Skip to main content

ඩිමෙන්ෂියා (Alzheimer’s Dementia) රෝගය 2025 දී

               ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර සීඝ‍්‍රයෙන් වැඩිවන එහෙත් ප‍්‍රමානවත් ජනතා අවධානය යොමු නොවූ මාතෘකාවක් කෙරෙහි අප අද අවධානය යොමු කරමු. මෙයට හේතුව නම් අ`ඵත්ම සමීක්ෂණ වාර්ථා වලට අනුව 2025 වසර වන විට ලංකාවේ වයස අවුරුදු  60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 21ක් මෙම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වන බවයි. එයට වඩා භයානක තත්වය නම් 2025 වසර වනවිට ශ‍්‍රී ලංකා ජනගහනයෙන් සියයට 25ක් වැඩිහිටියන් බවට පත්වන බව මෙම සමීක්ෂණ වාර්ථා වලින් පෙන්වා දීමයි. මෙම රෝගී තත්වය චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය (Alzheimer’s Dementia) ලෙස හ`දුන්වයි. මෙහි විශේෂිත තත්වය නම් රෝගය වයස්ගත වන විට පමණක් ඇති වීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වයස්ගත වන විට මොලයේ ස්නායු ස්වභාවිකවම විනාශ වේ. එයට සාපේක්ෂව මොලයේ බර වයසත් සම`ග ක‍්‍රමයෙන් අඩු වේ. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන මේ රෝගී බව සමහර වැඩිහිටියන්ගේ මොලයේ ස්නායු සීඝ‍්‍ර වශයෙන් මියයාම නිසා මෙම රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවනතාවය වැඩි වේ. මෙම රෝගී තත්වයට හේතූන් ලෙස මොලයේ ස්නායු ෙසෙල වලට ප‍්‍රමානවත් රුධිරය නොලැබීම, රුධිර නාල අවහිර වීම යන කරුණු උපකල්පනය කෙරේ. දියවැඩියාව, කොලොස්ට්‍රෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය ඇත්තවුන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව අධික මත්වතුර භාවිතය, දුම්බීම භාවිතා කරන්නන්ටද ඩිමෙන්ෂියා රෝගය වැලදීමේ අවදානම වැඩිය. තවද කායික රෝග වලට ප‍්‍රථිකාර නොකොට සිටීමද ඩිමෙන්ෂියා රෝගය වැලදීමට හේතුවක් විය හැක.
මෙම ඩිමෙන්ෂියා රෝගී තත්වය ගැන රෝගීයාට එතරම් අවබෝධයක් නොමැති වුවත් රෝගියා ල`ගින් ඇසුරු කරන්නන්ට මෙකී ලක්ෂන අනුව රෝගී තත්වය කලින්ම හ`දුනා ගැනීමට පු`ඵවන.
චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය  (Alzheimer’s Dementia)   
ප‍්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වෙන් කල හැක.
Vascular Dementia මොලයට සපයන රුධිර වාහිනී අවහිරවීමෙන් මොලයේ කොටස් මියයාම, අවිදිවීමේ අපහසුතා, විශාදය වැනි ලක්ෂණ
Lewy Body Dementia - මාංශපේශි තදවීම, ඇවිදීමේ අපහසුතාවය, අනවශ්‍ය බිය හා පාකින්සන් රෝගී ලක්ෂණද දැකිය හැක.
Front Temporal Dementia - පෞරුෂයට වැඩි හානියක් සිදුවේ. මතකය පිළිබ`ද ගැට`ඵ වැඩිවේ.
    මුලදී නිදන කාලය අඩු වීම, තරහ යාම, බොරු කීමෙන් පටන් ගෙන මල මුත‍්‍රා නොදැනී පිට වීම වැනි ලක්ෂණ පවා ඇති විය හැක. මෙම රෝගය ස`දහා නිෂ්චිත ප‍්‍රථිකාරයක් නැතත් රෝගය යම් මට්ටමකට පාලනය කර ගැනීමට රෝගියා රැුකබලාගන්නන්ට කැප වීමක් කල හැක. ඒ ස`දහා රෝගියා කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම, අපහසුතාවයට පත්වන ලෙස ප‍්‍රශ්න නොඇසීම (රෝගියාගේ අමතකවීම විහි`ඵවකට ගෙන එම සිදුවීම් නැවත නැවත ඇසීම*, පිරිසිදුව සිටීමට උදව් කිරීම, අධ්‍යාත්මික කටයුතු වලට හවුල් කිරීමෙන් මේ තත්වය යම්තාක්දුරකට පාලනය කරගත හැක. මෙම රෝගී තත්වයේ විශේෂ ලක්ෂණය නම් අතීතයට වඩා වර්තමානය අමතක වීමයි. උදාහරණයක් ලෙස වසර තිහ හතලිහක සිදු වීමක් මතකයේ තිබුනද උදෑසන ගත් ආහාරය පිළිබ`දව මතකයත් නැත.

එමනිසා ඩිමෙන්ෂියා රෝගය ස`දහා ප‍්‍රථිකාර ස`දහා යොමු කරන්නන් විශේෂයෙන්ම අවබෝධ කරගතයුතු කරුණු කිහිපයක් ඇත.
මේ රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් නොමැති බව.
මේ ඩිමෙන්ෂියා රෝගය තමාටද වැඩිහිටි වියේදී ගොදුරු වීමට සිදු වුවොත් තමාද අත් විදින තත්වය (වසර 2025දී 21%කට මෙම රෝගයේ වැලදීමේ අවධානම*
රෝගී තත්වය නිසා නිවසින් කොන් කොට තැබීමෙන් තව තවත් රෝගී තත්වය උත්සන්න වීමෙන් රැුක බලා ගන්නන්ට පසු කාලීනව ඇතිවන අපහසුව  (විශේෂයෙන් ලංකාවේ විවාහ වන්නන් අතර වයස පරතරය වසර 5-10ක් පමණ වේ. එමනිසා ස්ත‍්‍රිය පුරුෂයාට වඩා වසර ගණනාවකින් වයසින් අඩුය. මෙකී තත්වයෙන් ස්ත‍්‍රී පාර්ශවය ඩිමෙන්ෂියා රෝගයට වැලදුන තම පුරුෂයා හාස්‍යයට භාජනය කරනු ලබන අවස්ථා බොහෝ විට දක්නට ඇත.*
මෙම චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය නොහොත් ඇල්සයිමර් ඩිමෙන්ෂියා රෝගය වැලදීමෙන් ආරක්ෂා වීමට නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

  • සමබර ආහාර වේලක් නිශ්චිත වෙලාවට ගැනීම
  • අධික මානසික ආතතිය ඇති වන ක‍්‍රියාවන් වල නිරත නොවීම (මේ පිළිබ`දව දීර්ඝව අනෙකුත් කලාප වලින් විස්තර කොට ඇත.*
  • දුම්බීම මත්වතුර භාවිතයෙන් ඉවත් වීම
  • සෞන්දර්ය කෙරෙහි නැඹුරු වීම (සංගීතය රස වි`දීම / අධ්‍යාත්මික පොත්පත් කියවීම / මුහුදු වෙරලේ ඇවිදීම වැනි*
  • අතීතයට වෛර නොකරන්න. අතීතයේ සුන්දර අවධියන් මෙනෙහි කරන්න අන් අය හා කතා කරන්න.
  • සෑම දිනකම පවුලේ සිය`ඵ දෙනා සම`ග එකතු වී විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට කාලයක් වෙන් කර ගන්න.
  • වැඩිහිටිභාවයත් සම`ග ලබා ගත්තාවූ අත්දැකීම් සම්භාරයෙන් සමාජයීය කටයුතු වල නිරත වෙන්න.

Comments

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංසනයෙන් තොර රටක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයයි. එය ලෝකයේ අනෙක් රටවල් හා හරි හරියට සංකේතාත්මකව සැමරීමට අපද සූදානම් වී සිටිමු. දින 365 න් එක් දිනයක මහා උළෙලක වැඩිහිටි ප්‍රභූන් රැසක් මහා ධනස්කන්ධයක් වැය කොට මහා ශ්‍රවණාගරයක දරුවන් අතලොස්සක් රැස්කර පාට තොප්පියකින් වර්ණවත් ටී ෂර්ට් එකක් අන්ඳවා බත් පැකැට්ටුවක රස බලද්දී , රූපවාහිනියෙන් එය සජීවීව විකාශනය කරන්නේ මු ` ඵ ලොවට දැක ගැනීමටය. මේ අතර අසරණ දරුවෝ තවත් දස දහස්ගණනක් හව්හරනක් නොමැතිව ළමා නිවාසයේ රූපවාහිනියෙන්  රාජ්‍ය සහ රාජ්‍ය නොවන , ප්‍රභූන්ට පමණක් සුන්දර වූ ඒ දිනය අපේක්ෂාවෙන් තොරව බලාසිටිති. වැඩ සටහන අවසන් වූ දරුවන් බස් රථයෙන් නැවතත් සුපුරුදු නිවාසගත වන අතර , ප්‍රභූන් අභිමානයෙන් යුතුව තවත් උත්සවයක් කරා පරිවාර සේනා සමඟ විරාජමාන වන්නේ එය තවත් එක් දිනයක් පමණක් ලෙස සලකාය. මෙම සිදුවීම පසුගිය සෑම වසරකදී මෙන්ම මෙවරද අනාගතයේදීද එලෙසම සිදු වනු ඇත. මෙවන් සැමරීමක් සිදු කළ පමණින් ළමා හිංසනය රටෙන් තුරන් කළ හැකිද ? එය දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන අපේ යුතුකමද ? ළමා හිංසනයෙන් තොර රටක් වෙනුවෙන් අප රටට නිශ්චිත වැඩ පිළිවෙලක් ඇත්ද ? ළමා හිංසනයට එරෙහිව ...

අද පාසලට ලිංගික අධ්‍යාපනය සහ හෙට LGBTQ+

ශ්‍රී ලංකාවේ ජනතාව කොතරම් උගත්කමක්, වත්පොහොසත්කමක්, පවුල් පසුබිමක් අත්දැකීම් තිබුණද චන්දදායකයෙකු ලෙස චන්දය භාවිතා කිරීමේදී ලාංකික ජනතාව හැසිරී තිබෙන ආකාරයනම් ගෝත්‍රික මානසිකත්වයෙන් බව පෙනෙන්නට ඇත.  අතීත ලංකාවේ සිටියේ උගතුන්ට වඩා නිදහස් බුද්ධිමතුන්ය. ගොවිකම, වෙදකම, පෙදරේරුකම කුමන රැකියාවක නිරත වුවද ආගම, ක්‍රීඩාව, සෞන්දර්යය, කලාව වැනි විෂයයන් ගැන අවබෝධයක් රසවිඳීමක නිදහස පොහොසත්කම ඔවුන් සතුව තිබුණි.  එදා ලැජ්ජාව බයට ලොකු වටිනාකමක් විය. වර්තමානයේ රැකියාවම අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමවේද නිසා තමා හැදෑරූ විෂයයට පරිබාහිර දැනුමකට ගවේශනයකට කාල වේලාවක් නොමැතිකම නිසා වත්මන් ලාංකිකයා සංවේදී බවින් මිදී බාහිරින් ආරෝපනය වන රොබෝවරයෙක් වී ඇත. අද උගතාට ආගමක් දර්ශනයක් ගැන විශ්වාසයක් අවබෝධයක් නැත. සාහිත්‍ය කලාව ගැන රසයක් නැත. පොතක් පතක් කියවන්නට නාට්‍යයක් බලන්නට වෙලාවක් නැත. ආගමික පූජකවරයා පවා මුදල ප්‍රසිද්ධිය පසුපස හඹායාම මිස අධ්‍යාත්මික සංවර්ධනයක් දකින්නට නැත.  එම නිසා මිත්‍යාවෙන් මු`ඵ මහත් සමාජයම වෙලාගෙන ඇත. එවන් පසුබිමක ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව ඇතිවී ඇති කති...