Skip to main content

Posts

Showing posts from 2023

ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාවල හෙට දවස

     ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ඉතිහාසය සලකා බැලූ කල වර්ෂ 1948 පිරිමි මීටර් 100 ඔලිම්පික් රිදී පදක්කමෙන් පටන්ගෙන 1964 ටෝකියෝහිදී ඔලිම්පික් තරගාවලියේදී කරුණානන්ද පරාජිතයෙකු වුවත් කරු සිලෝන් නමින් ලොව ක්‍රීඩාලෝලීන්ගේ ගරුත්වය ලැබ පසුව අධිෂ්ඨානයේ ශක්තිය ලෙස ජපන් පාසල් පෙළපොත් වලටද ඔහුගේ නම ඇතුළත් විය.  1976 ඔලිම්පික් උළෙලේදී ලූෂන් රෝසා ට ඔලිම්පික් තරගාවලිය අහිමිවූයේ ශ්‍රී ලාංකික නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් නිසා බවද කියවේ. එයින් ලාංකීය නිලධාරීවාදය එකල සිට මෙකල දක්වා වර්ධනය වෙමින් පවතින බව පෙනේ. 1996 ලෝක ක්‍රිකට් ශූරතාව ලංකාව දිනා ගනිමින් නැවතත් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකාව වසර 2000දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී වසර 52 කට පසු සුසන්තිකා ජයසිංහ කාන්තා මීටර් දෙසීය දෙවන ස්ථානයෙන් පිදුම් ලැබීය.  මෙහිදී 1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ලංකාවට අඩිතාලම වූයේ පැවැති අර්බුදයන් හමුවේ ප්‍රබල විදේශීය කණ්ඩායම් කීපයක් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලංකාවට ලැබුණු ප්‍රසාද ලකුණු සහ සුසන්තිකා ජයසිංහට දෙවන ස්ථානය දිනාගත් මේරියන් ජෝන්ස්ට තහනම් උත්තේජක භාවිතා චෝදනා ...

ළමා දිනය ගුරු දිනය සැමරීම සහ k-pop නැටුම

අද වන විට ලංකාවේ ජාත්‍යන්තරයෙන් නම් කර ඇති විවිධ වූ කාණ්ඩයන් යටතේ නිශ්චිත දිනයට නොවුනත් විවිධ වූ සැමරීම් සිදුවෙමින් තියෙනවා. මෙය ඉතා හොඳ ක්‍රියාවක්. නමුත් අනෙකුත් රටවලට සාපේක්ෂව බලන කල අප රටේ සිදුවන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් යමක්. අවාසනාවකට එය තේරුම් ගැනීමට වඩා තේරුම් කර දීමට අපහසු තත්ත්වයකට රට පත් වෙලා තියෙනවා. ඕනෙම කෙනෙක්ගෙන් අද රටේ තත්ත්වය ගැන ඇහුවොත් දුෂිතයි පිරිහිලා ආදී ප්‍රකාශ මාධ්‍ය තුළ දකින්නට පෙනෙන්නට තියෙනවා. නමුත් එහෙම කියන ජනතාවම ඉහත කී ජාත්‍යන්තරයෙන් අපට හඳුන්වා දුන් ගුරු දින, ළමා දින, වැඩිහිටි දින, මවගේ දිනය, පියාගේ වැනි දිනයන්හි සිදුවන උත්සව අවස්ථාවන් සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ්‍ය සේවය, උගතුන් විද්වත් යැයි කියා ගන්නා කොටස් මෙය ඉතා අගය කරමින් රූපවාහිනී, සමාජ මාධ්‍ය ජාලා තුළ කතා කරනවා දකින්නට ලැබෙනවා. වසර ගණනාවක් මෙම සැමරීම් දිනයන්හි ඇති වටිනාකම හා නොවටිනාකම් පිළිබඳව කවර පූජකයෙකු, වෘත්තිකයෙකු, සමාජ මනෝ විද්‍යාඥයෙකු හෝ දේශපාලකයකු කතා නොකිරීම නිසා මෙසේ ලිවීමට සිත් විය. මේ පිළිබඳව දශකයකට වැඩි කාලයක් ලියමින් කියමින් ලද අත්දැකීම් නිසා නැවතත් ලියා තැබීමට අදහස් කළෙමි. මේ පිළිබඳ...

සමාජ මාධ්‍ය ජාලා තහනමක් අවශ්‍යද?

  ශ්‍රී ලංකාව මේ වන විට තාක්ෂණික දියුණුව අතින් කෙටි කලක් තුළ බොහෝ ඉදිරියට ගමන් කරමින් ඇත. එම  දියුණුව නිසා බොහෝ අයට තාක්ෂණය උපයෝගී කරගනිමින් කාලය මුදල ශ්‍රමය නාස්තිය අවම කර ගැනීමට ඉඩ පහසුව ලැබී ඇත. දියුණු බොහෝ රට වල මෙම තාක්ෂණික විප්ලවය එම පුද්ගලයන්ගේ පෞද්ගලික මෙන්ම සමාජයීය පරිසරයෙහි දියුණුව වෙනුවෙන් ද උපයෝගී කරගනු දක්නට ඇත. ශ්‍රී ලංකාව එදා ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළ අගයක පැවතුන ද මෙම තාක්ෂණික දියුණුවත් සමඟ එය වඩාත් වර්ධනය විය යුතුවත් ලාංකික පුරවැසියන්ගේ අපගමනීය චර්යාවන් එන්න එන්නම වැඩිවීමක් පෙනෙන්නට ඇත. ඊට සාපේක්ෂකව පුද්ගල කායික මානසික පිරිහීමෙත් වර්ධනයක් ඇත. රටක් සංවර්ධනය කිරීමේදී ඒ සඳහා ප්‍රධානතම වගකීම රජය සතු වන අතර රජයෙන් පත් කර ඇති නිලධාරීන් ඒ සඳහා රජයට උපදෙස් දිය යුතුය. මේ දිනවල අධික වර්ෂාව නිසා ගංවතුර නායයෑම් තත්ත්වයක් පවතින අතර මීට මාස කීපයකට පෙර අධික නියගය නිසා මිනිසුන් පීඩනයට පත් විය. මෙම කරුණේදී මේ සඳහා පිළියම් යෙදිය යුතු රාජ්‍ය ආයතනයන්වන කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ කාලගුණ අනාවැකි බොහෝමයක් අසත්‍ය විය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හදිසි ගංවතුර අවස්ථාවකදී කලින්ම...

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව ස`දහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් නෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබ`ද ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබු‚. ඒ ස`දහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ ස`දහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබ`ද මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්¨මට සාපේක්ෂකව උපදේශන විෂයය හැ...

තරගකාරී අධ්‍යාපනයේ අවසානය බුද්ධිහීනතාවයද?

වර්තමානයේ අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් ශිෂ්‍යයන් මෙන්ම වැඩිහිටි ප්‍රජාවේද උනන්දුව වැඩිවී තිබෙන බවක් පෙනෙන්නට ඇත. එය රටක සංවර්ධනයට මානව සංහතියේ දියුණුවට බෙහෙවින් බලපාන අත්‍යවශ්‍යම සාධකයකි. දැන් ඒ සඳහා දෙස් විදෙස් පහසුකම් සපයන උපදේශන සේවා ඒජන්සිද ඇත. තමනට අවශ්‍ය විවිධ කේෂ්ත්‍ර වල සහතික, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබා ගැනීමට අධ්‍යාපනික ආයතන විවිධ ආකාරයේ ආකර්ශනීය ප්‍රචාරක දැන්වීම්ද අප විවිධ මාධ්‍යයන් තුලින් දකින්නෙමු. මෙම නොඅඩුව පවතින තරගකාරී ස්වභාවය නිසා මේවන විට උගත්කම පසෙකලා සහතිකයකට එසේත් නැතිනම් තම පෞද්ගලික අපේක්ෂාවන් පතා මේ සඳහා පෙල ගැසෙන හිස් ගෙඩි සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දකින්නට ඇත. එදා තිබූ අධ්‍යාපන ක්‍රමයෙන් මිනිසා ලබා ගන්නා දැනුම තමනට පමණක් නොව ඉන් බාහිර සමාජයටද ඵලදායී සේවාවක් සැපයීමටද පරිසරයක් නිර්මාණය  චී තිබුණි. එහෙත් නව අධ්‍යාපන සංස්කෘතිය තුල මුදල ප්‍රධාන කොට පිරිනමන සහතික නිසා සමහර පුද්ගලයින් විදේශ රැකියා, හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යාමේදී මෙවැනි බොහෝ ආයතන රජයේ පිලිගැනීමේ අනුමැතිය නොතිබීම නිසා ලබාගත් සහතිකයේ නියම වටිනාකම මෙන්ම ආයෝජිත මුදල සහ...

ජනමාධ්‍යය සහ පුවත්පත් නිදහස

       ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” ( Ceylon Government Gazette )ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි.  මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පා...

නිශේධනාත්මක ප්‍රචාරණය Negative Advertising

අතීතයේ යම් භාණ්ඩයක් සේවාවක් නිෂ්පාදනයක්, ප්‍රවෘත්තියකට  ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සිදුවූයේ එම අයිතමය පිළිබඳ යහපත් ආකර්ශනීය කරුණු ධනාත්මක ලෙස ජනතාව අතර ප්‍රචාරය කිරීමය. නමුත් එය කිරීමට බොහෝ කාලයක් පිරිවැයක් ගතවන නිසා වර්තමානය වන විට අඩු පිරිවැයකින් එක රැයකින් ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ආකර්ෂණය ලබා ගැනීම සඳහා   Negative Advertising  නිශේධනාත්මක ප්‍රචාරණය භාවිතා කිරීමට ලංකාවේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. දියුණු යයි පවසන රටවල් මෙය තම රට වලට සිදුවන හානිය අවම කොට සිදු කලත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම විශේෂයෙන් වෙළඳ, ආගමික, දේශපාලනික වැනි කටයුතු සඳහා මෙම ක්‍රමය භාවිතා වීමට පටන් ගෙන ඇත. මෙම නිෂේධනාත්මක ප්‍රචාරණය්දී ප්‍රථමයෙන්ම තොරතුරු ලබා ගන්නාට එම තොරතුරු පිළිබඳ කුතුහලයක් අප්‍රසාදයක් ඇති කළද පසුව එම ප්‍රවෘත්තියේ ඇති අසත්‍යබව වෙනුවට විකෘතිබව හෝ අපගාමී තත්වය සංනිවේදය කරවයි.  ඉන්පසුව තොරතුර සංනිවේදනය කරන තැනැත්තාගේ මුඛ්‍ය අවශ්‍යතාවයට ධනාත්මක ලෙස බලපෑමට පරිසරය සකසයි.  කෙසේ වුවත් මෙලෙස නිරතුරුව රටක ජනතාවට සාවද්‍ය තොරතුරු ගලා යාම තුළ ඔවුන්ගේ නිශේධනා...

මනෝවිද්‍යා උපදේශනය නිසි මඟට ගනිමු

මෑත දිනක පාර්ලිමේන්තුවේ මානසික උපදේශන පිළිබඳව  පාර්ලිමේන්තු නියෝජිතවරුන්/වරියන් විසින් ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. එහිදී ඔවුන්ට අනුව ලංකාවේ උපදේශන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයන්ගේ ගුණාත්මක බව සහ සුදුසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නියෝජිතවරුන් කුමණ අරමුණක් යටතේ එසේ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් එහි දී එම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු ඉතා කාලෝචිතය. ඔවුන් සඳහන් කළ පරිදි තත්වය එසේ සිදුවුවත් මෑත කාලයේ රජයට සම්බන්ධ ආයතනයක සුවිශේෂී වු යමක් සිදුවී තිබේ. මනෝ උපදේශනය ගෞරවණීය වෘත්තියකි. නැතහොත් වාත්තියකට වඩා වැදගත් සේවාවකි. එහිදී තම පෞද්ගලික මතයන් වෘත්තියට නොගැලපෙන දේශනයක් කළ බව කියන මනෝ උපදේශිකාවක් ලෙස හඳුන්වාදුන් කාන්තාවකට එහි සත්‍ය අසත්‍යතාවය විමර්ශනයට පෙර උණුසුමත් මැකීයාමට පෙර රජයට සම්බන්ධ නාලිකාවකින් ඇය නැවත වරක් රූපවාහිනී තිරයේ දක්නට සැලැස්වීම ජනතාව ලද අභාග්‍යයකි. අද උපදේශනය මානව පිහිටවීමේ කලාව වෙනුවට, මුදල් ඉපයීමේ කලාවක් වී ඇත. උපදේශනය අන් වෘත්තීන් ලෙස උගත්කමින්ම (Paper Qualification) මැන හැක්කක් නොවේ. එයට උගත්කම මෙන්ම පරීක්ෂණයකින් මැනිය නොහැකි කරු...

මානසික සෞඛ්‍යය සහ උපදේශනය

මානසික සෞඛ්‍යය සහ උපදේශනය වර්තමාන ශ්‍රී ලංකාවේ බහුලව කතා බහට ලක්වන රටටද කාලීන අවශ්‍යතාවයක් ඇති සේවාවකි. ඉන් මානසික සෞඛ්‍යය සේවාව ලංකාවේ 1839 ආරම්භ වී ඇති අතර 2008 වසරේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයක් බවට පත්විය. එහෙත් මානසික උපදේශනය අප රටේ සුලභව භාවිතයට සහ ජනප්‍රියත්වයට පත් වූයේ 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ඛේදවාචකයත් සමඟය. මේ ඛේදවාචකයත් සමඟ ලංකාවේ උපදේශන සේවාවට අවශ්‍ය තරම් මනෝ උපදේශන සේවාව සඳහා සුදුසුකම්ලත් පලපුරුදු වෘත්තිකයන් නොවූයෙන් ඕනෑම උපාධිධාරී ලාභියෙකුට උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ඇත්නම් රැකියා අවස්ථාව ලැබුණි. ඒ සඳහා දැනුම ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනික ආයතන නොතිබුණ කාලයක මේ සඳහා තාවකාලික පුහුණුවීම් ලබාදීමට දෙස් විදෙස් ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන එදා කටයුතු කළහ. සුනාමියක් සමඟ ජනමාධ්‍ය තුළද මෙම උපදේශන සේවාව පිළිබඳ මහත් ප්‍රසිද්ධියත්, මනස සමඟ කෙරෙන අපූර්ව විශ්මිත ක්‍රියාව කෙරෙහි වැඩි ප්‍රචාරයත් ලැබීය. එම ප්‍රචාරනය නිසා උපදේශනය ඉගෙන ගැනීමට මැදි වයස් කාණ්ඩය මෙන්ම විශ්‍රාම සුවය ලැබීමට ආසන්න අයගේද දැඩි ආශාවක් උනන්දුවක් ඇති විය. එම ඉල්ලුමට සාපේක්ෂකව උපදේශන විෂයය හැදෑරීමට...

ජනමාධ්‍ය සහ පුවත්පත් නිදහස

       ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය වසර එකසිය අනූවක පමණ දුරකට දිවයයි. ජනතාවට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ප්‍රථම වාරික ප්‍රකාශනයක් ලෙස වර්ෂ 1802 දී “ලංකාණ්ඩු ගැසට් පත්‍රය” (Ceylon Government Gazette)ද, එහි ආණ්ඩුවේ නිල නිවේදන, පරිපාලන තොරතුරු වලට අමතරව එහි ගද්‍යපද්‍ය කොටස්ද පළවී තිබුණ බවට තොරතුරු අනාවරණය වේ. ලංකාවේ පළ වූ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ 1832 ඇරඹුණු කලම්බු ජර්නර්ල් (THE COLOMBOJOURNAL ) පුවත්පතයි. ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත් පත 1860 දී නිකුත්වූ ලංකාලෝකයයි පැවසේ. ලංකාවේ ප්‍රථම ලියාපදිංචි පුවත්පත (1862) ලක්මිණි පහණයි.  මෙකී දශක 19ක පමණ කාලයක් තුළ එවකට සිටි අති දක්ෂ ලේඛකයින් නිර්මාණකරුවන්ගේ කැපවීම් නිසා ඉතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව උසස් දියුණුවකට පත් වීය. එකල පුවත්පතක ලේඛකයෙකුට හසල බුද්ධියක් , භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක්, ඉතිහාසය සමාජ අවබෝධයට අමතරව ව්‍යහාර බුද්ධියක් තිබුණ නිසා සමාජයේ ගෞරවයට පාත්‍ර වුණු කෙනෙක් හැටියට පිළිගැනීමක් ලැබුණි. එම ලේඛන කලාවට විශේෂයෙන් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ නිසා අධ්‍යාපනය ලබන පාස...