Skip to main content

උපදේශනයේදී ඔබ දැනුම රැස්කර ගැනීමේදී ඇතිවන අවධානම


                           දැනට රටේ පවතින අධිවේගී ජීවන රටාව වෙනස් කිරීමට හෝ වෙනස් කරවීමට උනන්දුවක් නොපෙනෙන, වෙනස් කල යුතු බව පමනක් පුන පුනා කතාවට පමණක් සීමාවූ තත්වයක් යටතේ නූතන මානසික උපදේශකයාට අනාගතයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ ස`දහා මානසික උපදේශකයා දැනුමෙන් සන්නද්ධ විය යුතු ආකාරය සහ මිත්‍යාවන් ගෙන් මිදී විද්‍යාත්මක දැනීම සහ වෛකල්පිත ක‍්‍රම ගැනද උගෙන සිටීම වැදගත්. විද්‍යාත්මක ක‍්‍රම උගෙන ගැනීමට අද ආයතන, පත පොත ඇතිවා සේම වෛකල්පිත ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම පිළිබ`දවද බොහෝ ග‍්‍රන්ථද වෙළ`දපලේ දක්නට ඇත. එහෙත් වාරණයෙන් තොරව නිකුත් වන මෙම ස`ගරා, පත පොතට අමතරව අන්තර් ජාලයෙන්ද නිකුත් වන ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම අධ්‍යයනයේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව හැදෑරීම කල යුතුව ඇත. නිදසුනක් ලෙස යම්කිසි විෂයයක් හැදෑරීමේදී සමහර ආචාර්යවරුන්, ලේඛකයින් විචාර බුද්ධියකින් තොරව සහ තමන් ප‍්‍රගුණ කල විෂයට අමතරව ප‍්‍රකාශන පල කිරීම නිසා දැනුම (knowledge) සොයා යන්නන්ට ඉමහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. උගත් දැනුම සහ ව්‍යවහාරික බුද්ධිය (Commen Sense)  අතරින් බොහෝ උගතුන්ට අහිමී ඇති දෙයකි මේ ව්‍යවහාරික බුද්ධිය. විශේෂයෙන් එක් කේෂ්ත‍්‍රයක ප‍්‍රවීනයෙකු වීමට තම ජීවිතය කැප කරනා බොහෝ විද්වතුන්ට විවිධ සමාජ ස්ථර හා හැසිරීමට අවකාශ නොලැබේ. එසේම විවේක බුද්ධියෙන් මානව හැසිරීම අධ්‍යයනය කොට අවධාරණය කරගැනීමටවත් අවකාශයක් නොමැත. එබැවින් සෑම දෙයක් කෙරෙහිම උගත් න්‍යායෙන් පමණක් බැලීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටිති. මෙම තත්වය කෙරෙහි ජනමාධ්‍යයන්හි අවධානය යොමු නොවුනත් ඉන් සිදුවන සමාජ අපගමනය මෙතෙකැයි කියා පැවසිය නොහැක. නමුත් මානසික උපදේශන ක‍්‍රියාවලියේ සක‍්‍රියව දායක වන්නන් මේ පිළිබ`දව දැනුවත් වී තිබීම වැදගත්.
             මෑත කාලයේ වෘත්තීය නීතිඥවරයෙක් විසින් පලකල නීති ග‍්‍රන්ථයක් පරිශීලනය කල මා හට එහි තිබූ යම් අපහැදිලිතාවයක් නිසා දුරකතනයෙන් ඔහු හා සාකච්ඡුා කිරීමට සිදු විය. එහෙත් සෑම අවස්ථාවකම ඔහු පිළිතුරු දීමට ම`ග හැරීම නිසා නීති සංග‍්‍රහ සහ බොහෝ පතපොත පරිශීලනය කොට, නීතිවේදීන් හා සාකච්ඡුා කොට එම වරද නිවැරදි කර ගතිමි. එහිදී මට බොහෝ උපකාරී වුනේ නීති පොත් විකුණන පදික වෙලෙන්දෙකි. ඔහුගේ දැනුමේ ප‍්‍රශස්ථ  තත්වයක් අන් අයට වඩා මා දුටිමි.  එහිදී මා හට ඇතිවූ හැ`ගීම නම් අප මුදල් ගෙවා පොත් පත් ගෙන දැනුමද මොට කරගැනීමක් ලෙසය.

ඉහත ස`දහන් වෘත්තීය නීතිඥවරයා ගැන ඇතිවූ සැකය නිසා එම නීතිඥවරයා පල කල අනෙකුත් ග‍්‍රන්ථ පිළිබ`දවද මා අවධානය යොමු කිරීමේදී තම උගත් විෂයට පරිභාහිරව රචිත, පාඨකයාට රසවත් අහසේ පාවෙන ක‍්‍රම වැනි විශ්මිත කරුනු වලින් අලංකාර කරුනු ලැබූ විශාල පොත්     පත් රාශියක් එලිදක්වා තිබුණි. පසුගිය දිනක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විසින් එම නීතීඥයා විසින් වෙනත් ග‍්‍රහලොවක සිටින බුදුවරයෙක් හා සම්බන්ධවීමේ විශේෂ මෙවලමක්  (Tool)  ඔහු සතුව ඇති බව පවසමින් රහසිගතව කරන ජනතා ප්‍රෝඩාවක් හෙලිදරව් කලේය. මෙම හෙලිදරව්වේදී මේ ක‍්‍රියාවට හසුවූ එක් පුද්ගලයෙක් සිය`ඵ සමාජ කටයුතු වලින් මිදී හුදකලාව මංමුලාවී (Depression) විශාදී තත්වයට ආසන්නයෙන් ගත කරන බව හෙලි විය. මෙවැනි හෙලිදරව් නොවූ කොතෙකුත් සිදුවීම් අප සමාජයේ සැ`ගවී ඇතිද? මෙය ගැඹුරින් විමසා බැලිය යුතු ප‍්‍රශ්නයකි. මෙවැනි තවත් සිදුවීම් පිළිබ`දව ඔබ මීට පෙර දැන සිටියාද? එසේනම් ඔබ මානසික උපදේශනවරයෙක් ලෙස ඒ පිළිබ`දව ගන්නා ලද ක‍්‍රියා මාර්ග කුමක්ද?

එසේම එවැනි තව සිදුවීමක්  මා මෙසේ ස`දහන් කරමි. යෝග විද්‍යාව පිළිබ`ද මා අධ්‍යයනයක යෙදීමේදී එක් පොතක ඉඩා යනු සූර්ය නාඩිය ලෙසත්, තවත් පොතක ඉඩා යනු චන්ද්‍ර නාඩිය ලෙසත් ස`දහන්ව තිබුණි. යෝග විද්‍යාව පිළිබ`දව ඔබ හදාරා ඇත්තෙක් නම් මෙහි වචන දෙක මාරු වීම සු`ඵ දෙයක් වුවත් අර්ථයේ භයානක බව ඔබට වැටහෙනවා ඇති. එය හරියට ධන හා සෘන විදුලිය මෙනි. යන්ත‍්‍රයකට ධන හා සෘන අග‍්‍ර මාරු කර විදුලිය සැපයුවහොත්.... කුමක් සිදුවේද? මෙයද නිරාකරනය කරගැනීමට පොතේ තිබූ එක් දුරකතන අංකයකට කතා කල විට එම දුරකථනය භාවිතයේ නොමැත. අනෙක් කතෘවරයාගෙන් විමසීමේදී ඔහුගේ ග‍්‍රන්ථය නිවැරදි බව පැවසීය. ඒ පිළිබ`දව වැඩිදුර සාකච්ඡුා කිරීමට ඔහුගේ  ලිපිනය විමසීමේදී ඔහු මා පදිංචි ප‍්‍රදේශයට ආසන්නයේම සිටින බව මා පැවසීමත් සම`ගම මාර්ග විස්තරය නවතා නිවසේදී හමුවිය නොහැකි බවත් ඉදිරි කාලයේදී දිනයක් හා වේලාවක් මාගේ දුරකථන අංකයට දැනුම් දෙන බව පවසා නිහ`ඩ විය. මානසික උපදේශකවරයෙකුට මෙවැනි කරුනු සරලව බැහැර කල නොහැක. මක්නිසාදයත් මානසිකඋපදේශකවරයා සමාජ සේවකයෙකි. ඔහුගෙන් සේවාව ලබන්නෝ බොහෝ විට අසරණයෝය. (එසේම බොහෝ මානසික උපදේශකවරුන් ආර්ථික ලාභ අපේක්ෂාවෙන්ම කටයුතු නොකරති. ඔවුන්ගේ අපේක්ෂාව ආත්ම තෘප්තියයි.)
ඊට අමතරව කායික රෝගීන්ට වඩා මානසික රෝගීන් සම`ග කටයුතු කිරීමේදී මානසික උපදේශකවරයා යහපත් මානසික සෞඛ්‍යයකින් සිටිය යුතුය. සමාජාවබෝධයද මැනවින් තිබිය යුතුය. දැනට බෝ නොවන රෝග අතර ජාතියට ව්‍යයසනයක්වී ඇති දියවැඩියාව අභිබවා වසර 2020දී ශ‍්‍රී ලාංකීය ජනතාව ආතතිය නිසා දරුනු තත්වයකට පත්වන බවට දැන් අනතුරු අ`ගවා ඇත. දියවැඩියාවටද ආතතියෙන්ද බලපෑමක් ඇති කරයි නම් වසර 2020න් පසු ඇති වන කනගාටුදායක තත්වයට අප දැන් සිටම සූදානම් විය යුතුය. රෝගයකට ප‍්‍රථිකාරයට වඩා රෝග නිවාරණයට කටයුතු කිරීම මානසික උපදේශවරයාගේ වගකීම විය යුතුය. මානසික උපදේශකවරයා සේවාදායකයා තමා ල`ගට පැමිණෙන තෙක් නොසිට ප‍්‍රජාව දැනුවත් කරමින් විවිධ ප‍්‍රජා සත්කාර කටයුතු වල නියැලෙමින් අනාගත පරම්පරාව මානසික නිරෝගීතාවයෙන් සපිරි සුපිරි පිරිසක් බවට පත්කල යුතුය.'


මෙසේ මේ ලිපියෙන් දීර්ග වශයෙන් මේ පිළිබ`දව ස`දහන් කලේ අතීතයේ පටන් පැවත එන කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ගැන නැවත ඔබේ අවධානය යොමු කරවීමටයි. අද කියවීමම ප‍්‍රමානවත් නොවන අතර අවබෝධයෙන් යුතුව කියවීමද, ඔබ ලබා ගන්නා දැනුම තම සගයන් හා සාකච්ඡුා කොට තර්ක විතර්ක කොට කන්ඩායමක් වශයෙන් ගන්නා අවබෝධය ඉතා වැදගත් වනු ඇත. එසේම සමාජයට හානිදායක ඉහත ස`දහන් කල සමාජ අපචාරී ක‍්‍රියා වේ නම් තම වෘත්තීය මට්ටමින් අදාල ආයතන දැනුවත් කරමින් අනාගත උපදේශන ක‍්‍රියාවලියට ජාතික වශයෙන් විශාල කාර්යභාරයක් කිරීමට දැන් සිටම සූදානම් විය යුතුය. ඒ ස`දහා උපදේශන ගුරුකුල වලින් මිදී සිය`ඵම උපදේශන සංවිධාන අත්වැල් බැ`ද ගත යුතුය.         (24/05/2012)



Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...