Skip to main content

Posts

Showing posts from 2013

උපදේශනයේදී ඔබ දැනුම රැස්කර ගැනීමේදී ඇතිවන අවධානම

                            දැනට රටේ පවතින අධිවේගී ජීවන රටාව වෙනස් කිරීමට හෝ වෙනස් කරවීමට උනන්දුවක් නොපෙනෙන, වෙනස් කල යුතු බව පමනක් පුන පුනා කතාවට පමණක් සීමාවූ තත්වයක් යටතේ නූතන මානසික උපදේශකයාට අනාගතයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමට සිදුවන බව ඉතා පැහැදිලිය. එහෙත් ඒ ස`දහා මානසික උපදේශකයා දැනුමෙන් සන්නද්ධ විය යුතු ආකාරය සහ මිත්‍යාවන් ගෙන් මිදී විද්‍යාත්මක දැනීම සහ වෛකල්පිත ක‍්‍රම ගැනද උගෙන සිටීම වැදගත්. විද්‍යාත්මක ක‍්‍රම උගෙන ගැනීමට අද ආයතන, පත පොත ඇතිවා සේම වෛකල්පිත ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම පිළිබ`දවද බොහෝ ග‍්‍රන්ථද වෙළ`දපලේ දක්නට ඇත. එහෙත් වාරණයෙන් තොරව නිකුත් වන මෙම ස`ගරා, පත පොතට අමතරව අන්තර් ජාලයෙන්ද නිකුත් වන ප‍්‍රථිකාරාත්මක ක‍්‍රම අධ්‍යයනයේදී ඉතාමත් අවබෝධයෙන් යුතුව හැදෑරීම කල යුතුව ඇත. නිදසුනක් ලෙස යම්කිසි විෂයයක් හැදෑරීමේදී සමහර ආචාර්යවරුන්, ලේඛකයින් විචාර බුද්ධියකින් තොරව සහ තමන් ප‍්‍රගුණ කල විෂයට අමතරව ප‍්‍රකාශන පල කිරීම නිසා දැනුම (knowledge) සොයා ...

ව්‍යාපාරයක් හා විලාසිතාවක් වූ මනෝ වෛද්‍ය උපදේශනය

                 මෙම මාතෘකාව යටතේ 2011 ඔක්තෝබර් මස 2 වන ඉරිදා ලක්බිම පුවත් පතේ පලවූ අගනා ලිපියක් මා නෙත ගැටුනේ 2012 ජනවාරි මාසයේදී හෝටලයක අත පිස දැමීමට තිබූ කඩදාසි රදවනයක තිබීය. කොටස් 6කට පමණ ඉරා තිබූ මෙම ලිපිය නොඅඩුව සකසා ගත්තේ ඉමහත් වෙහෙසක් දරාය. කෙසේ හෝ මෙවැනි ලිපියක් කියවීමට ලැබීම භාග්‍යයකි. එවැනි ලිපියක් පුවත් පතක පල කල වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාටත්, ලක්බිම පුවත් පතටත් ස්තුතිවන්ත වෙමි. කාලීන හරවත් මාතෘකාවක් වූ එම ලිපියේ ස`දහන්  කරුණු වලට මා අත්දැකීමෙන් ලද තවත් කරුණු කිහිපයක් ජන සමාජයට එකතු කිරීම මැනවි යයි මට සිතුණි. එසේනම් අද     උපදේශනය විලාසිතාවක් හා  ව්‍යාපාරයක් වී ක්ෂනිකව ආර්ථික හා සමාජීය වටිනාකමක් ඇතිවීමට හේතූන් සොයා බැලිය යුතුය.     පසු ගිය දිනක ලංකාවේ දැනට ක‍්‍රියාත්මක උපදේශන ආයතන වල ප‍්‍රමිතිය පිළිබ`දව කරුණු සෙවීමටත්, ලංකාවේ නිල වශයෙන් පිළි ගැණුන උපදේශන මධ්‍යස්ථාන හා පිළිගත් උපදේශනවරුන් පිළිබ`දව වග කියන රාජ්‍ය ආයතනයන් සොයා ගියෙමි. එහිදී දැනගන්නට ල...

නීති පැනවීම මගින් අනාගත ශ‍්‍රී ලාංකික රැකියා වෙලෙදපොලේ ඇබෑර්තු රැුසක් ඇතිවන ලකුණු

අද ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය කඩා වැටීමට එරෙහිව විවිධ ක‍්‍රියා මාර්ග ගනිමින් සහ ඒ ස`දහා සැලසුම් සම්පාදනය කරමින් සිටිනු මේ දිනවල බහුලව දැකිය හැක. එහෙත් මෙම විරැුකියාව අවම කරගැනීමට විස`දුම් සොයන ලෝක ආර්ථික විශේෂඥයින් ප‍්‍රධාන වශයෙන් තම අවධානය යොමු කර ඇත්තේ සේවක දීමනා කප්පාදුව, සේවක සංඛ්‍යාව අවම කිරීම, සුභසාධන හා පරිභෝජන වියදම් අඩු කිරීම වැනි  ක‍්‍රියාවලීන් නිසා තවමත් එම රටවලට ශක්තිමත් ආර්ථික රාමුවක් සකසා ගැනීමට නොහැකි වී ඇත. තවද මෙයට ප‍්‍රධාන සාධක වශයෙන් ජනගහන වර්ධනය ඉහල යාමට සමාන්තරව මරණ අනුපාතයේ අඩුවීමක්ද දැක්විය හැක. කෙසේ වෙතත් මෙම අනාගත අභියෝගයන් ජය ගැනීමට දියුණු, නොදියුණු රටවල් විශාල වශයෙන් වෙහෙසෙන විට අප රටට ආයාසයකින් තොරව මෙම ප‍්‍රශ්ණය නිරාකරණය කරගැනීමට මාර්ගයන් උදාවී ඇත. එසේම  එක් පුද්ගලයෙකුට ප‍්‍රධාන රැුකියාවට අමතරව අතිරේක රැුකියා අවස්ථාද බොහෝ දුරට උදාවිය හැක. එයට හේතුපාදක වන ප‍්‍රධාන කරුණක් වනුයේ ලාංකික නව මාර්ග නීති පද්ධතිය හා බදු ප‍්‍රථිපත්තියයි.     නව රියදුරු වර්ධක - දඬුවම් ලකුණු ක‍්‍රමය පිළිබ`ද රියදුරු මහතුන් සහ පොලීසියේ රථවාහන හසුරුවන නිලධාරීන්ගේ...

හිත හීලෑ නැ හරීම මුරණ්ඩුයි

       අද දවසේ හිත, මනස පිළිබඳව සාකච්ඡුා කිරීම, දේශනා කිරීම, පුවත් ප‍්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත හැකි පහසු මගක් වී ඇත. එය ඉතා හොඳ ජනතා ආකර්ෂණයක් සේ ම ආර්ථික භාණ්ඩයක් ලෙසත්, කාගේත්  අවධානය දිනාගැනීමට පහසු වේදිකාවක් ලෙසත් දැක්විය හැක. එමනිසා අද පදික වේදිකාවේ පටන් රටේ උසස් යයි සම්මත ආයතන දක්වා මේ මනසේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ විවිධ දාර්ශනික මත මඟින්, විවිධ ආගමික දර්ශන තුළින්, විවිධ විද්‍යාත්මක         කෝනයන්ගෙන් ද කතා බහට ලක්වී ඇත. එය එසේ සිදුවිය යුතු කරුණකි. නමුත් මෙම සත්කාරය මුවාවෙන් දර්ශනය, මනෝ විද්‍යාව පිළිබඳ අද ලිපියක් කියවා හෙට ග‍්‍රන්ථයක් එළිදක්වන චරිතයන් ද අද සමාජයේ දැකිය හැක. මෙයින් දර්ශනය, විද්‍යාව හා ආගම් පවා විකෘති කිරීම් වලට භාජනය වෙමින්  පවතී.       මානසික ආතතිය හා කාංසාව වැඩි කරවන ආර්ථික රටාවක් පවතින සමාජයක මනස හා මානසික රෝග පිළිබඳ දැනුම ජනතාවට ලබා ගැනීමේ අයිතියක්  ජනතාවට  ඇතිවා  සේ ම  ජනතාව   තිබෙන  මානසික ව්‍යාකූල...

රටක සංවර්ධනය හා ආකල්පමය වෙනස

රටක සංවර්ධනයට එම රටේ ජනතාවගේ ආකල්ප වල බලපෑම සෘජුවම බලපායි. දියුණු රටක සහ දියුණු වෙමින් පවතින රටක ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කිරීමෙන් මේ බව මනාව අවබෝධ කරගත හැක. දියුණු රටවල මිනිසුන් තම ජාතියට දක්වන ගෞරවය, ජාතියක් වශයෙන් තම රටට දක්වන සහයෝගය ඉතා උසස්ය. ධනවත් රටවල් විසින් අනෙකුත් රටවල හා පවතින යුද්ධයේදී තම ජනයා විරෝධතාවය ප‍්‍රකාශ වන්නේ ඉතා සු`ඵ වශයෙනි. එම විරෝධතාවයට ප‍්‍රසිද්ධිය ලැබෙන්නේද මාධ්‍යයන්ගෙන් ඊටත් වඩා සු`ඵ වශයෙනි. ඇමරිකාවට සිදුවූ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබ`ද සිහි කිරීමේදී කිසිවිට එම ප‍්‍රහාරයේ දර්ශන ප‍්‍රදර්ශනය කිරීමෙන් වැලකී සිටීමට එම රාජ්‍යයන් කටයුතු කලද අප සුනාමි ඛේදවාචකය සිදුවී වසර 10කට ආසන්න වුවද අප තවමත් එම සිදුවීම් ප‍්‍රදර්ශනය කරමින් අතීතය ආවර්ජනය කරමින් සිටී. මෙවන් ප‍්‍රදර්ශන තුලින් ජනතාව නිශේධනාත්මක ආකල්ප වලට හුරු කරවන අතර රටක් ලබන ජයග‍්‍රහන ප‍්‍රදර්ශනය තුලින් ජනතාව ධනාත්මක ආකල්ප වලට හුරු වෙනු ඇත. ආකල්ප පහසුවෙන් වෙනස් කල නොහැක. එයට හේතුව ආකල්ප අධ්‍යාපනය, ජීවත් වන සමාජය තුලින්, දෙමාපියන්ගෙන් සහ ජානමය සාධක මත ගොඩනැගෙන නිසාය. සමාජයක් යහපත් ආකල්ප වලින් ...

ඩිමෙන්ෂියා (Alzheimer’s Dementia) රෝගය 2025 දී

               ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර සීඝ‍්‍රයෙන් වැඩිවන එහෙත් ප‍්‍රමානවත් ජනතා අවධානය යොමු නොවූ මාතෘකාවක් කෙරෙහි අප අද අවධානය යොමු කරමු. මෙයට හේතුව නම් අ`ඵත්ම සමීක්ෂණ වාර්ථා වලට අනුව 2025 වසර වන විට ලංකාවේ වයස අවුරුදු  60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 21ක් මෙම ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වන බවයි. එයට වඩා භයානක තත්වය නම් 2025 වසර වනවිට ශ‍්‍රී ලංකා ජනගහනයෙන් සියයට 25ක් වැඩිහිටියන් බවට පත්වන බව මෙම සමීක්ෂණ වාර්ථා වලින් පෙන්වා දීමයි. මෙම රෝගී තත්වය චිත්ත වික්ෂේපය සහ විභ‍්‍රාන්තිය (Alzheimer’s Dementia) ලෙස හ`දුන්වයි. මෙහි විශේෂිත තත්වය නම් රෝගය වයස්ගත වන විට පමණක් ඇති වීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වයස්ගත වන විට මොලයේ ස්නායු ස්වභාවිකවම විනාශ වේ. එයට සාපේක්ෂව මොලයේ බර වයසත් සම`ග ක‍්‍රමයෙන් අඩු වේ. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන මේ රෝගී බව සමහර වැඩිහිටියන්ගේ මොලයේ ස්නායු සීඝ‍්‍ර වශයෙන් මියයාම නිසා මෙම රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවනතාවය වැඩි වේ. මෙම රෝගී තත්වයට හේතූන් ලෙස මොලයේ ස්නායු ෙසෙල වලට ප‍්‍රමානවත් රුධිරය නොලැබීම, රුධිර...

මොලය සහ මනස හ`දුනා ගැනීම

මොලය සහ මනස ගැන වර්තමානයේ බහුලව කථාවට බ`දුන් වන මාතෘවක් වන අතර මෙය කිසිදා තර්ක විතර්කයෙන් හ`දුනා ගැනීමට නොහැකි වී ඇත්තේ මනස පරීක්ෂනාගාරයක් තුල හෝ වෙනයම් විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් සියයට සියයක් පෙන්වාදිය නොහැකි නිසාය. මනසක් ඇත යන්නට බටහිරින් ලැබෙන හො`දම නිදර්ශනය නම් මානසික වෛද්‍යවරු ලෙස වෛද්‍යවරු විශේෂයක් සිටීමයි. එසේම මොලය පිළිබ`දව සාකච්ඡුා කිරීමේදී මිනිස් මොලයක් පැහැදිලිව භෞතිකව දැකිය හැකි නිසා ආසන්න වශයෙන් බර ග්?ම් 1300-1400 පමණ බව කිව හැකිය. එසේම බිලියන 100ක පමණ ස්නායු ඇත. මොලයේ වම් පැත්තෙන් තාර්කික, විශ්ලේෂන, ගණිත ඥානය වැනි දේට උපකාර වන අතර දකුණු පැත්තෙන් සෞන්දර්යාත්මක, සහජ ඥාන, සංස්ලේෂන හා විෂයාත්මක වැනි දේ ස`දහා උපකාරී වේ. මෑත කාලයේ ලංකාවේ  එක්තරා රූපවාහානී නාලිකාවක මොලයේ වම් පැත්ත සෘන ලෙසත් එම පැත්තෙන් කටයුතු කිරීම අනවශ්‍ය, පුද්ගලයන්ට අහිතකර බවත් පවසනු ඇසින. එවැනි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ම`ගින් සාමාන්‍ය ජනතාවට සිදුවන හානිය පිළිබ`දව කිසිම ආකාරයක නිවැරදි කිරීමක් මේ වන තෙක් දක්නට නොලැබුණි. මිනිසාගේ මොලයේ වම් පෙදෙස ක‍්‍රියාත්මක නොවන්නේ නම් අද අපට ගණකාධිකාරීන්, නීතීඥයින් වැනි පුද්ග...

මානසික උපදේශකයන්ගේ අනාගත කාර්යභාරය

මානසික රෝග සදහා ප‍්‍රථිකාර ලබා ගැනීමට පෙර සැලකිය විය යුතු කරුනු කීපයක්

මෑත කාලයේ ලංකාවේ මානසික රෝගීන්ගේ ප‍්‍රථිශතය ක‍්‍රම  ක‍්‍රමයෙන් ඉහල යෑමක් දක්නට ඇත. එයට විවිධ හේතූන් ඇතත් ඉන් ප‍්‍රධාන කොට පවතින තර`ගකාරී ජීවන රටාවද තදින්ම බලපාන බව ඔබ අප සිය`ඵ දෙනාම දන්නා කරුනකි. දියවැඩියාව, අම්ලපිත්ත වැනි රෝග වලටද මින් බලපෑමක් ඇතැයි කීවද, මෙම ජීවන රටාව විවේචනය කලද, සිය`ඵ දෙනාම එම රටාව තුලම සිට ඒ ගැන කථා කිරීමට සිදුවී ඇත. 2012 මැයි 13 ඉරිදා සංග‍්‍රහයක පලවූ ලිපියක් හා සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡුා කෙරෙනුයේ පුද්ගලයෙකුට, එසේත් නොමැතිව තම පවුලේ හෝ තම හිතවතෙකුගේ මානසික අසහනයක් ඇතිවූ විට හදුනා ගැනීමට, විස`දා ගැනීමට ප‍්‍රවිශ්ඨ විය යුතු නිවැරදි මාර්ග පිළිබදව දැනුවත් කිරීමටය.  මානසික රෝග වර්ධනයට සමගාමීව මානසික රෝග පිළිබදව සාකච්ඡුා කිරීමද ඒ සදහා ඇති ප‍්‍රථිකාර මධ්‍යස්ථාන, ප‍්‍රථිකාර ක‍්‍රම පිළිබදවද අද බොහෝ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වානිජ මට්මටින් වැඩි අවධානයක් යොමු කර ඇත. මෙම කරුනු සැලකිල්ලට ගැනීමේදී මානසික වෛද්‍යවරයාට අවශ්‍ය දැනුම මානසික රෝගියාට ලබාදීමත්, සාමාන්‍ය ජනතාවට රෝග වලින් මිදීමේ මූලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීම වෙනුවට රෝග විශ්ලේෂනය කිරීමේ නිර්නායක...

අභියෝගයක්ද? ප‍්‍රශ්ණයක්ද?

අද පවතින ජීවන රටාව හරි සංකීර්ණයි. මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. මෙහෙම අනන්තවත් කතා ටෙලි නාට්‍ය වල, චිත‍්‍රපටි වල, වේදිකාවල අහන්න දකින්න ලැබෙනවා. ඒ අතරට බණත් පැය 24 පුරාවට අඩුවක් නෑ. බණ කිව්වා කියල අපරාධ වල අඩුවකුත් නෑ. කියන බණ වල වැරැුද්දකුත් නෑ. හැම තැනම පන්සල්, පල්ලි, දේවස්තාන එතකොට මොකක්ද වෙලා තියෙන්නෙ සමාජයට. මේ සමාජ ක‍්‍රමය හරි නෑ කියලා අපිට මේ සංකීර්ණ ජීවන රටාවෙන් මිදෙන්න පු`ඵවන්ද? මේක ප‍්‍රශ්නයක් නම් උත්තරය බෑ. මේක අභියෝගයක් නම් උත්තරය පු`ඵවන්. එකම දෙයකට උත්තර දෙකක් තිබෙන්න පු`ඵවන්ද?    හො`දයි බලන්න පහල තියෙන පින්තූරය දිහා මේ පළමු පින්තූරය දිහා බැලූවම එක්කෙනෙකුට වයසක කාන්තාවක් බිම බලාගෙන ඉන්නවා වගේ පෙනේවි. තවත් කෙනෙකුට තරුණ ගෑනු ළමයෙක් අහක බලා ගෙන ඉන්නවා වගේ පෙනේවි. දෙවන පින්තූරය දිහා බැලූවම සුදු කොටුවක් දැක්ක කියයි. එහෙම උනේ කෙහොමද? ඇත්තටම කොටුවක් එතන තිබුනද? නෑ අපි හිතින් කොටුවක් ඇ`ද ගත්තා. ගොඩක් වෙලාවට කව්රුත් අපිව අන්දන්නෙ නෑ. අපිම ඇ`දගන්නවා. අද තියෙන්නෙ සෑම දෙයකම තර`ගකාරී ස්වභාවයක්. මේ තර`ගය නිසාම මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන්න බිහි වුන ආගම්ද අශිෂ්ඨ වෙලා....

හෙට ගොඩනැගෙන ශ්‍රී ලංකාව

රා ව ණ  රජුගේ ගුප්ත විද්‍යාවත්, පරාක‍්‍රමබාහු නරේන්ද්‍රයාගේ සහලින් සවයංපෝෂිත ඉතිහාසයත්, එදා වැව් දාගැබ් ඉදිකල තාක්ෂනයත් සහිත වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කිවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අතීතයේ පටන් වරින්වර කැරලි, යුධ, සටන් පාවාදීම් සිදුවුනද රොබට් නොක්ස් වර්ණනා කල උතුම් මිනිසුන් සිටි ශී‍්‍ර ලංකාද්වීපය අනාගතයේදී භෞතිකව දියුණුවලත් එහෙත් ලෝකයේ මිලෙච්ච වනචාරී සංස්කෘතියක් පවතින රටක් බවට පත් වෙමින් ඇත. මෙයට වගකිව යුත්තෝ අතීතයේ විසූවන් නම් ඒ අයට සාප කල හැක. අනාගත පරපුර නම් ඒ අයට දෙස් දෙවොල් තැබිය හැක. මේ දෙපිරසම නොවේ නම් වගකිව යුත්තෝ වර්තමානයේ වෙසෙන්නෝ අපම විය යුතුය. අතීතයේ විසූ රට පාලනය කලවුන් තමාට හරියයි සිතෙන එදාට ගැලපුන ජනතාවගේ සමාජයීය, මානසික, කායික, ආර්ථික, දියුණුව උදෙසා ක‍්‍රියා මාර්ග ගත්හ. නමුත් එදා ගත් තීන්දු තීරණ සමහරක් අද සමාජයට අහිතකර වී තිබීම එකල විසූ වන්නේ චින්තනයේ දුර්වලතාවයක් හෝ නූතන සමාජයට නොගැලපීමක් විය හැක. එසේනම් කල යුත්තේ වැරදුන තැන් නිවැරදි කරගැනීමෙන් හා අනාගතයේ එවැනි වැරදීම් ඇති නොවීමට කටයුතු කිරීමයි.  උදාහරණයක් ලෙස එස්.ඩබ්....

පුද්ගල ආකල්ප, රැුකියාව සහ වෘත්තිය

  පසුගිය දිනක එක්තරා පුවත් පතක අපචාර සම්බන්ධයෙන් 2012 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ලැබී ඇති පැමිණිලි සංඛාව 9,446ක් බවත් ඒ අතරින් 1,361ක් ළමා අපයෝජන සම්බන්ධ පැමිනිලි බව පලවී තිබුණි. එය 2011 වසරට සාපේක්ෂව 8%ක වර්ධනයකි. මෙයට  පිළිතුරු  දෙන  වගකිව   යුතු  ආයතනය   පෙන්වා දෙන්නේ එය වැඩිවීමක් නොවන අතර අපචාර පිලිබ`ද ජනතාව වැඩිපුර දැනුවත් කිරීම නිසා ඇතිවූ වාර්ථා  වීමේ වැඩි  වීමකි. වෙනත්  අයුරකින් පැවසුවහොත් ලංකාවේ අපචාර වැඩිවීමක් සිදුවී නොමැති අතර මාධ්‍ය විසින් මෙම සිද්ධි අනාවරණය කිරීමේ වැඩි වීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ දරා ඇත. සංඛ්‍යාලේඛන වලට විවිධ අර්ථකථන දීමෙන් රටක අපචාර වර්ධනය වෙනස් කල නොහැක. මෙම අපචාර සත්‍ය වශයෙන්ම රටෙන් තුරන් කිරීමට නම් මෙම ප‍්‍රකාශකයින් කරනුයේ රැුකියාවක්ද, වෘත්තියක්ද යන්නද ඔවුනට අවබෝධ කර දිය යුතුය. ළමා අපයෝජනය යනුවෙන් බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ ලිංගිකත්වය මත සිදුවන අපයෝජනයි. එහෙත් සැබෑ නිර්වචනය මෙසේය. ළමා අපයෝජන යනුවෙන් අදහස් කරන්නේ ළමයාගේ සෞඛ්‍යයට සහ වර්ධනයට ඇත්ත වශයෙන්ම හානිකර හෝ හානි කරවීමට මග සලසන, ළමයාව වේදනාව...

නිවන් සුව ලබන්නට ඉඩ දෙයිද ඉන්ද්‍රරතන හිමිට?

 ඉන්ද්‍රරතන හිමි  වෙනුවෙන් හඩක් නගන්නට  නොසිටි, උන්වහන්සේගේ අදහස් රටට  හෙළිනොකළ  මීඩියා, උන්වහන්සේගේ  ජීවිතය බෙරා නොගෙන  මළගම  සජීවීව  පෙන්වපු ස්වර්ණවාහිනිය, මළගම   මගුලක් කරගත් චන්ඩි පුජකවරු, තව  කොටසක් හෙට දින උන්වහන්සේගේ නමින්  බිහිකරගෙන ඉන්ද්‍රරතන පදනමක්. . .   මහජන  චන්දයෙන් යාවි පාර්ලිමේන්තුවට  හෙළ කරුමය  වගේ.  හදාවී පිළිම.... මවාවී දුක....  ජිවනොපයක් කර ගනීවි දැවුණ ඉන්ද්‍රරතන  දේහය. ගව ඝාතනය සිදුවේවි පෙර සේම.  කොටසක් ගහවි මඩ. දළදා සමිදු අබියස දැවුණු  තම ශරීරයට වඩා දැවෙමින් උන්වහන්සේ සෝම  හිමි වෙත ගොහින් පවසනු ඇත මෙලෙසින.  ,සසර අවබෝධ ලැබුවෙමි මිදුණු පසු   දුර්ජනයන්ගෙන් මම ,

බොදු බල සේනාව සහ හබන් කුකුලෝ

අප රටේ ගොඩ නැගෙන ජාතිවාදී ප‍්‍රශ්ණය තුල ලකුණු දාගන්නා දේශපාලන, ව්‍යාපාරික, ආගමික බංකොලොත් හබන් කුකුලන්ගේ වියරුවක් මේ දිනවල විවිධ මාධ්‍යයන්ගෙන් පෙනේ. මේ ප‍්‍රශ්නය ඇති වීම වර්තමානයට අහිතකර ලෙස පෙනුනත් එයට මුහුණ දීමේ වෙනත් ක‍්‍රමයක් තිබේද යන්න ගැට`ඵවකි. ඉවසීම සහ නෝන්ජල්කම් අතර ඇත්තේ සු`ඵ වෙනසකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදයට වසර ගණනාවක් සාකච්ඡුාවෙන් මෛත‍්‍රියෙන් විස`දුම් සෙවීමට ගිය සමහර දේශපාලන නායකයින්ට වන්දි ගෙවීමට සිදු වූයේ තම ජීවිත වලිනි. තවද සිංහල දෙමල විශාල ජන සංඛ්‍යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. තවත් එවැනි ජාති වාදී ව්‍යවසන ශ‍්‍රී ලංකාව තුල සිදු නොවිය යුතුය. අනන්තවත් අන්තවාදය නිසා මිය යන්නේ අසරණයින්ය. ත‍්‍රස්තවාදයට ත‍්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීම විනා සාම භාවනාවෙන් හෝ සාම පා ගමන් වලින් මෙවැනි ක‍්‍රියා නතර කල නොහැක. එක් යුගයක සාමය වෙනුවෙන් සිය`ඵ ජාතීන් එකතු වී කොළඹදී අත් වැල් අල්ලා ගෙන සාම ගී ගැයූ යුගයක්ද විය. ඉන් ප‍්‍රභාකරන්ගේ හිත උනු කිරීමට නොහැකි වූවා සේම එය සිංහල ජාතියේ නෝංජල් කමක් ලෙස සලකා ප‍්‍රභාකරන්ගේ තව තවත් කුරිරු ප‍්‍රහාර වැඩි විය. තවත් වරක සාම ස...