Skip to main content

හිත හීලෑ නැ හරීම මුරණ්ඩුයි

       අද දවසේ හිත, මනස පිළිබඳව සාකච්ඡුා කිරීම, දේශනා කිරීම, පුවත් ප‍්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත හැකි පහසු මගක් වී ඇත. එය ඉතා හොඳ ජනතා ආකර්ෂණයක් සේ ම ආර්ථික භාණ්ඩයක් ලෙසත්, කාගේත්  අවධානය දිනාගැනීමට පහසු වේදිකාවක් ලෙසත් දැක්විය හැක. එමනිසා අද පදික වේදිකාවේ පටන් රටේ උසස් යයි සම්මත ආයතන දක්වා මේ මනසේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ විවිධ දාර්ශනික මත මඟින්, විවිධ ආගමික දර්ශන තුළින්, විවිධ විද්‍යාත්මක         කෝනයන්ගෙන් ද කතා බහට ලක්වී ඇත. එය එසේ සිදුවිය යුතු කරුණකි. නමුත් මෙම සත්කාරය මුවාවෙන් දර්ශනය, මනෝ විද්‍යාව පිළිබඳ අද ලිපියක් කියවා හෙට ග‍්‍රන්ථයක් එළිදක්වන චරිතයන් ද අද සමාජයේ දැකිය හැක. මෙයින් දර්ශනය, විද්‍යාව හා ආගම් පවා විකෘති කිරීම් වලට භාජනය වෙමින්  පවතී.       මානසික ආතතිය හා කාංසාව වැඩි කරවන ආර්ථික රටාවක් පවතින සමාජයක මනස හා මානසික රෝග පිළිබඳ දැනුම ජනතාවට ලබා ගැනීමේ අයිතියක්  ජනතාවට  ඇතිවා  සේ ම  ජනතාව   තිබෙන  මානසික ව්‍යාකූලත්වයෙනුත් පහළට ඇද දමන, මිත්‍යාවට යොමු කරවීමේ යම් ප‍්‍රවනතාවයක් රටේ ඇත්නම්, මනස සහ ආගම පිළිබඳ ගවේෂණය කරන්නන්ට තවත් දිශාවකින් බැලීමට සහ සිතීමට  යොමු කිරීමයි මේ ලිපියේ අරමුණ.
    මේ කාරණයේදී ජනතා ඉල්ලූමටත් වඩා සැපයුමක් නො අඩුව සැපයීමට සියලු ගුවන් විදුලි, විද්්‍යුත් මාධ්‍ය, විවිධ ස්වෙච්ඡුා සංවිධාන කටයුතු කිරිම පැසසිය යුතුය. එහෙත්  මෙම සැපයීම ගුණාත්මක අතින් මැන බැලීමක් නොමැති වීම ඉතා කනගාටුදායකය.
    මනස යනු පුද්ගලයෙකුගේ අවසන් චර්යාවට  සෘජුව ම බලපෑම් කළ හැකි වස්තුවක් ලෙස දැක්විය හැක.  උදාහරණයක් ලෙස සරත්, සමිතා, ලලිතා යන තිදෙනා එක්ව ගමනක් යනවිට පාර හරහා ගමන් කළ සුනඛයෙක් වාහනයක ගැටී අනතුරට පත් වේ. එහිදී සරත් ආවේගශීලීවී වාහනයේ රියදුරුතැනට පහරදීමට සැරසෙයි. සමිතා කම්පනයට පත්ව දෑස් වසා ගනී. ලලිතා මෙම සුනඛයා ජීවත් කරවීම සඳහා වතුර සොයා දිව යයි. එකම සිදුවීමේ දී සුනඛයා ගැන අනුකම්පාව මුල්කරගෙන මේ තිදෙනා තමන්ගේ කායික හා මානසික අධ්‍යාත්මික ශක්තිය යෙද වූ ආකාරය වෙනස් බව ඔබට දැන් වැටහෙනවා ඇත.
    
     සරත් අනුකම්පාව ආවේගයට පෙරළා ගනී.
      සමිතාගේ අනුකම්පාව දුර්වල මානසික ශක්තියට යට වේ.
      ලලිතා තම අනුකම්පාව තවත් ආකාරයකට යොදවයි.
      මේ තිදෙනාට සුනඛයා පිළබඳ තිබූ අනුකම්පාවප අවසානයේ දී තුන්        ආකාරයක විවිධ හැසිරීමෙන් දැක්වීම
     එ් එ් පුද්ගලයන් තුළ ගොඩනැගී තිබූ
     කායික - මානසික  සමාජයීය - අධ්‍යාත්මික තත්වයන්ගේ වෙනස යි.    

එය එසේ නම් පුද්ගලයා සතු කායික හා මනෝභාවයේ වැදගත්කම සමාජයක යහපැවැත්මට කොපමණ උපකාර වේ දැයි සිතා ගත හැක. මෙම මතයට ඔබ ද එකඟවන බව දනිමි. එනමුදු මෙය අනුමත කරන ඔබ වැන්නන්  සිටින සමාජයක අද සමස්ථයක් ලෙස සමාජ හැසිරීම පිළිබඳව ඔබගේ ප‍්‍රසන්නතාවයක් ද නැති බව ඔබට ම වැටහී ඇත. එයට හේතුපාදක වන ප‍්‍රධාන ම කරුණුලෙස මා ඉහතින් සඳහන් කළ ආගම, මනස, විද්‍යාව පිළිබඳ ප‍්‍රවීනයින් යයි කියා ගන්නා  කොටසක් හුදු ආර්ථික ලාභ හෝ බාල ප‍්‍රසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම යි. අද සුප‍්‍රසිද්ධ පූජකතුමන්ලා තම දාර්ශනිකයාණන්ගේ දර්ශනයෙන් පිට තම මතය ප‍්‍රකාශ කිරීමත්, එයට වාරණයක් පැනවීමක්, නිවැරදි   කිරීමක් හෝ එ් පිළිබඳව කටයුතු කිරීමක්, කිසිදු ආයතනයකින් සිදු නොවීමත්, එම තත්වය වැරදි  නම්  නිවැරදි  නොකර අන්තයට ම පිරිහුනු පසු එම දේශකවරුන්හට එම මාධ්‍යයන් විසින් ම දරුණු ලෙස පහරදීමත් අද බහුලව දක්නට ඇත. ගැටුමකට වඩා සිදුවිය යුත්තේ ප‍්‍රසිද්ධ සංවාදයක් තුළින් එය නිවැරදි කිරීම යි. මේ තත්වය     අඛන්ඩව පැවතීම හේතුවෙන් බෙදීම, වෛරය හා අවිශ්වාසය ජන සමාජය තුළ වර්ධනය වේ. එදා කාල් මාක්ස් ආගම මත්ද්‍රව්‍ය වලට සමාන කරන්න ඇත්තේ මේනිසයි.
එදා දර්ශනය තුළින් ආගමක් නිර්මාණය වූ අතර අද ආගම තුළින් දර්ශනයක් නිර්මාණය කිරීමට යාම සමාජ අපගමනයට හේතුවක්වී ඇත.
    මේ ගැන වාද විවාද කිරීම උඩුගම් බලා පිහිනා යාමට දරන අසීරු ප‍්‍රයත්නයක් සේ සලකා දෑස් වසා ගෙන සුවසේ ගඟ ගළන දිසාවට ම පිහිනා යාමටත් ශ‍්‍රී ලාංකීය අනාගත පරම්පරාවට මේ මිත්‍යාව ම වපුරමින් තම ආර්ථිකය සහ බලය ශක්තිමත්  කරගැනීමට දේශපාලකයින්, පූජකවරුන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, මනෝ උපදේශකවරුන් සමඟ ගුවන් විදුලි, විද්්‍යුත් මාධ්‍යද එකාමෙන් අත්වැල් බැඳ කටයුතු කිරීමත් රටකට අභාග්‍ය යකි. එහෙත් මේ තත්වය වෙනස් කිරීමට ඔබට නොහැකි වුවත් එය අවබෝධ කරගෙන මෙම සංකීර්ණ සමාජයේ ම සාර්ථක යහපත් ජීවිතයක් ගතකිරීමට ඔබට තවමත් හැකියාව ඇත. එ් සඳහා මීට පෙර පිබිදීම සඟරාවේ ඔබ සාර්ථකද? යන ලිපිය ඔබට පිටුවහලක් වනු ඇත. (එහි පිටපතක් අවශ්‍ය නම් පහත සඳහන් ඊමේල් ලිපිනයෙන් ලබාගත හැක.* ඉදිරි කලාපයේ දී ඔීනෑම සමාජයක් තුළ නිරවුල් මනසකින් යුතුව ජීවත්වන ආකාරය සාකච්ඡුා කරමු. නිරවුල් මනසක් ලැබීමට මෛත‍්‍රිය වැඩිය යුතුය. නමුත් මෛත‍්‍රී කිරීමට පෙර වෛර නොකිරීමට පුරුදු විය යුතුය. වෛර සිතුවිලි ඇතිවීම මුලින් නතර කළ නොහැක. එහෙත් ඇතිවන වෛර සිතුවිලි හඳුනාගෙන එය දමනය කරගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබේ දියුණුව ඔබ තුළ මිස තව කෙනෙකු තුළ නැත. අනුගාමිකයන් පසුපස යන්නෝ දර්ශනයක් නැත්තෝ වෙති. අද සමහර සුප‍්‍රසිද්ධ දේශක, පූජකතුමන්ලාගේ දේශන වලට බුද්ධියෙන් තොර භක්තියෙන් සවන් දී මිථ්‍යාදෘෂ්ඨිකව සිට එම පූජකයින්ගේ සැබෑ ස්වරූපය හඳුනාගත් පසු අසරණ වූ ගිහි නිකායන් ගන්ධබ්බයන් සේ රට තුළ සැරිසරනු දැකිය හැක. මෙය රටක සංවර්ධනයට ද ගැට`ඵවකි. එකිනෙකාට ෙදාස් කියාගන්නා මේ ගිහියන් සහ පූජකයන් නිසා ප‍්‍රධාන ආගම් දර්ශන පිළිබඳව ද ඔබ තුළ යම් ප‍්‍රශ්නාර්ථයක් ඇතිවීම වැලැක්විය නොහැක. මෙයට විස`දුමක් ලෙස මුලින් ඔබ ඔබේ ම හිත පිළිබඳව අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න. එවිට ඔබට සමස්ථ ලෝකයා ම අවබෝධ කරගත හැක. නිවැරදි පෞරුෂයක් තිබීිම ආත්ම සාක්ෂාත්කරණයට අත්‍යවශ්‍ය ම ය. තමන් හිසට තම අතමය සෙවනැල්ල යන පැරණි කියමන ද මෙයට හොඳ උදාහරණයක්. හිතෙහි ස්වභාවය එ්කයි. ,හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි, තැන තැන ඇවිදිනවාත හිතෙන හිතෙන තැන නවතිනවා, කියලා බන්දුල විජේවීර මහත්තයත් සින්දුවක් කියල තියෙන්නෙ. ඔබටත් මේ සින්දුව ඇහිල ඇති. හැබැයි ඇහීම සහ ඇහුම්කන් දීම අතර ලොකු වෙනසක් තියෙනවා. මේ සින්දුව හොඳට සිහි බුද්ධියෙන් අහගෙන හිටියොත් ඔබට බණක් ඇහැව්ව වගේ  තියේ වි.


Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...