Skip to main content

අභියෝගයක්ද? ප‍්‍රශ්ණයක්ද?




අද පවතින ජීවන රටාව හරි සංකීර්ණයි. මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. මෙහෙම අනන්තවත් කතා ටෙලි නාට්‍ය වල, චිත‍්‍රපටි වල, වේදිකාවල අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරට බණත් පැය 24 පුරාවට අඩුවක් නෑ. බණ කිව්වා කියල අපරාධ වල අඩුවකුත් නෑ. කියන බණ වල වැරැුද්දකුත් නෑ. හැම තැනම පන්සල්, පල්ලි, දේවස්තාන එතකොට මොකක්ද වෙලා තියෙන්නෙ සමාජයට. මේ සමාජ ක‍්‍රමය හරි නෑ කියලා අපිට මේ සංකීර්ණ ජීවන රටාවෙන් මිදෙන්න පු`ඵවන්ද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරය බෑ. මේක අභියෝගයක් නම් උත්තරය පු`ඵවන්. එකම දෙයකට උත්තර දෙකක් තිබෙන්න පු`ඵවන්ද?    හො`දයි බලන්න පහල තියෙන පින්තූරය දිහා





මේ පළමු පින්තූරය දිහා බැලූවම එක්කෙනෙකුට වයසක කාන්තාවක් බිම බලාගෙන ඉන්නවා වගේ පෙනේවි. තවත් කෙනෙකුට තරුණ ගෑනු ළමයෙක් අහක බලා ගෙන ඉන්නවා වගේ පෙනේවි. දෙවන පින්තූරය දිහා බැලූවම සුදු කොටුවක් දැක්ක කියයි. එහෙම උනේ කෙහොමද? ඇත්තටම කොටුවක් එතන තිබුනද? නෑ අපි හිතින් කොටුවක් ඇ`ද ගත්තා. ගොඩක් වෙලාවට කව්රුත් අපිව අන්දන්නෙ නෑ. අපිම ඇ`දගන්නවා.
අද තියෙන්නෙ සෑම දෙයකම තර`ගකාරී ස්වභාවයක්. මේ තර`ගය නිසාම මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන්න බිහි වුන ආගම්ද අශිෂ්ඨ වෙලා. ඒ කාලෙ සේද චාරිකා කියල රජවරු අසල්වැසි රටවල් සම`ග තෑගි බෝග තම රටේ ශිල්පීය ඥානය සම`ග බෙදා හදා ගත්තෙ සත්භාවයෙන්. මෙන්න මේ සත්භාවය මානව වර්ගයාගෙන් ගිලිහී යාම තමයි අද ලොවටම බලපාල තියෙන්නෙ. මෙහෙම වෙන්න හේතුව තමයි අසීමිත පරිභෝජන රටාවකට මිනිසා පත් වීම. පත්වීමට වඩා පත් කිරීම තමයි නිවැරදි. ඇයි එහෙම වෙන්නෙ? අපි මුලින් කියපු ඇන්දිල්ල නිසා.  
මෙහෙම කියන්න හේතුව තමයි අපි තාක්ෂණය අතින් දියුණුයි කියලා හිතාගෙන හිටියට සුනාමිය රට ඇතුලට ඇවිල්ලා යන කොටයි දැනගත්තෙ. එතකොට 50,000ක් විතර මැරිලා. යාල පැත්තෙ හිටි නොදියුණු කියන සතා සීපාවො ටික කලින්ම රට මැදට ගියා අනතුරු ඇ`ගවුම් නළා තාක්ෂණය නැතිව. පහු ගිය දවස් වල මුහුදු ගිය පනහක් විතර මැරුණා කුනාටුවකින්. තාක්ෂණයට බැරි උනා ඒ අය බේර ගන්න. පස්සෙ මොකද උනේ වගකිව යුතු අය දෙපැත්තට වෙලා ඒ අයවම මරා ගන්න හැදුවා තමන්ගෙ නිදහසට. එහෙම බලනකොට දියුණු සතා සීපාවද? මිනිසාද?    
මා මුලින් ස`දහන් කල අසිමිත පරිභෝජන රටාවන් නිසා අද සියල්ල ඇගයීමට ලක් වෙන්නේ සංඛ්‍යාත්මක බවෙන් මිස ගුණාත්මක බවෙන් නොවේ. මේ නිසා ආගම් පවා අද තර`ගයක. පන්සල්, පල්ලි, දේවාල අධ්‍යාත්මික පූජනීය ස්ථාන නොවී සුපිරි මාලි`ගා බවට පත් වෙලා. 
මෙය නම්  වකුටු චින්තනයයි. (Crooke Thinking) මේ අතාත්වික අහේතුවාදි චින්තකයන් විසින් ගොඩනගන මිථ්‍යා මන්දිර වල ජීවත් වන්නන් ප‍්‍රතිපත්තියට වඩා ආමිසයට නැඹුරුයි. ආගම තුලින් නිදහස් චින්තනයට වැට බ`දී කියා කියමනක් ද ඇත්තේ මේ නිසා වෙන්න පු`ඵවන්. එහෙම නම් අපි මින් මිදෙන්නේ කොහොමද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරේ ටිකක් අමාරු වේවි. මේක අභියෝගයක් කරගත්තොත් දන්නවනේ උත්තරේ පු`ඵවන් කියලා.
අපි  ඕනෑම අභියෝගයක් සාර්ථකව ජය ගන්න නම් ස්ව සංකල්පය පිළිබ`දව අවබෝධය වැදගත් වෙනවා. අපි ජීවිතයේ බොහෝ තීන්දු තීරණ ගන්නේ අප දකින ජීවත් වන සමාජයේ අවශ්‍යතාවයන් අනුව මිස සත්‍ය වශයෙන්ම අපගේ උවමනාවන් මතම නොවේ. අසල්වැසියා අ`ඵත් මෝටර් සයිකලයක් ගත්් විට මට හැෙ`ගන්නේ මගේ මෝටර් සයිකලය පරණ කියාය. යෙහෙලිය අ`ඵත් සෙරෙප්පු දෙකක් ගත් විට බිරි`දට පෙනෙන්නේ ඇයගේ සෙරෙප්පු දෙක දුර්වර්ණ වී ඇති බවයි. නිවසක් සෑදීමට යාමේදී තට්ටු දෙකේ නිවාසයක් ගොඩ නගන්නේ වටේ ඇති ගෙවල් තට්ටු දෙකේ නිසාය. මෙවැනි අන් අය සමවීම හෝ අභිබවා යාම ස`දහා ගන්නා උත්සාහයේදී නොදැනීම ඇතිවන ආර්ථික හා මානසික පීඩනය නිසා පුද්ගලයා නොදැනීම විවිධ රෝගාබාධ වලට ගොදුරු වේ. තම පමණ නොදැන කටයුතු කිරීම නිසා විශේෂයෙන් නිවාස සාදන්නන් අතර ම`ග ඉදිකිරීම් කටයුතු අඩාල වූ විට සිතන්නේ වාස්තු දෝෂ, නැත්නම් ග‍්‍රහ දෝෂ හෝ සතුරු බලෙවිග ක‍්‍රියාත්මක වීමක් ලෙසයි. මෙවැනි ආතතියක් කලක් දරා සිටින්නන් කාන්සාමය මානසික රෝග වලටද ගොදුරු විය හැක. මෙම තත්වයේදී අධික තෙහෙට්ටුව, හිසරදය, නින්ද නොයාම, කෑම අරුචිය, කොන්දෙ අමාරුව වැනි අපහසුතාවයන් ඇති විය හැක. මෙහිදී අනාවබෝධයෙන් මානසික වෛද්‍යවරයෙක් වෙත නොගොස් කායික වෛද්‍ය ප‍්‍රථිකාර ලබා සුවයක් නොලද විට දෙවනුව වාස්තුකරුවන්, ජ්‍යෙතිෂකරුවන් වෙත ගොස් තව තවත් නය වී බලි තොවිල් යාග හෝම ස`දහා මුදල් වැය කොට නොයෙකුත් අපහසුතාවයට පත්ව තිබෙන දේපලද විකුණා දමා අසරණභාවයට පත් වන්නේ තම ශක්තීන් හා සක්‍යතාවයන් හ`දුනා නොගත් පිරිස්ය. එසේනම්  ඕනෑම අභියෝගයක් ජයගැනීම ස`දහා අවශ්‍ය වන්නේ තමන් පිළිබ`දව ස්වයං අවබෝධය නැතිනම් ස්ව සංකල්පයයි. එවන්නවුන් තම වෘත්තීයේ, පෙළපතේ, නිල බලයේ ආධිපත්‍යට වඩා නිහතමානී හා සරල බවින් හා ආත්ම විශ්වාසයෙන් පිරිපුන්ව  ඕනෑම අභියෝගයක් කෙරෙහි යතාර්ථවාදීව සත්භාවයෙන් බැලීමට හැකිවනු ඇත. අප අසා ඇති එවන් චරිතයකි ජෙනරල් කොබ්බෑකඩුව මහතා. මෙවන් ශක්තීන් ඇති කරගත් පිරිස් අප කලින් සාකච්ඡුා කල සංකීර්ණ ජීවන ක‍්‍රමයෙන් හෝ අසීමිත පරිභෝජන රටාවෙන් රෝගී බවට පත් කල නොහැක. එසේනම් අභියෝග ජය ගැනීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකයක් ලෙස ස්වසංකල්පය පෙන්වා දිය හැක. (05/07/2013)    



Comments

  1. නිවරදිව තේරුම් ගැනිමට කීහිප වරක් කියෙවුවේමි .සැබැ යථාර්තය දනවන ඉතා වටිනා ලිපියක් .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ළමා හිංන්සනයෙන් තොර රටක්

2024 නව ජනාධිපතිට පුඵවන්ද රට හදන්න?

     එක් ජනපති මැතිවරණයක් අවසන් වී තවත් පාර්ලීමෙන්තුව මහ මැතිවරණයක් නොබෝ දිනකින් පැමිණීමට නියමිතය පසුගිය මැතිවරණයේදී පක්ෂ පෙරළියක් වී නැවුම් පක්ෂයක් බලයට පැමිණියද ඊට පෙර පැවැති මැතිවරණ වලදී මෙන්ම සිදු වූයේද වැඩියෙන්ම බොරුව සමාජගත කළ පක්‍ෂය රජ වීමයි. වෙනසකට ඇත්තේ පෙර පැවැති රජයන් ජනතාවට සහන ලෙස බොරු පොරොන්දු දී බලය ලබා ගැනීම සහ මෙවර සුළුවෙන් බොරු පොරොන්දුද වැඩියෙන් විරුද්ධවාදි පක්ෂ වෙත වෛරය, අවලාද ජනතාව තුළ ප්‍රචලිත කිරීමයි. අවසාන ප්‍රතිඵලය වූයේ ජනතාව පැරදී පැවති බොරුවම ජය ගැනීමයි. නිදසුනක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර විසින් කලක සිට කුමාර් ගුණරත්නම් ගැන, ලැම්බොගිනි, රත්ත්‍රන් කඩු, මුහුද ගොඩ කරන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ක`ඵගල් ....ආදී පැහැදිලි වීඩියෝ දර්ශන තිබියදීත් එවැන්නක් නොකී බවට ප්‍රකාශ කිරීම පෙන්වා දිය හැක. පරන්තන් කම්හලේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමෙන් ගබඩා පාලක, ලිපිකරු වැනි විශාල රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව පවසා වැඩි දිනක් යාමට මත්තෙන් එයද මුසාවක් බව හෙලිවිය. ණය ගැනීමට නම් රටට නායකයෙක් ඕනදැයි ඇසූ අනුර රටේ ණය බිලියන ගණන මහ ලොකු ගානක්දැයි අසා දැන් සතියට දෙතුන් ...