස්ථාද දක්නට ලැබුණි. මෙවන් පරිසරයක් තුල ලංකාවේ උපදේශනවරුනගේ රික්තකය ගුනාත්මක් බවින් තොරව ඔ`ඵ ගෙඩි ගණනින් පිරවීමෙන් තම ආර්ථිකය ගොඩ නගා ගැනීමටත්, උපදේශනය මැජික් බලයක් ලෙස ප‍්‍රදර්ශනය කිරීමෙන් ජනප‍්‍රියත්වයට පත්වන්නටත් බොහෝ පුද්ගලයන්ට හා ආයතන වලට අවශ්‍ය විය. ප‍්‍රමාණවත් වෘත්තීය සුදුසුකම් නොමැති වෙනත් කේෂ්ත‍්‍රයන්හි ප‍්‍රවීන විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් මානසික උපදේශනවරු හා උපදේශන දේශකවරු ලෙස අදත් මේ කේෂ්ත‍්‍රයේ වැජබෙමින් සිටී. මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙක් වෙතොත් මේ ප‍්‍රධාන පෙලේ උපදේශන දේශක වරුන්ගේ වෘත්තීයට අදාල සුදුසුකම් නිරීක්ෂනය කල හැකිය. (උදාඃ පරිසරය හෝ යන්ත්‍රෝපකරනය පිළිබ`ද මහාචාර්යවරු මනෝවිද්‍යාව හෝ උපදේශන පිලිබ`ද දේශන පවත්වයි.* ඊට අමතරව ලෝකයේ ප‍්‍රථික්ෂේප වෙමින් පි`ඵනු වෙමින් පවතින ධනාත්මක චින්තනය ලංකාවේ ප‍්‍රචලිත කරමින් සිටින ජනප‍්‍රිය පුද්ගලයින්ගේ සැබෑ ජීවිත නිරීක්ෂනය කිරීමද වැදගත්. මෙවන් පරිසරයක සමස්ත ශ‍්‍රී ලාංකික ජාතියේම අධ්‍යාත්මය උඩුකුරු යටිකුරු වී ජාතියම අවාසනාවන්ත යුගයකට පිය නගමින් ඇත. එම නිසා ආතතිය, පීඩනය යන වදන් අද සමාජයේ නිතර ඇසීමට හා කථා බහට ලක් වී ඇත. එසේම ආතතියට ධනාත්මක වටිනාකමක්ද ඇති වී ඇත. ටයි පටියේ ගැටය බාගෙට බුරුල් කරගෙන      රැුකියාව නිමවී ගෙදර යන මොහු මචං මේ දවස් වල මට මාර ටෙ‍්‍රස් යයි ආඩම්බරයෙන් කියනුද මා අසා ඇත. ටයි පටිය ගලවා සාක්කුවේ දමා ගැනීමටද ඔහු ගේ කැමැත්තක් නැත. එයද පෞරුෂයට මදිකමකි.
    මෙවන් විපරීත පරිසරයක් තුල මානසික වෛද්‍ය/උපදේශනවරුන්ගේ භූමිකාව කෙසේ විය යුතුද? ජනප‍්‍රිය ප‍්‍රසාංගික ක‍්‍රීඩාවක් ලෙස යොදා ගැනීමට වාරනයක් පැනවීමට රාජ්‍ය මැදිහත්වීමක්ද සොයා ගත නොහැක.

අද එය යථාර්තයක් බවට පත් වී උපදේශනය සංදර්ශනයක් ලෙසින් රූපවාහිනයෙන් නැරඹිය හැක. එසේම උපදේශනය පිළිබ`ද අධ්‍යාපනයක් අවබෝධයක් නොමැති ව්‍යාපාරික ආයතන රූපවාහිනී ගුවන් කාලය මිළට ගෙන වෙළ`ද වැඩ සටහනක් නොවන ආකාරයට අධ්‍යාපනික වැඩ සටහනක් සේ විකාශනය කිරීමෙන් ජාතියේම මනස විකෘති කිරිම් ද පෙන්වා දිය හැක. තවද අවාසනාවකට රටේ පිළිගත් පූජකවරුන්, විශේෂඥ වෛද්‍යවරු, උපදේශනවරුද උපදේශන ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මෙහෙයවමින් සමහර වැඩ සටහන් වලට සම්පත්දායකත්වය දැක්වීම කනගාටුවට කරුණකි.
2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය මාතෘකාව මා සිත් ගත්තේ ඒ නිසාය. එහි වෛද්‍ය කොටස ඉවත් වූවා නම් වඩාත් ගැලපේ.
   
    ඊට අමතරව උපදේශන සේවා මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තා විමුක්තිය උදෙසා යයි කියමින් කාන්තාවන්  සාමකාමී පවුල් ජීවිතයෙන් දික්කසාදයට පොලඹවන රාජ්‍ය නොවන ආයතනද ඇත. එයින් අදහස් කරන්නේ දික්කසාදය අනවශ්‍යය යන්න නොවේ. සැමියා සහ බිරි`ද එකම වහලක් යට නිරතුරුව රන්ඩු සරුවල් වේ නම් එයද දරුවන්ගේත් සමාජයේත් යහපැවැත්මට බාධාවකි. නමුත් සංස්කෘතියෙන්, නීතියෙන් හෝ බලහත්කාරයෙන් දෙදෙනා එකට එක් කිරීමෙන් දරුවන් ඇතු`ඵ මු`ඵ පවුල් සංස්ථාවටම හානිදායකවේ නම් පමණක් දික්කසාදය ස`දහා යොමු කිරීම වැදගත්. එසේ නොමැතිව බත ඉදෙන කම් ඇති වන සාමාන්‍ය දබරයටත් දික්කසාදය වෙත යොමු කිරීමයි අභාග්‍යය. සු`ඵ හිත් අමනාපයටත් පොලීසිය වෙත හෝ විකල්ප වෙත පිය නැංවීමට යොමු කරන රූපවාහිනී නාට්‍ය පිළිබ`දව වෙනම සාකච්ඡුා කල යුතුය.
එසේම රාජ්‍ය ආයතනද ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වය කාන්තාවට පමණක්මය (තාත්ත අම්මට ගැහුවම අපටත් රිදෙනවා) යන තේමාවෙන් ප‍්‍රචාරක කටයුතු කිරීමෙන් ගෘහයක ප‍්‍රචන්ඩත්වය සිදුවන්නේ නම් එය කාන්තාවට පමණක්මය යන ආකල්පය දරුවන් තුල ගොඩ නැගීම අනාගත ලමා පරපුරට හානිදායක විය හැක. මෙවැනි පරිසරයක් ගොඩනැංවීම වීම තුලින් රටට සිදුවන අයහපත් බලපෑම තනි පුද්ගලයෙක් වශයෙන් මතයක් ගොඩ නැගීමට අපහසු බැවින් ශ‍්‍රී ලංකාවේ පිළිගත් උපදේශන මධ්‍යස්ථාන එකතු කරගෙන ජාතික කර්තව්‍යයක් කිරීමට හා යහපත් උපදේශන ක‍්‍රියාවලියක් අප රට තුල ස්ථාපිත කිරීමට මා උත්සාහ ගත්තෙමි. නමුත් එයට රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි උදාසීනභාවය නිසා තාවකාලිකව අමතක කිරීමට සිදු විය.
එසේ වීමට මා දකින හේතූන් නම්... උඩු ගම් බලා පිහිනීමට වඩා ග`ග ගලන දිසාවටම පිහිනා යාම පහසු නිසාත්, කාගේද? කෙසේද? යන්න වෙනුවට කාගෙන් හෝ කෙසේ හෝ තම පෞද්ගලික අරමුනු ඉටු කර ගැනීමට උගත් නූගත් බහුතරය උත්සුක වීමත්ය. මේ අයද කොටස් දෙකක් ඇත.
    ඒ නම් දෙන දේ කාලා... වෙන දේ බලා ඉන්න කොටස සහ අනුන්ගේ දේ කාලා තමන්ට වෙන දේ නොබලා ඉන්න කොටස් දෙකයි. මේ අවාසනාවන්ත තත්වයන්ට ප‍්‍රධාන හේතුවක් වන්නේ ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ (වෛද්‍ය) උපදේශනයයි.                               10/02/2012

No comments:

Post a Comment